IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වරායේ නවීන ස්කෑන් වලින් සිරුරට බලපෑමක් නෑ

(රංජන් කස්තුරි)

වරායේ සවිකර තිබෙන ඇති නවීන ස්කෑන් යන්ත්‍ර මගින් මිනිස් සිරුරට අහිතකර බලපෑමක් නැතැයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.

පරමාණුක බලශක්ති නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු කණ්ඩායමක් ද වෛද්‍ය මණ්ඩලයක් සහ මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ කමිටුවක් අද (10) පෙරවරුවේ වරාය අධිකාරියට ගෙන්වා ඒ බව සනාථ කළ බවද ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා කීය.

එම නිසා එම අතිනවීන ස්කෑන් යන්ත්‍ර පිළිබඳව විශ්වාසය තැබිය හැකි බව බහාලුම් රියදුරන් අවබෝධ කර ගනු ඇතැයි අපේක්ෂා කරන බවද ජයරත්න මහතා පැවසීය.

වරාය අධිකාරියේ අලුතින් ස්කෑන් යන්ත්‍ර හතරක් සවිකර තිබෙන අතර ඒවා හරහා බහාලුම් ගමන් කිරිමේ දී රියදුරන් හා රිය සහායකයින් ද එක්ස් කිරණවලට භාජනය වන බවට චෝදනා කරමින් බහාලුම් රියදුරෝ අද පැය කිහිපයක් වැඩවර්ජනයක නිරතවුහ.

පසුව බලධාරීන් මැදිහත් වී අද දවස පුරාම එම ස්කෑන් යන්ත්‍ර ක්‍රියාවිරහිත කර තැබූ අතර පසුව සාමාන්‍ය පරිදි බහාලුම් ප්‍රවාහන සිදු කෙරිණි.

 



අදහස් (12)

වරායේ නවීන ස්කෑන් වලින් සිරුරට බලපෑමක් නෑ

Dayan Tuesday, 10 December 2019 01:57 PM

සිරුරට බලපෑම් නැති වුනාට හොරට පන්නන ඒවාට බලපෑම් තියෙනවනේ.

:       0       50

sena Tuesday, 10 December 2019 02:03 PM

මට නම් හිතෙන්නේ කාගේ හරි කුඩු එහෙමත් නැතිනම් එතනෝල් තොගයක් වරායෙන් පන්නාගන්න කරපු උප්පරවැට්ටියක්ද කොහෙද

:       0       44

Nandalal DE SILVA - France Tuesday, 10 December 2019 02:24 PM

මේක හරිම හතර බීරි කතාවක් ! මේ යන්ත්‍ර විදේශීය රටකින් ආනයනය කරපු ඒවා බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. අපේ ශ්‍රී ලංකාවේ ඒවා නිපදවන්නේ නැති බව කවුරුත් දන්නා කරුණකි. ඕනෑම රටක ඕනෑම යන්ත්‍ර සුත්‍රයක් නිපදවා වෙළඳපොළට දැමීමට පෙර ඒවා අතිමහත් පරීක්ෂණවලට භාජනය කරන බව මේ බේගල් ඇදබාන අය දන්නේ නැද්ද ? දැන් තිබෙන ප්‍රශ්නය වන්නේ, වරායේ නවීන ස්කෑන් යන්ත්‍ර සවිකළ දින සිට මේ පිස්සු විකාර කතා පතුරුවන අය විසින් ලෙඩවූ සේවකයන් කීදෙනෙකු දැන හඳුනාගෙන තිබේද? එවැනි "රෝගීන්" කීදෙනෙකුට වරාය වෛද්‍ය මධ්‍යස්ථානය මගින් මේ ස්කෑන් යන්ත්‍ර මගින් මෙම අසනීප ඇති උනාද කියා වෛද්‍ය සහතික නිකුත් කර තිබේද ? ලෙඩේ තිබෙන්නේ එතැන නොවන බව මොළේ කලඳක් හෝ තිබෙන අයෙකුට තේරෙනවා ඇත. ස්කෑන් යන්ත්‍ර මගින් හෙළිවෙන පරීක්ෂණ නිසා රටට ගෙන්වන හොර බඩු, මත්ද්‍රව්‍ය, දුම්වැටි, එතනෝල් ආදී එකී මෙකී නොකී දෑ ගෙන්වන හොරුන්ට එම කටයුතු නිදහසේ කරගෙනයාමට සමහරවිට වැටකොටු බැඳෙන නිසා එම යන්ත්‍ර අක්‍රිය කොට, ගලවා පරණ යකඩවලට විකිනීමට බලාපොරොත්තුව සිටින පංචිකාවත්තේ යකඩයෝත් එක්වී ගහපු මාර ගැටයක් !

