IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වසර තුනකින් විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගෙන නෑ

(රංජන් කස්තුරි)

අධ්‍යාපන විද්‍යාපීඨවලට වසර තුනකින් සිසුන් බඳවා ගෙන නැතැයි වාර්තාවේ.අධ්‍යාපන විද්‍යාපීඨ වලට වසරකට සිසුන් 3500ක් පමණ ගුරු පුහුණුව සඳහා බඳවා ගන්නා අතර එමගින් වාර්ෂිකව ඇතිවන ගුරු හිඟයට විසඳුම් ලබා දෙන බවද ගුරු සංගම් සඳහන් කරයි.

අවසන් වරට විද්‍යාපීඨවලට සිසුන් බඳවාගෙන ඇත්තේ 2015 වසරේ වන අතර ඉන්පසුව 2016 , 2017 සහ 2018 වසර සඳහා බඳවා ගැනීම් සිදුකර නැත.

රටපුරා අධ්‍යාපන විද්‍යාපීඨ 19ක් තිබෙන අතර වාර්ෂිකව ගුරු පුහුණුව සඳහා ඒවාට සිසුන් බඳවා ගැනීම සිදුකෙරේ.



අදහස් (14)

වසර තුනකින් විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගෙන නෑ

Kanishka Friday, 18 January 2019 03:30 PM

ඒවානම් බොරු...

:       13       27

HiruSaturday, 19 January 2019 02:05 AM

ඇත්ත.

:       0       10

Appuhami Friday, 18 January 2019 06:51 PM

උපාධි ධාරීන්ට ගුරුපත්වීම් දුන්නා නම් ඉවරයි. ඔයටික වහලා දාන්න තියෙන්නේ.

:       1222       41

RaveendraSaturday, 19 January 2019 03:11 AM

Appuhami මයා වෙත, ඔබගේ අදහස් වල‍ට අප ගරු කරන්නෙමු. නමුත් එය අර්ථ ශුන්‍ය යයි කීමටද කැමැත්තෙමු. (කරුණාකර අප උපාධිධාරීන්ට අවමන් කරනවයි නොසිතන්න). උපාධියක් ලැබූ පමණින් කෙනෙකු අංගසම්පූර්ණ පුද්ගලයෙක් නොවන අතර මෙලොව තිබෙනා සියලුම දැනුම් සම්භාරය ඔවුන් ලග නොමැති බවත් කිව යුතුයි. තවද ගුරු වෘත්තිය යනු රටක අනාගත පරපුර නිසිමගට ගෙන යන මුර දේවතාවන්ය. විශේෂයේ බාලාංශ පන්තිවලට උගන්වන ගුරුවරුන් මෙහිදී කැපී පෙනෙනු ඇත. එබැවින් ගුවරුන් සඳහා වෙනමම පුහුණු කිරීම තිබිය යුතුමය. ලෝකයේ ඕනෑම රටක ඉගෙනීමේ කටයුතු සොයා බැලීමෙන් ඔබටම අපගේ අදහස් වැරදි ද නිවැරදි ද යන්න තීරණය කරගත හැක. අවසාන වශයෙන් මෙයද සඳහන් කිරීමට කැමැත්තෙමු." ගුරුවරු යනු සියල්ල දන්නෝ නොවෙන බවත්ය."

:       7       328

NiroshanaSaturday, 19 January 2019 03:49 AM

විද්‍යා පීඨ ගැන දන්නැත්නම් නිකන් ඉන්න මෝඩකතා නොකියා.

:       0       6

BamunuarachchiSaturday, 19 January 2019 06:32 AM

අප්පුහාමි, ඉගැන්වීම කලාවක් නැතිනම් සයන්ස් එකක්... ඉගැන්වීම හැමකෙනාටම කරන්න බැරිය. ඔබ පාසල් යන කාලයේ "ඒ සර් උගන්වන ඒවා තේරෙන්නේ නැහැ බං" කියා නැද්ද? නමුත් ඒ ගුරුවරයාත් උපාධිධාරියෙකි. ඉගැන්වීමද පුහුණුවක් ලබා කළයුත්තකි. මමද 1967 මහරගම ගුරුපුහුණුව සඳහා තේරුනෙමි. නමුත් රජයේ රැකියා කීපයක් අතේ තිබුන හෙයින් ඉතා සුදුසු වෙනත් රජයේ රැකියාවක් තෝරා ගත්තෙමි.

