IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වසර 1800 කට පෙර සිටි මහානාග රජපුත් මළතිසගේ රන්කරඩුව සොයාගනී

(කුමාර සී. ලියනආරච්චි)
 

ඓතිහාසික දීඝවාපි දැගැබේ දකුණු වාහල්කඩ කැණීමේදි පුරා විද්‍යා කැණීම් අංශය මගින් සොයා ගනු ලැබු  ශෛලමය මංජුසාව තුළ වු රන් කරඬු හතරින් එක් කරඬුවක බ්‍රාහ්මීය අක්ෂර සහිත රන් සන්නසක් මතු කර ගැනීමට නිලධාරීන්ට හැකිවී තිබේ.
 
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන සහ නානක විද්‍යා අංශයේ අධ්‍යක්ෂක නාමල් කොඩිතුවක්කු මහතා එම රන් සන්නස කියවා, එහි අපර බ්‍රාහ්මී අක්ෂරයෙන්

'සිධ මහනකරජහ පුත මළිතිස රජහ සොවණ තුබේ'

යනුවෙන් සදහන් වන බවද, එය සිංහල බසට නැගූ විට 'යහපතක් වේවා! මහානාග (මහල්ලක නාග) රජුගේ පුත් මළතිස (කණිටතිස්ස)රජුගේ රන් කරඩුව' යනුවෙන් සදහන් වන බවද පැවසීය.
 
මෙම සන්නසට සමානව 1987 ජනවාරි 23 වන දින දීඝවාපි දාගැබේ බටහිර වහල්කඩින් සොයා ගත් මංජුසාවේද රන් සන්නසක් තිබු බව ඒ මහතා පැවසීය.
 
මේ සන්නසට අනුව මහල්ලකනාග මහ රජු නාමයෙන් හැඳින්වෙනුයේ ප්‍රදානයට අදාල රජුගේ පියාය. එතුමා ක්‍රිස්තු වර්ෂ 134 සිට 140 දක්වා පාලනය කල බවත් ඒ රජුගේ පුත් කණිට්ඨතිස්ස රජතුමා මෙය ප්‍රදානය කර ඇති බවත්, මළිතිස හෙවත් කණිට්ඨතිස්ස යන නාමය මෙහිදි කියවෙන බවත්, ඒ මහතා පැවසීය.කණිට්ඨතිස්ස ක්‍රිස්තු වර්ෂ 164 -192 තෙක් රජ කළ බව මහා වංශයේ සදහන්වේ.අදින් වසර 1800 පමන ඉතිහාසයක් මෙහි ඇති බව මෙහිදී දැනගන්නට ලැබිණි.
 
එමෙන්ම මෙම රන්කරඬු තුල ඇති සංඛේත ලක්ෂණ අනුව සර්වඥ ධාතුන් වහන්සේලා මෙම මංජුසාව තුළ තැන්පත් කර ඇති බවට සාධක තිබෙන බව නාමල් කොඩිතුවක්කු මහතා සදහන් කළේය. ඒ අනුව නෙළුම් මලක් සිරිපා සළකුණක් මෙම ධාතුන් තැන්පත් කිරීමට යොදා ගත් රන්පත්වල නිර්මාණය කර තිබේ.

මෙම සොයාගැනීම් පිළිබදව අම්පාර දිසා ලේකම් කාර්යාලයෙදි තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.



අදහස් (32)

වසර 1800 කට පෙර සිටි මහානාග රජපුත් මළතිසගේ රන්කරඩුව සොයාගනී

Nandalal DE SILVA - France Thursday, 26 November 2020 12:54 PM

කොතරම් ඉපැරැණි වටිනා භාණ්ඩ සොයාගත්තත්, ඒවා කටුගෙයි නම් තැන්පත් කර, මහජන ප්‍රදර්ශනයට තැබීම... ඉතාම අනතුරුදායක බව අපේ හැඟීමයි. මතකයි නේද පසුගිය කාලේ... ඒකේ තිබුණා කඩුවක් උස්සන් ගිය හැටි..? ඕවා කොහේ තිබුණත් අන්තිමට නතර වෙන්නේ.. ලෝක හොරුන්ගේ අතේ තමයි.

:       9       86

දිමුත්Friday, 27 November 2020 10:10 AM

චීනෙන්ද හොය‍ාගෙන තියෙන්නෙ?

:       0       4

soulSaturday, 28 November 2020 12:14 AM

මේ චීන නෙමෙයි. කොරියන් අකුරු.. මට හිතෙන්නේ නොකිව්වට කොරියන් කණ්ඩායමක් මූලිකත්වයෙන් තමයි මේවා හොයාගන්නේ.

:       1       3

කසුන් - ගම්පහ Thursday, 26 November 2020 01:03 PM

මේ අඩිකෝදුව බලන්න. " ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව" කියලා මුද්‍රණය කරපු අඩිරූලක්වත් තියන්න ඕනෑ මෙවැනි සොයාගැනීම් එක්ක. කොරියන් සමාගමකින් පිනට හම්බ වුණු එව්ව එක්ක තිබ්බහම සොයාගැනීම නිකම් උන්ගේ එකක් වගේ...

