IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


වාස් ගුණවර්ධනයේ අභියාචනය ලබන වසරට කල් යයි

තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ 
 
බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සමබ්නධයෙන් පැවති අධිචෝදනා නඩු විභාගයෙන් මරණ දඬුවම නියමව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ,ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් සය දෙනා විසින් ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම්  ලබන වසරේ ජනවාරි  මස 29 දින විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද  නියෝග කළේය.
 
මරණ දඬුවම නියම කරමින් මහාධිකරණය ලබා දුන් එම තීන්දුව ඉවත් කොට ,තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම   පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමට නියමිතව තිබුණද එය  ද්වි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීම හේතුවෙන් එම විශේෂ අභියාචන පෙත්සම සලකා බැලීම මෙදිනට කල් තැබිණි.
 
මෙම අභියාචන පෙත්සම් අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් සහ ප‍්‍රියන්ත ජයවර්ධන යන මහත්මවරුන් ඉදිරියේ කැඳවිණි.
 
කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් තමන් නිවැරදිකරුවන් වන බවත් ,එබැවින් අදාළ දඬුවමින් තමන් මුදා හරින ලෙසත් ඉල්ලා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ,ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන, උප පොලිස් පරීක්ෂක ලක්මිණි ඉන්දික බමුණුසිංහ , පොලිස් සැරයන් ගාමිණී අතපත්තු සරත්චන්ද්‍ර ,පොලිස් කොස්තාපල්වරුන් වන ආනන්ද ප‍්‍රියන්ත සංජීව ,කැලූම් රංග දිසානායක යන පෙත්සම්කාර චූදිතයින් සිය අභියාචන පෙත්සම් වලින් ඉල්ලා තිබිණි.
 
මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නීතීපතිවරයා නම් ඇත.
 
2013 අපේ‍්‍රල් මස 04 වැනිදාත් මැයි මස 22 වැනිදාත් අතර කාලයේදී කොළමදී මොහොමඞ් ෆවුස්ඞීන් සහ ක‍්‍රිෂාන්ත කොරළගේ නැමැත්තන් සමඟ එක්ව මොහොමඞ් අහමදීන් මොහොමඞ් සියාම් නැමැත්තා මරා දැමීමට කුමන්ත‍්‍රණය කරන ලදැයි මෙම සියලූම විත්තිකරුවන්ට එරෙහිව නීතිපති අධි චෝදනා නඟා තිබිණි. තවද මොහොමඞ් සියාම් නැමැත්තා පැහැරගෙන ගොස් දොම්පේ ප‍්‍රදේශයේදී ඝාතනය කරන ලදැයි 2 සිට 6 දක්වා විත්තිකරුවන්ට එරෙහිව ද , ඒ සඳහා ඔවුන් ආධාර අනුබල ලබා දෙන ලදැයි වාස් ගුණවර්ධන මහතාට එරෙහිව 2014.04.17 වැනිදා නීතිපති අධිචෝදනා ගොනු කර තිබිණි.



අදහස් (4)

වාස් ගුණවර්ධනයේ අභියාචනය ලබන වසරට කල් යයි

Uditha - London Wednesday, 26 September 2018 04:32 AM

මරණ දඬුවම නියම කරමින් මහාධිකරණය ලබා දුන් එම තීන්දුව ඉවත් කොට ,තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා පෙත්සම් ගොනු කලහම .. ඔහුව නිදහස් කරන්නේ කිනම් නිර්ණායකයක් උඩද? මරණ දඩුවම නියම කරලා උසාවියෙන් තීන්දු කලහම අපහු තමන්ව නිදහස් කරන්න කියල පෙත්සම් දාල කොහොමද නිදහස් කරන්නේ උසාවියෙන්. එහෙම බැලුවොත් මරණ දඩුවම ලැබිලා සිරගත වෙලා ඉන්න අනික් සිරකරුවොත් ඔහොම පෙත්සම් දාල පුලුවන්ද තමන්ව නිදොස් කොට නිදහස් කරන්න කියන්න. මා වැරදි නම් හරි දේ කියා දෙන්න කෙනෙක් ඉන්නවද?

:       0       45

SAHEEDWednesday, 26 September 2018 07:08 AM

මෙය ඉල්ලීමක් පමණි

:       0       180

Uditha - London Wednesday, 26 September 2018 07:38 AM

කෙනෙක්ට මරණ දඩුවම උසාවියෙන් තීන්දුවට පත් කරනවා කියන්නේ දෙන්න පුළුවන් ඉහලම දඩුවම සහ එම දඩුවම චුදිතයට නියම කරන්නේ ඔහු ඒ සා ගැලපෙන අපරාධයක් දණ්ඩ නීති සංග්‍රහය අනුව කර ඇති නිසාවෙනි. එසේ බැලූ කල එවැනි දරුණු ගනයේ අපරාධයක් කල කෙනෙක් අඩුම තරමේ මෝෂන් එකක් ඉල්ලුම් කිරීමත් විහිළුවක්. ගරු අධිකරණය මෙවෙනි අපරාධ කරුවෙක් නැවත සමාජයට මුදා හැරීම ගැන තවත් සිතා බැලිය යුතු කරුණකි.

:       0       172

Senarath Wednesday, 26 September 2018 09:04 AM

අපේ රටේ පොලිසිය ගැන මෑතක හොද හෙලිදරුව්වක් උනානේ. මම හිතන්නේ ඒ ඇති පොලිසියේ සමහර නිලධාන්ගේ රාජකාරි වල අවංක බාවය මැනගන්න. ඕනේ තරම් අහිංසකයෝ හිරේ දානවා බොරු චෝදනා කරලා.

:       0       52

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 805 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1809 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 2093 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1108 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 294 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2255 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1641 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site