IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ව්‍යවස්ථාව කියන්නේ සෙල්ලම්කරන්න පුළුවන් එකක් නෙමේ

මුදිතා දයානන්ද
 
          
ලංකා ඉතිහාසයේ පළමු වතාවට විධායක ජනාධිපතිවරයෙක් ගත් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බලරහිත කිරිමෙන් යළි යළිත් තහවුරු කර තිබෙනවා රටක ව්‍යවස්ථාව කාටවත්  ඕන  ඕන හැටියට කෙළිබඩුවක් කරගන්න බැහැ කියලා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා අද  (14) පැවසීය.
 
ඔහු මේ බව පැවසුයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී වන අතර තවදුරටත් මෙසේ ද පැවසීය.
 
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ජනාධිපති තමන්ට කැමති විදිහට ආණ්ඩුවක් පත්කරලා ඒ ගැන කතා කරන්න තිබෙන ප‍්‍රධානම ආයතනය වන පාර්ලිමේන්තුව වහලා දාලා කුමන්ත‍්‍රණයක් කළ අවස්ථාවේ සිටම මේක අපි අනිවාර්යයෙන්ම පරද්දනවා කියලා කිව්වා. ඒ වගේම අපි ඒක දැන් පැරැද්දුවා. එය සනිටුහන් කරන ශ්‍රේෂ්ඨාධිකරණයේ ඓතිහාසික තීන්දුව ඊයේ ප‍්‍රකාශයට පත්වුණා. එය එජාපයේ හෝ රනිල් වික‍්‍රමසිංහගේ හෝ ජයග‍්‍රහණයක් නෙවෙයි, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ජයග‍්‍රහණයක්. ඒ ජයග‍්‍රහණය ලැබුණේ 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නිසයි.
 
තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් සත්පුද්ගල විනිසුරු මඩුල්ල පැවසුවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීන්දුව නිසා ජනතාවගේ ඡන්ද අයිතිය ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය උල්ලංඝණය කර ඇති බවයි. 
 
ජනතාව ඡන්දයෙන් පත්කළ පාර්ලිමේන්තුවක නියෝජිතයින් එක් පුද්ගලයකුගේ තනි උවමනාව මත නියමිත කාලයට පෙර ඉවත් කරන්න බැරි බවයි.  ඒ වගේම 12 (1) වගන්තියෙන් සෑම පුද්ගලයකුටම සමානව සැළකිය යුතු බව කියනවා. කිසියම් පුද්ගලයකුට තවත් අයකුගේ අයිතීන් අත්තනෝමතික ලෙස උල්ලංඝණය කරන්න බැරි බව මේ විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නා. 

ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි

 



අදහස් (27)

ව්‍යවස්ථාව කියන්නේ සෙල්ලම්කරන්න පුළුවන් එකක් නෙමේ

Raveendra Friday, 14 December 2018 09:26 AM

අම්මපා... අපි අදමනේ දැනගත්තේ? මේ උන්දැ හොඳ වෙලාවට අපිට කියලා දුන්නේ...

:       1337       1092

Sanath KandyFriday, 14 December 2018 10:31 AM

ඔයා විතරක් නෙවෙයි රටේ ඉහළම පුටුවල ඉන්න අයත් දැනගෙන ඉඳලා නෑනේ. ඊයේ ශ්‍රේෂ්ටාධිකරණයෙන් තමයි එයාලටත් කියලා දුන්නේ.

:       14       772

RaveendraFriday, 14 December 2018 11:32 AM

Sanath Kandy මයා වෙත, ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. පළමුව අප අද රටේ තිබෙන රතු, කොළ, නිල් නමැති පක්ෂවලට වර්ණ ආලේප නොකරන්නෙමු. කිසිදු පක්ෂයකට ගැති නොවී අප අපට අවංක වෙමු. " හොද දෙයට කවුරු කලත් " හොදයි කීමට මනස සාදා ගමු. කිසිදු පක්ෂයකට ගැති නොවෙමු.

:       84       266

මාවිල්මඩ වජිර හිමි Friday, 14 December 2018 10:44 AM

ව්‍යවස්ථා විරොධී කුමන්ත්‍රණය පරාජය කිරීමට නායකත්වය දුන් ජවිපෙට රටම ණයගැතියි. අපේ රට අනතුරකට මුහුණ දුන් හැමවෙලේම ඒවා පරාජය කර රට දිනවූවේ ජවිපෙ. 88,89 ඉන්දියානු ආක්‍රමණකාරී හමුදාව එලවන්න සටන් කළේ ජවිපෙයි. රනිල් ප්‍රභා ගිවිසුම පැරද්දුවේ ජවිපෙ. චන්ද්‍රිකාගේ සුනාමි සහන මණ්ඩලය පැරද්දුවේ ජවිපෙ. උතුරු නැගෙනහිර නඩු කියලා වෙන් කරේ ජවිපෙ. 17, 19 ව්‍යවස්ථා සංශෝධන වලින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළේ ජවිපෙ. කවුරු අවලාද නැගුවත් රටට ආදරේ කරන මිනිසුන් සිටින එකම පක්ෂය ජවිපෙ...

