(චන්ද්‍රසේන ගමගේ)
රෝහල් අපද්‍රව්‍ය බවට සැක කරනු ලබන අපද්‍රව්‍ය තොගයක් වළ දමා තිබූ ස්ථානයක් හම්බන්තොට ගොන්නෝරුව හැඩිල්ල ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන තිබේ.
මහවැලි රක්ෂිතයකට අයත් භූමියක් තුළ මෙම රෝහල් අප ද්‍රව්‍ය වළ දමා ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
හැඩිල්ල ප්‍රදේශයේ ඇති ඝණ වනාන්තරයක් බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් එළි පෙහෙළි කර මෙම අප ද්‍රව්‍ය වළ දමා ඇති අතර රොහල් අපද්‍රව්‍යවල කොටස් ප්‍රදේශය පුරා විසිරී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසිය පරීක්ෂණ පවත්වන අතර ඔවුන් සැක කරනු ලබන්නේ සෙවනගල කුමාරපුර හා සමගිපුර යන ප්‍රදේශවල වළ දමා නැවත ගොඩ ගත් රෝහල් අප ද්‍රව්‍ය මෙම ස්ථානයට ගෙනවිත් වළ දමන්නට ඇති බවයි.
හැඩිල්ල ප්‍රදේශවාසීන් පවසන්නේ වළ දමා ඇති රොහල් අපද්‍රව්‍ය නිසා ප්‍රදේශය පුරා දැඩි දුර්ඝන්ධයක් පවතින බවත් වර්ෂාවත් සමඟ එම අපද්‍රව්‍ය හැඩිල්ල වැවට මුසු විය හැකි බවත්ය.ප්‍රදේශයේ ජනතාව හැඩිල්ල වැවේ ජලය පානීය අවශ්‍යතා සඳහා භාවිතා කරන බවත් ප්‍රදේශවාසීහු පවසති.
මෙම රෝහල් අපද්‍රව්‍ය නීති විරෝධීව වළ දමන ලද පුද්ගලයන් පිළිබඳව හම්බන්තොට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ ඊට අමතරව හම්බන්තොට මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය හා හම්බන්තොට ප්‍රාදේශීය සභාව මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පියවර ගෙන තිබේ.
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වළ දමා තිබූ තවත් රෝහල් අපද්‍රව්‍ය තොගයක් සොයාගනී