(කාංචන කුමාර ආරියදාස)
ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරස්ථානය ඉදිරිපිට මීටර් 800ක් පමණ දුරින් දඹුලු රජමහා විහාරස්ථානයට අයත් ඉඩමක වළගම්බා රජුගේ වස්තුව තැන්පත් කර ඇතැයි පවසා කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයන් 5 දෙනෙකු බැකෝ යන්ත්‍රයක් ද සමඟ අද (21 ) සැකපිට දඹුල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා සහ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒ .ටි . බණ්ඩාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර තිබේ.
දඹුලු රජමහ විහාරය පෙනෙන මානයේ ස්ථානයක වගා ළිදක් කපන මුවාවෙන් විශාල ගල් වළක් හාරමින් මෙම පිරිස නිධන් සෙවීමේ කටයුත්තක නිරතව සිටි බව පොලිසිය කියයි.
ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරය කරවූ වළගම්බා රජුගේ වස්තුව මෙම ස්ථානයේ තැන්පත් කොට ඇතැයි පවසමින් එම වස්තුව සොයා මෙම කැණීම් සිදුකර තිබෙන බව පොලිසිය කියයි.
මෙසේ කැණීම් සිදුකරමින් සිට අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ සහ දඹුල්ල අවට පදිංචි තරුණයන් පස් දෙනෙකු බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ බැකෝ යන්ත්‍රය දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරය ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක අඹගස්වැවේ ශ්‍රී රාහුල නාහිමියන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට නියමිත බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.
මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව
ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා
ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත
අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප
උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වළගම්බා රජ දවසේ පුරාවස්තු සොයා කැණිම් කළ 05 ක් අත්අඩංගුවට
kap Monday, 21 January 2019 12:40 PM
පුරාවස්තු පොළව යට තියල මොකටද? මේවා නීති දාලා හාරන්න ඕනේ...