IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


වසර 6000 ක් පැරණි සිතියමක් වැලිගෙපොලින් හමුවෙයි

(චාමින්ද දිසානායක )

ශ්‍රි ලංකාවේ පැරණිතම සිතියම වැලිගෙපල පරගහමඩිත්ත බාදාහේන ගල්ගුහාවෙන් සොයාගැනිමට මේ දිනවල ඒ ආශිතව කැණිම් කටයුතු සිදුකරන  මහාචාර්ය රාජ් සෝමදේව මහතාට හැකිවි තිබේ.
මෙම සිතියම මිට වසර 6000කට පමණ එපිටදි මෙම ලෙන්තුල ජිවත් වු මානවයන් විසින් කරවන ලද එකක් බව සෝමදේව මහතා පවසයි. දිගින් අඩි හයක් සහ පළලින් අඩි හතරක් පමණ වන මෙම පුවරැව පිහිටි ගලේ තිත් සටහන් 500කින් පමණ නිර්මාණය කර තිබේ. මින් පෙර ලංකාවේ කිසිදු තැනකින් මෙවැනි සිතියමක් හමු වි නොමැති බව ලංකාදිපයට අදහස් දක්වමින් රාජ් සෝමදේව මහතා කීය.

ලෝකයේ වෙනත් රටවලින් මෙවැනි සිතියම් 18 ක් පමණ හමු වී තිබෙන අතර මෙය 19 වැනි එක බව ද ඔහු කීවේය.


 



අදහස් (11)

වසර 6000 ක් පැරණි සිතියමක් වැලිගෙපොලින් හමුවෙයි

thamindu dulvan Monday, 21 August 2017 03:31 PM

මේ වගේ එදා දියුණු ජාතියක් නේද? අද යූඑන්පී, ශ්‍රී ලංකා කියලා වනචාරියෝ වෙලානේ ඉන්නේ?

:       2       1325

sachithTuesday, 22 August 2017 02:59 AM

අවුරුදු දහස් ගණනක් තිස්සේ අපේ මුතුන් මිත්තෝ විදේශීය අක්රමනිකයොත් එක්ක සටන් කරලා දියුණු කරපු මේ රට, පහුගිය අවුරුදු 70 පත් උන දේශපාලුවෝ කියන අමනුස්ස කොට්ටසය විසින් විනාස කරා.

:       3       281

Ajith Monday, 21 August 2017 06:38 PM

මම හිතන්නෙ ඔයා ජීවිතේටම දැකපු පළවෙනි සිතියම වෙන්න ඇති.දියුණු ජාතීන් ඇඳපු සිතියම් දැකල නැතුව ඇති

:       210       2

senaka Monday, 21 August 2017 06:44 PM

ඒක නිකන් ඕස්ට්‍රේලියාවෙ සිතියම වගේ. ඒකාලෙ ඕස්ට්‍රේලියාවට හොරෙන් යන්න හදපු එකක් වෙන්න ඇති.

:       126       57

kalpa Tuesday, 22 August 2017 01:29 AM

මෙම ප්‍රදේශය අතීතයේ ඉතාම දියුණු ප්‍රදෙසයක්වෙලා තිබුනබව පෙනෙනවා පසුගිය කාලයේ බ්‍රිතාන්න්ය ජාතික කාන්තාවක් කල පරීක්ෂණයකින් මෙම කලාපයේ වානේ කර්මාන්තය දියුණු තත්වයේ තිබුන බව සොයාගෙන තිබුන අපේ නායකයන්ගේ පරගැතිබව නිසා ඒවා නැවත දියුනුකරගන්නේ නැතිබව පෙනෙනවා හරිම දුකයි.

:       0       66

sanjeewa Tuesday, 22 August 2017 03:13 AM

තමින්දු මොන දියුණු කමක්ද ඕක කොටලා තියෙන්නේ ගලෙන්

:       140       1

Rocky Tuesday, 22 August 2017 03:49 AM

ඒ කාලේ රාවනා රජතුමා පොල් වවපු ඉඩමට තමයි අද නවසි ලන්තය කියන්නේ. පොල් ලන්තය හෙවත් පෝලන්තය ඒ කාලේ අපේ තවත් පොල් වත්තක්. අම්මප, මේ පුරා විද්‍යා මහත්තුරු මේවා ගැන ඇයි හොය න්නේ නැත්තේ?දඬු මොනරයේ සුක්කානම වාරියපොළ පැත්තේ පරණ යකඩ කඩේක තිබීල හොයා ගත්තා කියලා ආරංචියි. අඩු ගන්නේ ඒ ගැනවත් පරිෂණ කෙරුවා නම් හොඳයි නේද?