:       146       2160

V.warnakulasuriyaFriday, 14 December 2018 10:48 PM

බොහෝවිට පට්ට හොරුන්ට ලැජ්ජා නැතිවිදියට කඩේ යන භික්ෂු සමාජයක් ඉන්න රටක වජිර හිමියන්ගේ මෙම ප්‍රකාශය අපි ඉතා ගරු කොට සළකමු. සත්‍ය දැකීම තරම් උතුම් ධර්මයක් ලොව තවත් නැත...

:       0       0

BamunuarachchiFriday, 14 December 2018 11:56 PM

හාමුදුරුවනේ දැන් ජනතාව අනතුරින් ගොඩ ආවාද? ජේවීපිය, ජනතාවට තිබෙන රජයට ඇති කැමැත්ත අකමැත්ත පෙන්වීමට තිබූ අවස්ථාව නැතිකළා කියන එක පෙනෙන්නේ නැද්ද? ජේවීපියේ නියම ස්වරූපය අපි නම් දැක්කා. ජේවීපිය අපිට නම් හරි නැහැ. ඡන්දය දෙන්න කෙනෙක් නැති වුනාම දුන්නේ ජේවීපියට. මින්පසු එය කරන්නෙත් නැත...

:       0       0

gunarathnaSaturday, 15 December 2018 01:25 AM

ඔය කියන සේරම ඇත්ත. අමතක වුනේ රටේ රජය දේපල විනාශ කරපුවා, අමු අමුවේ මරපු ඒවා, හමුදා නිලධාරීන්ව මරපුවා, කලාකාරයෝ මරපුවා,.මේ සේරම කෙරුවේ ප්‍රජාතන්ත්‍රවාදේ වෙනුවෙන්ද?

:       29       49

Ajith NissankaSaturday, 15 December 2018 04:20 PM

88-89 කාලේ අපිට හොදට මතකයී. වෙච්ච විනාශයට හේතු හුග දෙනකුට අමතකයී.

:       0       0

BamunuarachchiSunday, 16 December 2018 10:54 AM

හාමුදුරුවනේ ඔබටදෙන පිළිතුරු පලවෙන්නේ නැහැ. මුස්ලිම් පත්තර මෑන් කෙනෙක් මෙතනට ආවොත් ඔන්න දුවන්න දෙන්න පුළුවන්.

:       0       0

Shyam Friday, 14 December 2018 09:47 AM

දෙපැත්තටම දීලා බැලුවා, ජනතා විමුක්ති පෙරමුණට තමයි මෙවර...

:       496       1733

BamunuarachchiSunday, 16 December 2018 11:02 AM

මෙවර ජේවීපිය 2ට බහිනවා... මෙන්න කැට...

:       0       0

Cisco Friday, 14 December 2018 10:08 AM

අපොයි ඔව් තනිකරම අච්චාරුවක්...

:       225       6

මුනසිංහ Friday, 14 December 2018 10:17 AM

එතකොට 88-89 කාලේ මොකක් එක්කද සෙල්ලම් කළේ?

:       560       583

BamunuarachchiFriday, 14 December 2018 04:27 PM

මේ අයගේ හිතේ අපිත් ඊයේ ඉපදුනා කියලා.

:       133       138

Chris Friday, 14 December 2018 10:33 AM

87,88,89 කාලවලදී තරුණයන් උලතියා ටයර් දමා පිළිස්සුවේ මොන ව්‍යස්ථාවට අනුවද කියලත් හොයලා බැලුවා නම් හොඳයි කියලා ඔබතුමාට හිතෙන්නේ නැද්ද?

:       348       411

Ajith NissankaFriday, 14 December 2018 03:31 PM

88-89 කාලේ මොන ප්‍රජතන්ත්‍රවාදයක්ද? 2010-2015 කාලේ තිබ්බ රජ පවුලේ සුදු වෑන් ප්‍රජාතන්ත්‍රවාදය තමා JR ලොක්ක ගාව තිබුනේ, 5/6 ක බලයක් හොර ජනමත විචාරණ දාලා දික්කරගෙන තමන්ට ඕනෑ විදියට වැඩ කරන ආණ්ඩුවක් තිබුනේ! ඒකට මුහුණ දෙන්න විපක්ෂයක් තිබුණෙත් නැහැ!

:       0       143

BamunuarachchiSunday, 16 December 2018 10:58 AM

ඒ කියන්නේ කවුරු ආණ්ඩු කළත් සුදු වෑන් ඕනේ... ඒවායේ යන්න සුදුසු අය යාවි... අපි මක්කටෙයි කලබල වෙන්නේ?

:       0       0

රවින් Friday, 14 December 2018 10:34 AM

මේක නොදත් අපේ පුතාලා, විහින් නහි... හැමදෙනාලා. ඕක අහන්න ඕනේ රෑ ඩැනියෙල් දවල් මිගෙල්ගෙන්...

:       19       68

indra Friday, 14 December 2018 11:24 AM

මහ බැංකුව කැඩුවේ ව්‍යවස්ථාව අනුවද?

