IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


වසර 148 කට පසු සිලුටු දෑතුඩුවා ශ්‍රී ලංකාවේදී බිත්තර දමයි

(විනීතා එම් ගමගේ)

සංක‍්‍රමණික පක්ෂයෙකු වන සිලූටු දෑතුඩුවා වසර 148 කට පසු ශ්‍රී ලංකාවේ දී බිත්තර දමා ඇතැයි බුන්දල ජාතික වනෝද්‍යානයේ භාරකරු අජිත් ගුණතුංග මහතා හෙළි කරගෙන තිබේ.

මෙම පක්ෂියා මීට පෙර ශ්‍රී ලංකාවේ දී බෝවී ඇතැයි වාර්තා වී ඇත්තේ 1872 දී තිස්සමහාරාමයේ උඩුවිල වැව ආශ්‍රීතවය.

සංක‍්‍රමණික පක්ෂියෙකු වුව ද සිලූටු දෑතුඩුවා මෙරට යම්  ප‍්‍රමාණ්‍යකට ව්‍යාප්ත වී සිටි බවට පක්ෂි විද්‍යාඥ වින්සන්ට් ලෙගී විසින් ලියා ඇති හිස්ට‍්‍රි ඔෆ් ද බර්ඞ්ස් ඔෆ් සිලෝන් ග‍්‍රන්ථයෙහි සදහන් වන බව ද, 1872 දී උඩුවිල වැව ආශ්‍රීතව කූඩු අටක පැටවුන් සිටි බව ද එහි වාර්තා කර ඇතැයි පරිසර වේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය

නමුත් පසුකාලිනව මෙම සත්වයා මෙරටින් තුරන් වූයේ ඇයි දැයි මේ වනවතුරු හෙළි කරගත නොහැකි වී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

අනතුරුව දිවයිනේ ස්ථාන කිහිපයකින්ම මෙම පක්ෂියා වාර්තා වූ නමුත් බෝවීමක් වාර්තා නොවූ බවත් මෙසේ යළිත් මෙම පක්ෂියා මෙරට බෝවීම සුවිශේෂී සිද්ධියක් බවත් ගුණවර්ධන මහතා කීයේය.

මේ සිලූටු දෑතුඩුවාගේ මෙරට නේවාසික ගහනයක් ඇතිවීමේ ප‍්‍රවණතාවයක් ද නැතිනම් අහඹු සිද්ධියක් පමණක් ද යන්න කීම අපහසු යැයි ද කෙසේ වෙතත් ජාති වනෝද්‍යාන තුළ මෙම පක්ෂියාට බෝවීමට

අවශ්‍ය ප‍්‍රශස්ත තත්ත්වය පවතින බව පැහැදිලි බවත් හෙතෙම  සදහන් කළේය. 

රම්සා ප‍්‍රඥප්තිය යටතේ මෙරට පළමුවෙන්ම නම් කරන ලද රම්සා තෙත් බිම වන බුන්දලින් මෙම සුවිශේෂී අවස්ථාව සැමරිීම  ද සුවිශේෂී තත්ත්වයක් බවත් ගුණවර්ධන මහතා පැවැසීය.

කෙසේ වෙතත් වසර 148 කට පසු හමුවූ මෙම පක්ෂීයා නැවත වරක් නේවාසික පක්ෂියකු ලෙස සැළකීමට කළබල විය යුතු නැතැයි ද එසේ කරන්නට නම් මෙරට බෝවීම මෙන්ම වසර කීහිපයක් තිස්සේ මෙරට එම පක්ෂී ගහනයක් රැදී සිටීම නිරික්ෂණය කළ යුතු බවත් ඔහු සදහන් කළේය.
 
දැනට මෙම පක්ෂියා හමුවී ඇත්තේ බුන්දල වනෝද්‍යානයේ අතුරු මාවතකින් වන අතර එය ජීප් රථ ගමන් කරන මාර්ගයක් බවත් දැනට වසා ඇති වනෝද්‍යාන විවෘත කිරීමෙන් පසුව වුවද එම මාර්ගය වසා දැමීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් දී ඇත.


 

(ඡායාරූප සැපයීම - සමන් අබේගුණවර්ධන)

 



අදහස් (5)

වසර 148 කට පසු සිලුටු දෑතුඩුවා ශ්‍රී ලංකාවේදී බිත්තර දමයි

විජිත් Sunday, 24 May 2020 11:37 AM

කොරෝනා නිසා ඇතිවූ.. අසුබ කාලයක ආ සුබ ආරංචියක්..

:       1       227

liyange Sunday, 24 May 2020 01:44 PM

සත්‍ය වශයෙන්ම සොබාදහමේ ඇතිවී තිබෙන වෙනස සතුන් පවා හඳුනාගෙන ඇත...

:       0       12

පූජා Sunday, 24 May 2020 08:11 PM

මෙවැනි මනරම් දුර්ලභ පක්ෂියෙක්.., පින්තූරයකින් හෝ දකින්නට, අප වාසනාවන්තයෝ වී සිටීම ගැන නම් ඇත්තටම සතුටුයි. වසර 148 කට පසුව බිත්තර දමා ,පැටවුන් බිහි වුණාට පසුව, පෙර අපේ රටින් තුරන් වුණා වගේ වෙන්නේ නැතුව, බූන්දල වනෝද්‍යානයේම තම වාසස්ථානය කර ගත්තොත්, පරිසර හිතකාමී පිරිස්වලට එය මහත් අස්වැසිල්ලක් වනවා නොඅනුමානයි.. ඇත්තම තමයි විජිත්, ඔයා කීවා වගේම එය සුබම ආරංචියක් වෙයි සියලු දෙනාටම...

:       0       13

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 24 May 2020 02:18 PM

ඉතාමත් සතුටට කරුණක්...! මේ පක්ෂියාගේ ඡායාරූප වලට මා ජාත්‍යන්තරයේදී විචාර ලියා තිබෙනවා. ඒත්, මේ සතාගේ මේ ඉතිහාසගත තොරතුරු මා දැනසිටියේ නැහැ. අද මෙන් නොව පෙර කාලේ කුරුල්ලන් දඩයම ගැන එතරම් තැකීමක් තිබිලා නැහැ. කුරුල්ලන් මරණ තනි මුණිස්සම යොදන වායු රයිපල් ඒ කාලයේ තිබිලා තියෙනවා. එලෙස මේ කුරුල්ලන් වඳවුණා වෙන්නත් පුළුවන් නේද?

:       113       217

රිතික් Monday, 25 May 2020 05:48 AM

ඒ කියන්නේ මේ දෑතුඩුවා හෙන්රි ටර්නර් ආණ්ඩුකාරයගෙ කාලේ බිත්තර දාලා ගියාට පස්සේ දැන් තමයි ඇවිත් තියෙන්නේ.

:       5       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 8 0

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 99 0

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 927 0

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 477 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


ඇල්ල කරඳගොල්ලේ නාය යාමක් සක්‍රීය වෙයි
2024 අප්‍රේල් මස 24 254 0

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම යලි සක්‍රීය වීමත් සමඟ එම ස්ථානයේ අවට පදිංචි පවුල් 10 ක් අද (24)ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව ඇල්ල ප්‍රා


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 792 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1650 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site