:       0       47

maheshikaSaturday, 19 January 2019 10:37 AM

මෝඩකම තිබුණට ප්‍රදර්ශනය කරන්න එපා. විශ්ව විද්‍යාලවල ළමුන්ගේ මනස තේරුම්ගන්න වෙනම පටමල නැහැ මම දන්නා තරමින්. අනික ඔය උපාධිය ගන්න කම් වැඩිපුර කාලයක් ගත කරන්නේ අට්ටලවලානේ. තව කොටසක් බෝඩ් අල්ල පාරවල් දිගේ ඇවිදිනවා. එහෙම කරපු කට්ටියට ළමයින්ට උගන්වන්න හිත සංවර කරගන්න අමරුයි . ළමන්ට උගන්වන්න වෙනම පුහුණුවක් අත්‍යවශයි දරුවන්ගේ මනස වෙන වෙනම අධ්‍යයනය කළ යුතුය . අප්පුහමිලට මෙය නොතේරෙන එක තමා පුදුමේ.

:       0       44

Kumara Friday, 18 January 2019 08:26 PM

අප්පුහාමි ඔබේ නම නම් හරියටම ගැලපෙන එකක්... උපාධිය තිබූ පමණින් ගුරු පත්විම් ලබාගත් පමණින් ගුරුවරුන් වෙන්න බෑ. ඒකට ළමයා කියන්නේ කවුද කියා හොඳ අවබෝධයක් තියෙන්න ඕනෑ. ගුරුවරයෙකුට ඒ පිළිබඳව දැනුම නැතුව සාර්ථක වෙන්න බෑ. විද්‍යාපීඨ වලින් කරන්නේ ඒ සඳහා පුහුණුවක් ලබාදීම. ඒ පුහුණුව සාර්ථක ගුරුවරයෙකුගේ අඩිතාලමයි. දියුණු රටවල ගුරුවරුන් හට උපාධිය සමග අධ්‍යාපන පශ්චාත් ඩිප්ලෝමාව අනිවාර්යෙන්ම තිබිය යුතුයි. එහෙම නැතිනම් අධ්‍යාපනය පිළිබඳව උපාධිය තිබිය යුතුයි.

:       2       223

prabha Saturday, 19 January 2019 12:29 AM

කුමාර ඔබ හරි

:       1       19

K.M.G.W. Abeyratne Saturday, 19 January 2019 01:36 AM

උපධි ධාරින්ට වසරක ගුරු පුහුණුවක් ලබා දීල රජයේ ගුරු පත්වීම් දෙන්න

:       107       32

ajith Saturday, 19 January 2019 01:41 AM

වසර 2න් දෙකට නේද විද්‍යා පීඨවලට සිසුන් ඇතුලත් කරන්නේ ? 2017 වසරේ අයදුම්පත් කැඳවා තිබුණ .මතකයි.

:       23       3

Babdara Saturday, 19 January 2019 07:18 AM

පට්ටපල් බොරු... 2018 වසරේදී සියලුම පීඨවලට සිසුන් බඳවාගත්තා. මගේ දුවත් තේරුණා.

:       1       36

ajith Saturday, 19 January 2019 07:33 PM

විද්‍යාපීඨවල අය සුදු අඳින්නේ මොකද? දන්නේ නැති නිසා අහන්නේ...

:       0       0

Dhana Sunday, 20 January 2019 06:04 AM

2018 ගත්තේ 2015 විභාග කරපු ළමයි.. 2016 උ.පෙළ කරපු ළමයි තාම ගෙවල්වල.. හරි නම් මේ වනවිට අයදුම්පත්‍ර කැඳවන්න ඕනේ. එ්ත් තාම නෑ. කතාව අැත්ත. අවුරුදු 3ක ළමයි තාම අරන් නෑ..

:       30       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 116 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 1739 1

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 437 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 960 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 135 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 91 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1413 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site