:       0       47

පිටිගල මිලානෝ Tuesday, 10 December 2019 02:25 PM

කුඩු සහ එතනෝල් වලට සම්බන්ධ දේශපාලකයෝ කීප දෙනෙක් මේ පිටුපස සිටිනවා. ඔවුන්ට ඕනේ කෙසේ හෝ මෙම ස්කෑනර් යන්ත්‍රය ඉවත් කර ඉස්සර සුපුරුදු ජාවාරම අලුතෙන් පටන්ගන්න. ජනාධිපතිතුමනි මොවුන්ව හඳුනා ගන්න.

:       0       44

Ranasinghe Tuesday, 10 December 2019 02:56 PM

හොදම වැඩේ ඒ බව ප්‍රායෝගිකව පෙන්නා දෙන එකයි. එවිට බිය නැති වේවි.

:       0       18

ඉන්දික Tuesday, 10 December 2019 04:20 PM

යන්ත්‍රය ක්‍රියා විරහිත අවස්ථාවේ එළියට පැන්නූ බහාලුම් ගැන නැවත පරීක්ෂාවක් කරනු..

:       0       49

රවින් Wednesday, 11 December 2019 01:19 AM

මේකත් හොරුන්ගේ ගේමක්. මාෆියාවේ කොටසක්. පහුගිය දවසක එක්කෙනෙක් සද්දේ දැම්මා නේද ස්කෑන් යන්ත්‍ර ගැන. ස්කෑන් යන්ත්‍රය තුලට වාහන ඇතුළු කිරීම හා ඉන් පිටවීමට පමණක් රේගුව විසින් ආරක්‍ෂිත ඇඳුම් ඇදගත්තු නිසි සුදුසුකම් ඇති රියදුරන් කීපදෙනෙක් යෙදෙවුවානම් වැඩේ ගොඩ. එක වැඩමුරයකට රියදුරන් අට දෙනෙකු හෝ දහදෙනෙකු පමණ සැහේ. මාසෙකට හොරබඩු කන්ටේනර් එකක් හෝ දෙකක් අල්ලාගත්තහම හොදටම ඇති අමතර යන වියදම් පියවාගන්න.

:       0       32

Sarath Wednesday, 11 December 2019 02:16 AM

ඕක මාස්ටර් ප්ලෑන් එකක් එතනෝල් හොරෙන් එලියට ගන්න.

:       0       68

කුමාර Wednesday, 11 December 2019 02:26 AM

හොඳ වෙලාවට මේ අය මේක තහවුරු කරේ. දැන් ඉතින් මේක ගලවන්න වෙන්නේ නෑ.

:       3       40

nuwan Wednesday, 11 December 2019 06:36 AM

මේ කාලය තුල හොර බඩු ටික පන්නගන්න ඇති

:       0       60

sg Wednesday, 11 December 2019 07:03 AM

මෙම යන්ත්‍ර දෙක ඉවත් නොකොට කාර්යක්‍ෂම බව වැඩි කිරීම සදහා වැඩ පිළිවෙලක් යොදන්නේ නම් වඩා වැදගත්

:       101       58

Nandalal DE SILVA - France Wednesday, 11 December 2019 11:57 AM

අර GMOA එකේ ලොක්කා වන "ඩොක්ටර් පාදෙණියගේ" මූලිකත්වයෙන් වරාය වටා පාගමනින් ගොස් මේ ස්කෑන් යන්ත්‍ර මගින් ලෝකයේ තිබෙන අති භයානක රෝග බෝවෙන බව ලෝකයට කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ නුවණ මඳ අයගේ හිතට කාවද්දන්න උත්සාහ නොකරන්නේ මන්ද කියා මගේ සීයා අහනවා...! මේ මෑන් තමන්ට අදාල හෝ අදාල නැති දේවල්වලට හොට දමා අනාගන්නා කෙනෙක් නිසා රටට අහිතකර විනාශකාරී දේවල් ආනයනය කර චූන් එකෙන් වරායෙන් පිටකිරීම වැළැක්වීම සඳහා ස්ථාපිත කර තිබෙන මේ ස්කෑන් යන්ත්‍ර ඇඟට ගුණ නැතැයි කියා ඒවා ඉවත්කරනතුරු හෝ සදාකාලිකව අක්‍රීය කරනතුරු සමහර අය ඇඟිලි ගණන් කරමින් සිටිනවාලු... බරපතල රෝග සඳහාද ස්කෑන් යන්ත්‍ර ලෝකයේ බොහෝ රටවල පාවිච්චි කරන බව මේ ස්කෑන් විරෝධීන් නොදැන සිටීම ඇත්තෙන්ම කණගාටුදායකයි...!!

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 252 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 360 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 911 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 828 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 672 3

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 327 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1530 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site