:       2       82

Nihal Thursday, 26 November 2020 01:25 PM

චීන අක්ෂර වලින් කියවෙන දෙය ද අපිට කියන්න.

:       13       33

සමන්තThursday, 26 November 2020 02:39 PM

එහි ඇත්තේ චීන අක්ෂර නොව කොරියානු අක්ෂරයි. හැම එකටම චීනේ චීනේ ගාන සෙට් එකේද කොහේද?

:       29       38

karuThursday, 26 November 2020 04:09 PM

රූල පැත්තකට දාමු, චීන අකුරු වේවා, කොරියාගේ අකුරු වේවා මොන මගුලකටද ඒවා මෙතනට දමන්නේ...? අපි චීන්නුන්වත් කොරියන්වත් නොවෙයි.

:       0       3

Nihal Thursday, 26 November 2020 10:39 PM

ණය ගන්න හොඳයි. කිව්වම නරකයි.

:       1       3

Hemantha Thursday, 26 November 2020 02:15 PM

කෝ කඩුව..? ඒකත් ගිල්ලාද?

:       9       31

සෑම් Thursday, 26 November 2020 09:46 PM

මෙතන කඩුවක් හොයාගෙන නැහැ. රන් කරඬු 4 යි, රන් සන්නසකුයි හොයාගෙන තියෙන්නේ. හරියට කියවන්න පුරුදු වෙන්න...

:       1       5

nuwan Thursday, 26 November 2020 02:24 PM

ඕවා මැදමූකලානේ අල්මාරියට යාවිද දන්නේ නැහැ...

:       15       57

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 26 November 2020 02:31 PM

කොහොමද අපේ ඉතිහාසයක මහිමය ... !!! ඒ වුණාට අද අපගේ මේ පෞරාණික අතීතය එළිපිට වළලන්න දඟලන උන්මත්තකයන් පිරිසක් මේ රටේ ඉන්නවා. යන්තම් මොනවා හරි ටිකක් දැනගෙන හැසිරෙන්නේ මහා වියතුන් වගේ. මං මේ කියන්නේ සත්පුරුෂයන් හට නොවේ. අඩු කළය හෙලවෙන බව රහසක් නොවේ. ඒත්, මෙහි ලියන සත්පුරුෂයන් අපව අගය කරනු පෙනේ. දැන් හෝ අපගේ ඉතිහාසයට ගරු කිරීමට පුරුදුවෙන ලෙස ඔවුන්ට මම කාරුණිකව පවසමි. මේ පුරාවස්තු කියාපාන්නේ අපගේ අතීත අභිමානයයි. අතීතය ඇත්තේ අමතක කොට දමා සිටීමට නොවේ. අපේ අභිමානවත් අතීතය ආදර්ශයට ගෙන මතුපරපුර වෙනුවෙන් ආඩම්බර වීමට යමක් ගැන සිතමු. ජාත්‍යන්තර තලයේ අත්දැකීම් ඇත්තෙකු වන මා හට මාගේ උගත් විදෙස් මිතුරියක් වරක් කීවේ you are the very historycal People යනුවෙනි. කරුණු එසේ වුවත්, අපේම අය අපේම වළ කපාගන්නා අයුරු දකිනාවිට ඇතිවන්නේ බලවත් ශෝකයකි. වාද භේද අතහැර එකමුතුව අපේ අභිමානය ගොඩනඟා ගනිමු. ස්තූතියි...

:       17       42

අමරසිංහ Thursday, 26 November 2020 06:15 PM

කඩුවක් පිටින් හරි දාලා තමුන්ගේ පම්පෝරිය කියාගන්න ආසයි නේද? හරි හරි ඔයා මාර උගත් ජාත්‍යන්තර අත්දැකීම් තියෙන කෙනෙක් කියලා අපි පිළිගන්නම්...

:       3       4

සමිත සේනක අලුත්ගමගේ.Saturday, 28 November 2020 03:12 PM

නමින් සිංහ. ඒ වුණාට තමන්ගේ ජාතියේ අභිමානය ගැන කිව්වාම වෛර බැඳ ගන්නවා. මොකක් හරි ජාන දෝෂයක් තිබෙන බව පේනවා.

:       0       1

thilakThursday, 26 November 2020 09:59 PM

හැබැයි ඉතින් ඉතිහාසය ටිකක් වැඩි නිසා ඉස්සරහට යන්ට හොරයි.

:       1       4

kamalFriday, 27 November 2020 06:10 AM

කොහොමද අද ඉතිහාසයක මහිම... අඩි කෝදුව දැක්කද?

:       1       4

ranaFriday, 27 November 2020 07:12 AM

"යූ ආ වෙරි හිස්ටෝරිකල් පීපල්" මේකේ මොකක්දෝ දෙයක් තියෙනවා.