:       237       214

Bandula. Friday, 14 December 2018 11:24 AM

මෙදා පාර ගෙදර, තවත් දොඩවන්න එපා.

:       409       724

ධනුෂ්කFriday, 14 December 2018 02:13 PM

බන්දුල ජ.වි.පෙ යනු තනි පුද්ගලයෙක් වටා ගොඩනැගුනු පක්ෂයක් නොව ප්‍රතිපත්තිමය කරුණු මත ගොඩනැගුනු කණ්ඩායමක්. එය 60000 ක සාමාජිකත්වය ලෙයින් යකඩින් මර්ධනය කර ඉවරටම ඉවරයි කිව්වත් විනාශ කරන්න බැරි වුනා. මොනාද ඔබතුමා මේ දකින දවල් හීන.

:       44       113

Athula Gunasena Friday, 14 December 2018 11:49 AM

ඒ වගේම තමයි ව්‍යවස්ථාව එක එක එක්කෙනාට ඕන විදියට වෙනස් කරන්නත් සුදුසු නැහැ නේද?

:       0       394

සමන්ත Friday, 14 December 2018 09:17 PM

අනේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ දන්නා දෙයක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ ගැන අපිට වඩා ඔබ වහන්සේ දැනගන්න විදියක් තියෙනවා කියලා මම නම් හිතන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණට හොඳ කොල්ලෝ හිටියා තමයි දැනටත් අවංක අභිලාෂයන් තියෙන අය ඉන්නවා තමයි. හැබැයි ඔය ඔබ වහන්සේ කියන ආකාරයේ මානව දයාවක් හෝ රට ගලවා ගැනීමේ මෙහෙයුමක් කලේ නැහැ. එහෙම අභිලාෂයන් තිබුණු අය හිටියට, ඒ හැමෝම මරලා දැම්මා. නැත්නම් පන්නලා දැම්මා. හැමවිටම ජනතා විමුක්ති පෙරමුණ තෝරාගත්තේ තමන්ගේ වාසියට... මිනිස්සු බය කිරීම් කලාව. ප්‍රජාතන්ත්‍රවාදය ගැන දැන් කතා කළාට එදා දැනගෙනවත් හිටියේ නැහැ. එ්ත් අනාගතයේදීවත් ඒවා තේරුම් අරන් සමාජ ප්‍රජාත්නත්‍රවාදී ගමන් මගක ගියොත් රටට යහපතක් වෙයි...

:       0       0

Bamunuarachchi Saturday, 15 December 2018 12:16 AM

ඉතින් හැමදාම 60000 තමයි. 2001 ඡන්දෙදි 815553 ගත්ත ජේවීපිය 2015 දී ගත්තේ 543944 යි. ජේවීපිය ක්‍රමයෙන් පිරිහෙන බව නොපෙනෙන්නේ කොහේ ඇති දෝෂයක් නිසාද?

:       0       0

Bandu Saturday, 15 December 2018 12:21 AM

දැන් නින්ද යයි. ඔයාලට ගැලපෙන අගමැති. රටම දැනගත්තා ජවිපය මොකක්ද කියලා...

:       0       0

rocky Saturday, 15 December 2018 10:03 AM

සෙල්ලම් බඩුවක් නම් නොවෙයි. එ්ත් පාර්ලිමේන්තුව ඇතුලෙදි ඒකෙන් කාට හරි දමල ගහන්න පුළුවනි!

:       0       2

vidya Sunday, 16 December 2018 03:11 AM

ඉල්ලා ගන්න කෘෂි කාර්ම අමාත්‍යංශය. හරියට කරලා පෙන්වන්න. ඔයාලා හොඳට කතා කලට කවදාවක් තනිකර බලයක් එන්නේ නැහැ . එම නිසා මම ඉස්සරත් කියල තියනවා. මම කියපු අමාත්‍යංශය භාර ගෙන අඩුම තරමේ වැව් අමුණු ටික පිළිසකර කරලා පෙන්වන්න. චීනයේ සහ රුසියාවේ හරිගිය නැති යල් පැනපු කොමිස්ට් වාදය කිසිම රටක හරි ගිහින් නැහැ. චීනය මොන දියුණුවක් තිබුණත් මිනිස්සු ඉන්නේ පැය 24ම භයේ. උතුරු කොමිස්ට් කොරියාව පාලනය කරන්නේ යම පල්ලෙක්. කියුබන් මිනිස්සු හිඟ නොකා හිඟ කනවා. දැන් ඔය තරුණ ඡන්දය දාන්න බලාගෙන ඉන්න ළමයි සමාජ මාධ්‍ය ඇසුරෙන් හොඳට තොරතොරු දන්නා පිරිසක් මේ විහිලුවට කියන දෙයක් නෙමේ මල්ලි. ජනාධිපති තුමනි අගමැති තුමනි මේ ගොල්ලගෙ ඇඟේ කොහොම හරි අමාත්‍යංශයත් ගහන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 6 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 172 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 198 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 503 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 345 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 850 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site