:       177       52

sanjeeva Tuesday, 22 August 2017 04:25 AM

ඉස්සර මුතුන්මිත්තෝ කර කී දේවල් ගැන පම්පෝරි ගහල වැඩක් නෑ සුද්ද ගියාට පසු බලයට ආපු ඇත්තෝ ලංකාවට කරපු සෙතක් නෑ ඒගොල්ලෝ නොහිටියානම් තාමත් ගමන් පයින් ඒ ගැන කියල වැඩක් නෑ නිදහස නොදී අපිට සුද්ධ හිටියානම් ලංකාවට මෙහෙම වෙන්නේ නෑ

:       506       15

slj Tuesday, 22 August 2017 04:45 AM

මොනොවහරි තලන්න (form ) හරි කොටන්න භාවිතා කරපු ගලක් වෙන්න බැරිද මහාචාර්ය තුමා ?

:       144       32

රැවන් රත්නායක Tuesday, 22 August 2017 08:00 AM

ලංකාවේ ඉතිහාසය පිළිබදව ලිපි ශිලා ලේඛන ලිය වෙන්නේ අද ඊයෙක පටන් නොවේ. නමුත් ඔබ ලියන ලද ලිපි බහුතරයක් සමාජයට ඉතා වැදගත් බැවින් එය දෛනිකව කියවිම පුරැද්දක් ලෙස මා සිදු කරනු ලබයි .ඇත්තටම එයින් වත්මන් පරපුරට නුඔ දෙන්න හදන සමාජගත පණිවිඩයක්ද ඒ සෑම වැදගත් ලිපි පෙළකම මා හොදින් දැක තිබෙි .එය මේ පුළුල් මාධ්‍ය තුල දක්නට ලැබෙන සුළභ කරුණක් බව ද මම අමුතුවෙන් සදහන් කලයුතු ⁣නොවේ. රටේ ඉතිහාසය පෞඩාණිකත්වය ගැන ලියවෙන ලිපි ඉතා ක්‍රමක් ක්‍රමයෙන් අඩුවී යන යුගයක එයට පණ පොවමින් දිරි ගැන්විම අප සියළු දෙනාම කලයුතු අනිවාර්ය්‍ය කරැණක් ලෙස මා සදහන් කලත් එය නොවිමම රටේ අභග්‍ය ලෙස මා දකිමි. තවද මා නුඔ විසින් ලියන ලද බොහෝමයක් ලිපි කියවා ඇති නමුත් එය ⁣මීට වඩා සවිස්තරාත්මකව ඉදිරිපත් කර තිබෙන බව මා දැක තිබේ .මෙයද එවැනි ලිපියක් ලෙසින් සවිස්තරාත්මකව ඉදිරිපත් කිරිමට ඔබ උත්සාහ කරන්නේ නම් මෙයද ඉතාමත් ආදරයෙන් වැළද ගන්නා ලිපි පෙළක් වෙනවාට කිසිදු සැකයක් නැත. බොහොමත්ම ස්තුතියි ලංකාදීප කාර්ය්‍ය මණ්ඩලයට මෙවැනි තතු හරහා අපේ වත්මන් පරපුර දැනුවත් කිරිමට ගන්නා උත්සාහයට.ජය වේවා ..

:       0       3

Rocky Tuesday, 22 August 2017 08:14 AM

එස්.එල්.ජේ ගේ අදහස හරිය කියලා මටත් හිතෙනවා. මේක රාවණාගේ ඇමති වරු බුලත් විට කොටාපු ගල වෙන්න බැරි නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘උමා ඔය’ විවෘත කිරීමට ඉරාන ජනාධිපති එයි
2024 අප්‍රේල් මස 16 564 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපත


කුඩුත් එක්ක ඇල්ලූ ධීවරයින්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
2024 අප්‍රේල් මස 16 236 0

රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 263 ක් සමග අත්අඩංගුවට පත් දෙවුන්දර ධීවරයින් 10 දෙනා ලබන 22 දින දක්වා පොලිස් මත්ද්‍රව්‍ය කා


විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 894 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


ජනපති නුවරඑළියේ සංචාරයක
2024 අප්‍රේල් මස 16 644 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිත සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ්


කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 646 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 1861 5

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 141 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1349 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site