:       1       4

Lanka Thursday, 26 November 2020 03:13 PM

වෙන අඩි කෝදුවක් තිබුණේම නැද්ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ? සොයාගැනීමත් බාල්දු වෙනවා.

:       1       42

ඉන්දික Thursday, 26 November 2020 03:43 PM

මට හිතුණා වැඳලා එහෙම ඇවිල්ලා එක පාරටම ප්‍රතිසංස්කරණය කරන්න හදනකොටම මේකෙ මොකක් හරි කොස්සක් තියෙනවා කියලා..

:       11       30

r.singha Thursday, 26 November 2020 04:00 PM

අර කැළණි ගඟෙන් මතුවුණු නාගරාජයා වගේද?

:       1       3

Samarapala Thursday, 26 November 2020 09:03 PM

බොහොම සුබ ආරංචියක්... ඒත් මට බය තියෙන්නේ මේවා තැන්පත් කරන්නේ කෞතුකාගාරයේ හිටපු ගමන් ලයිට් ඕෆ් වෙනවා. cctv කැමරා වැඩ නැතිවෙනවා. ඊට පස්සේ වටිනා බඩු ටික නැතිවෙනවා.

:       2       2

විපරමා Thursday, 26 November 2020 10:05 PM

කටුගෙයි වටිනා පුරාවස්තු වලට වෙච්චි හරිය කවුරුවත් දන්නේ නැහැ. බහිරවයා මේකටත් වැඩක් දෙයිද කියලයි බයයි.

:       1       2

Shara Friday, 27 November 2020 12:08 AM

මේක හරියට ලංකාවේ දෙයක් කොරියාවේ හොයාගෙන වගේ. අපේ මුතුන්මිත්තන්ට කරන නම්බුවක් විදියටවත් මෙය මීට වඩා තේජාන්විත විදියට සමාජයට පෙන්වන්න තිබුණා.

:       0       3

lakvidu Friday, 27 November 2020 01:55 AM

තරහ වෙන්න එපා අනේ. මට නම් නිකන් මොකක්දෝ හිතෙනවා. අර කැළණි පන්සලේ නාග ලෝකේ වෙච්චි දේ මතක් වෙනවා.

:       0       5

K. Ranaweera Friday, 27 November 2020 03:59 AM

ඕක කන්ගැට්ටාගෙන් ආරක්ෂා කරගන්න ඕනෑ හොඳේ...

:       0       2

Ratne Friday, 27 November 2020 04:50 AM

දිග අඩි භාගයක් වත් නැත්තේ? මේ කඩුවකින් කොටසක් හෝ වෙනත් කුඩා ආයුධයක් විය හැකිය..

:       1       4

Puppa Friday, 27 November 2020 05:12 AM

ඔතන කඩුවක් තිබුණා නම් ශුවර් පිට ලොකු අප්පු ගන්නවා .

:       0       2

RanjithT Friday, 27 November 2020 05:36 AM

මේ කොරියන් අකුරු කොහොමද ආවේ..?

:       0       2

Hasith Friday, 27 November 2020 06:17 AM

හඳ පෙන්නුවාම.., ඇඟිල්ලේ දොස් කියනවා වගේ අඩුරූලේ වංශය තමයි වැඩි දෙනෙක් මෙතන ඔලුවට අරන් තියෙන්නේ මෙච්චර වටිනා දෙයක් ගැන කිව්වාට වැඩක් නැහැ. ඔන්න රට හදන්න කයිවාරු ගහන අය...

:       3       2

sharm warn Friday, 27 November 2020 06:20 AM

අඩු ගානේ මේකෙන්වත් ඔප්පු කරන්නකෝ නැගෙනහිර පළාතේ හිටිය නිජබිම් හිමිකරුවෝ සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියලා... බොරු ඉතිහාසයක් හදාගෙන රට අල්ලන්න හදන වර්ගවාදීන් පරදවන්න මෙච්චර සාක්ෂි තියෙනකොට...

:       1       4

Kamal Koyrala Friday, 27 November 2020 08:17 AM

හපොයි කන්ගැට්ටන්ගෙන් ප්‍රෙව්සම් කරගන්න.

:       0       3

Nuwan Friday, 27 November 2020 10:28 AM

අපේ රටේ ඓතිහාසික සොයාගැනීම් අපිට ගොඩක් වටිනවා. ඒත් මේකට අපේ භාෂාවෙන්ම අඩිරූලත් දැම්මා නම් තමයි ඒකෙ වටිනාකම තියෙන්නේ. නැත්නම් මේකත් වෙන උන්ගෙ රටකින් හොයාගත්තු එකක් වගේ. අපේ රටේ දේවල් ඉස්සර ඉඳලම මංකොල්ල කෑවේ වෙන රටවල් වල උදවිය. ඔවුන්ට උදව් කරේ අපේ රටේ උන්මයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 909 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 177 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1074 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1112 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1395 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1241 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site