IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වර්ජනය තිබුණත් සබරගමුවේ පාසල්වල ඉගැන්වීම් සාමාන්‍ය පරිදිම

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

ගුරුවරුන්ගේ වැඩ වර්ජනය පැවතුණ ද සබරගමු පළාතේ පාසල්වල වාර විභාග කටයුතු ඇතුළු ඉගැන්වීම් සාමාන්‍ය පරිදි අද (18) පැවැත්වූ බව සබරගමු පළාතේ පාසල්වල විදුහල්පතිවරු පැවසූහ.

පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ සේපාල කුරුප්පු ආරච්චි මහතා පැවසුවේ සබරගමු පළාතේ අධ්‍යාපන කටයුතු වලට මේ වැජවර්ජනය බලනොපෑ බවයි.

බොහෝ පාසල්වල සේවය කරන ගුරුවරුන්ගෙන් 95% ක් පැමිණ තිබූ අතර තවත් පාසල් අතරින් 10%ක් නොපැමිණි පාසල් ද විය.

ගුරුවරුන් පැමිණ සිටි හෙයින් මේ දිනවල පැවැත්වෙන වාර විභාගය බාධාවකින් තොරව පැවැත්වීමට ක‍්‍රියා කළ විදුහල්පතිවරු පැවසුහ.

පාසල් ළමයින්ගේ පැමිණීම පාසල් කිහිපයක හැර බොහෝ පාසල්වල සාමාන්‍ය මට්ටමේ පැවති බවද විදුහල්පතිවරු පැවසූහ.

සමහර පාසල්වල ළමයින්ගේ පැමිණීම ද 80%කින් පමණ බවද විදුහල්පතිවරු කීහ. ඇතැම් පාසල්වලට පැමිණි දරුවන් ආපසු හරවා යැවීමක් සිදු නොකළ බව එවැනි පාසල් වල විදුහල්පතිවරු පැවසූහ.

තමන්ගේ පාසල්වලට ගුරු වර්ජනය සම්බන්ධයෙන් වෘත්තීය සමිති විසින් දැනුවත්වීම් නොකළ නිසා ගුරුවරු වැඩි ප‍්‍රමාණයක් සේවයට වාර්තා කර ඇතිබව  බොහෝ  විදුහල්පතිවරුන් කීහ.

මේ මෙම වැඩවර්ජනයේ පළමු දිනය සබරගමු පළාත තුළ සාර්ථක බව වර්ජනයට සම්බන්ධ ගුරු නියෝජිතයෝ පැවසූහ. ඔවුන් පැවසුවේ සබරගමු පළාතේ 22,000 කට ආසන්න ගුරුවරු අතරින් අද (18) 80%ක් පමණ වැඩ වර්ජනයට එක්වූ බවයි.

එහෙත් පළාත් අධ්‍යාපන බළධාරීන් එය තරයේ ප‍්‍රතික්ෂේප කරයි. ඔවුන් පැවසුවේ මේ ගුරුවැඩ වර්ජනය අසාර්ථක එකක් බවයි.

ගුරුවරුන්ගේ පැමිණීම සම්බන්‍ධයෙන් පාසල් දරුවන් පැවසුවේ මේ දිනවල වාර විභාග පැවැත්වෙන නිසා ඒ ගැන ඔවුන්ට වැඩි අවබෝධයක් නැති බවයි.

’‘අපි උදේ ඉස්කෝලෙට  ගියා. පන්සිල් ගත්තා. ඊට පස්සේ වාර විභාග පටන් ගත්තා. වෙනදා වගේම පාසැලේ වැඩ කෙරුණා. සර්ලා මිස්ලා ආවේ නැද්ද කියලා අපිට දැනුනේ නෑ’’ පාසල් ශිෂ්‍යයෝ පැවසූහ.

සබරගමු පළාතේ ජාතික පාසල් බොහෝමයක ඉගැන්වීම් කටයුතු සුපුරුදු ලෙස කිසිදු බාධාවකින් තොරව සිදුවූ බව ජාතික පාසල්වල විදුහල්පතිවරු පැවසූහ.

සබරගමු පළාතේ රත්නපුර සහ කෑගල්ල දිස්ත‍්‍රික් දෙකේ අධ්‍යාපන කලාප හතක පාසල් 1134ක් ඇති අතර ඉන් ජාතික පාසල් කිහිපයක් හැර සෙසු පාසල්  සබරගමු පළාත් සභාව යටතේ පාලනය වෙයි. රත්නපුර, ඇඹිලිපිටිය, බළංගොඩ, නිවිතිගල, කෑගල්ල, මාවනැල්ල සහ දෙහි ඕවිට යන අධ්‍යාපන කලාප වල පාසල්වල අධ්‍යයන කටයුතු සුපුරුදු පරිදි අද (18) සිදුවු බව සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගෙන් විමසූ විට ඔහු කීය.



අදහස් (3)

වර්ජනය තිබුණත් සබරගමුවේ පාසල්වල ඉගැන්වීම් සාමාන්‍ය පරිදිම

සේන Thursday, 18 July 2019 05:33 AM

ගුරුභවතුන් වර්ජනයේ නම් පොලීසියෙන්ද උගන්වන්නේ?

:       10       16

ලුම්බිණි Thursday, 18 July 2019 06:24 AM

හැම එකටම වර්ජන... විශ්වවිද්‍යාලවල ළමයි වර්ජන, පාසල්වල ගුරුවරු වර්ජන... මීට අමතරව තැපැල් වර්ජන, දුම්රිය වර්ජන, මෙහෙමත් රටක්...

:       0       79

chandana Thursday, 18 July 2019 09:29 AM

පාට කණ්ණාඩි වලින් බලන අමන වහල්ලු ඉන්න රටක් ගුරුවරුත් මීට සහබාගි වන එක තමයි පිරිහීම.....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 216 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2350 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 539 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1117 3

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 149 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 98 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1509 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site