IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


වව්නියාව වෙහෙරතැන්න විදුහලට ‘රොෂාන් මහානාම පදනමෙන්‘ පාසල් උපකරණ


 ( රොමේෂ් මධුෂංඛ)
 
වව්නියාවේ දුෂ්කර පාසල්හි දරු දැරියන් සඳහා  අධ්‍යාපනික උපකරණ  ලබා දීමේ වැඩසටහනක්  , ශ්‍රී  ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ  හිටපු  ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම ජාත්‍යන්තර තරග තීරකයෙකු වූ රොෂාන් මහනාම මහතාගේ  දායකත්වයෙන්  සිදු කෙරිණි.

‘රොෂාන් මහානාම පදනම‘  මගින් මෙම සත්කාරය සිදු කළ අතර වන්නි ආරක්ෂක සේනාමූලස්ථානය මෙම වැඩසටහන සංවිධානය  කර තිබිණි.

 රොෂාන් මහානාම මහතා වව්නියාවේ දුෂ්කර ගම්මානයක් වූ වෙහෙරතැන්න ගම්මානය ඇතුලු අවට ගම්මානයන්හි  පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමේ අරමුණින් මීට පෙර පාසල් ගොඩනැගිල්ලක්ද යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකළ අතර එම පාසල රෝෂාන් මහානාම විදුහල වශයෙන්ද  නම් කර ඇත.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ අධීක්ෂණයකින් පසු ,  විදුහලේ සිසු දරුවන්ට නව වසර වෙනුවෙන් අධ්‍යාපනික උපකරණ වල අවශ්‍යතාවය පිළිබඳව ‘රොෂාන් මහානාම පදනම‘ට දැනුම් දීමෙන් පසුව මෙලෙස නව වසර වෙනුවෙන් පාසල දරුවන්ට අවශ්‍ය නිල ඇඳුම් ඇතුලු අධ්‍යාපනික උපකරණ හා වෙහෙරතැන්න පෙර පාසලේ දරු දැරියන්ටද නිල ඇඳුම් හා උපකරණ ලබා දීමට රොෂාන් මහනාම මහතා ඇතුලු පදනමේ නිලධාරීන් විසින් පියවර ගෙන තිබුණි.

පාසල් දරුවන්ට අධ්‍යාපනික උපකරණ ලබා දීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් වශයෙන් සහභාගී වූවේද වන්නි ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතා සහ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතාය.


එමෙන්ම  56 සහ 62 යුද හමුදා සේනංකාධිපතිවරුන්, පාසල් ළමුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට  සහභාගී වී සිටියහ.

 



අදහස් (7)

වව්නියාව වෙහෙරතැන්න විදුහලට ‘රොෂාන් මහානාම පදනමෙන්‘ පාසල් උපකරණ

Uditha - London Monday, 14 January 2019 05:27 AM

මෙන්න මෙහෙම දේවල් සිද්ද වෙන්න ඕනෑ.. තව තවත්.. නිකන් බල තණ්හාවට ඇන කොටාගෙන කාලේ නාස්ති කරන එක තමයි අද ලංකාවේ බහුතරයක් කරන්නේ... වේලක් කාලා වේල් කීයක් නම් බඩගින්නේ ඉන්න මිනිස්සු තවමත් අපේ ලංකාවේ ඉන්නවා... ඒවා හොයන්න ඕනෑ.. ලංකාවේ අති දුෂ්කර ගම්මාන කොච්චර නම් තියනවද තවමත්..? දරුවන්ට උගන්න ගන්න කන්න දී ගන්න බැරුව දුක් විඳින අම්මලා තාත්තලා තවම ඉන්නවා ලංකාවේ.. ඒ මිනිස්සු අනාගතෙත් ඉඳීවි.. මොකද රට කරන බහුතරයක් තවමත් අාත්මාර්තකාමි කමින් ජීවත් වෙන නිසා..

:       37       234

palitha Monday, 14 January 2019 05:32 AM

මේ වගේ ශ්‍රේෂ්ඨ මිනිසුන්ට වැන්දට පව් නැහැ දුවේ පුතේ, හොර, මැර, ජඩ, බලු දේශපාලකයන්ට වඳිනවට වඩා....

:       23       325

ජය ශ්‍රී. Monday, 14 January 2019 05:46 AM

රෝෂාන් මහතාණෙනි.. මෙය ඉතා මහඟු ක්‍රියාවකි... හමුදාවිරුවන්ටත් අපගේ ස්තූතිය හිමිවේ...

:       10       303

Raveendra Monday, 14 January 2019 06:11 AM

අප හදවතින්ම මහානාම මහත්මයා ඇතිලු සිය පවුලට සුබ ප්‍රර්ථනා කරන්නෙමු. ඔබලාගේ සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා! වැඩි වැඩියෙන් සියලු සම්පත් ලැබේවා! යන එන සියලු කටයුතු සාර්ථක වේවා !!

:       9       194

දිමුත් Monday, 14 January 2019 06:42 AM

මෙන්න වැඳිය යුතු මිනිස්සු!

:       9       197

Namila Monday, 14 January 2019 09:47 AM

රොෂාන් මහනාම මහතාට දීර්ඝායුෂ පතමි...

:       0       7

lakmal verona Monday, 14 January 2019 04:58 PM

මෙන්න පිදිය යුතු මිනිසුන්

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විල්ගමුව පොලිසියෙන් අතුරුදන් වූ ගිනි අවිය බුදු කුටියකින් මතුවෙයි
2024 අප්‍රේල් මස 24 70 0

මාතලේ - විල්ගමුව පොලිසියේ මුර කුටියේ රාත්‍රී සේවය කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගිනි අවිය අතුරුදන් වී මසකට පසු හමුවු බැවි විල්ගමුව පොලිසිය කියයි.


වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 297 1

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 295 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 312 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 600 1

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 495 5

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1667 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site