IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


වයස 21 වෙද්දී උපාධියක් ගන්න හැකි වැඩපිළිවෙළක් - ඇමැති අකිල

ඩයනා උදයංගනී
 
දරුවන්ගේ කාලය නාස්ති නොකර ඔවුන්ට වයස 21 ක් පමණ වන විට උපාධියක් හා වයස 25ක් වන විට ආචාර්ය උපාධියක් ලබාගැනීමට හැකි අයුරින් අධ්‍යාපන ක‍්‍රමය වෙනස් කිරීම තම අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
 
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට උසස් පෙළ අධ්‍යාපන කටයුතු ආරම්භ වන තුරු හා උසස් පෙළින් පසු විශ්ව විද්‍යාල අධ්‍යාපනය ආරම්භ වන තුරු බලාසිටීමට ගතවන කාලය අඩු වන අයුරින් විභාග පැවැත්වීමට මේ වන විට සැලසුම් කර තිබෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
 
ඒ අනුව අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග දෙකම දෙසැම්බරයේ පවත්වා එම මාසයේම ප‍්‍රතිඵල ද නිකුත් කර ජනවාරියේ උසස් පෙළ හා විශ්ව විද්‍යාල ඇරඹීම ඉලක්කය බව ද ඇමතිවරයා කීවේය.
 
ඒ සඳහා ක‍්‍රමවේදයක් විභාග දෙපාර්තමේන්තුව හා එක්ව මේ වන විට සැලසුම් කරමින් පවතින බව ද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.
 
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී අද (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
සාමාන්‍ය පෙළ, උසස් පෙළ හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප‍්‍රතිඵල නිකුත් කරන දින අප ලබා දී තිබෙන බව කී අමාත්‍යවරයා උත්තර පත‍්‍ර පරීක්‍ෂාව නිසා පාසල් ගණනාවක් නිවාඩු කාලවලින් පසු නියමිත දිනයේදී ආරම්භ කිරීමට නොහැකි වීම ගැටලූවක් බව ද මෙහිදී කීවේය.
 
එබැවින් විභාගය පැවැත්වූ සැණින් උත්තර පත‍්‍ර පරීක්‍ෂා කිරීම අරඹා හැකි තරම් නිවාඩු කාලය තුළදීම අවසන් කරන ලෙස විභාග කොමසාරිස්වරයාට උපදෙස් දී ඇති බව කී අකිල විරාජ් කාරියවසම් මහතා, මෙවර උත්තර පත‍්‍ර පරීක්‍ෂාව සඳහා පාසල් වසා තැබුවේ දින 5ක පමණ කාලයක් බව ද කීවේය.



අදහස් (14)

වයස 21 වෙද්දී උපාධියක් ගන්න හැකි වැඩපිළිවෙළක් - ඇමැති අකිල

Mallika Thursday, 20 September 2018 02:32 PM

ඒකනම් හොඳ අදහසක්. අනාගත පරපුරේ දරුවන්ට හොඳ අනාගතයක් නිත්‍යානුකූලවම කලොත්

:       0       190

duleep Thursday, 20 September 2018 03:27 PM

මෙයා දන්නා තරම තමයි. පළමු උපාධිය අවුරුදු 21 දී ගත්තම අඩුම ගණනේ තව අවුරුදු දෙකක් යනවා මාස්ටර් උපාධිය ගන්න. ඒ එක්කම පටන් ගත්තොත් තව අවුරුදු 3 - 3 1/2 යනවා PhD (ආචාර්ය උපාධිය) කරන්න.

:       158       4

යසිත් Friday, 21 September 2018 02:33 AM

ආචාර්ය උපාධියක් කරන්න මාස්ටර් කර කර ඉන්න ඔනේම නෑ. ඔබේ නොදන්නකම පෙන්නන එපා.

:       1       159

ratnasiri Thursday, 20 September 2018 03:50 PM

ඉතා වටිනා වැඩක්

:       0       119

sam Thursday, 20 September 2018 03:53 PM

මෙය ඉතාම ඉහලින් අගය කල යුතු දෙයක්. අපි මෙහෙ ඉගෙන ගෙන ආචාර්ය උපාධිය කරන්න අවුරුදු 25ක් වෙලා වෙන රට වලට යද්දී ඒ රට වල ළමයි අවුරුදු 21-22 අපිත් එක්ක ආචාර්ය උපාධිය පටන් ගන්නවා. ලෝකේ තරුණ ශ්‍රමය, කාලය මනාව හසුරවද්දී අපේ රටේ අපි ගොඩක් පිටි පස්සෙන් ඉන්නේ

:       0       120

ravi Thursday, 20 September 2018 03:59 PM

අධ්‍යාපනයක් නැතුව හෝ උපාධි දුන්නට අපේ විරුද්ධත්වයක් නැහැ, හැබැයි අඩුම වශයෙන් "මනුස්සකම් තියන මනුස්සයින්ට"

:       94       5

RNG Thursday, 20 September 2018 04:50 PM

අගෝස්තු මාසයේ උසස් පෙළ පවත්වලාවත් ජනවාරි වන විට විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගන්න බැරි නම් මේ මොන විහිළු කතා ද ..?

:       3       90

vidya Thursday, 20 September 2018 05:46 PM

ඕක හරිම ලේසි වැඩක්. වෙලාවට පන්ති පටන් අරන්, හරි ආචාර්යවරු පත් කර, නවකවදය නවත්වලා, වර්ජන නවත්වලා, සිසුන් ලවා පොරොන්දු පත්‍රයකට අත්සන් කරගෙන වැඩේ පටන් ගත්තනම් මොකද කරන්න බැරි.

:       30       112

jerami Thursday, 20 September 2018 06:08 PM

හොඳ අදහසක්. ක්‍රියාත්මක කරන්න. ලෝකයේ දියුණු රටවල වයස අවුරුදු 20/ 21 වෙනකොට උපාධියකුත් අරන් රැකියාවකුත් කරනවා. අපේ අය පාරවල් ගානේ වර්ජන කර කර ඉදලා වයස ගියාම රජයට බනිනවා.

:       35       221

Bamunuarachchi Thursday, 20 September 2018 06:50 PM

උපාධියත් සාමන්‍ය පෙළ තත්ත්වයට ගෙන එන්නයි හදන්නේ. ළමයින්ගේ දැනුම දියුණුකර උපාධි මට්ටමට ගන්නවාට වඩා ලෙහෙසී උපාධිය ළමයින්ගේ දැනුම මට්ටමට බස්සන එක

:       212       82

සමන් Friday, 21 September 2018 01:54 AM

ඔය උපාධි දෙන තරමට රස්සාවල් තියෙනවද? ඊළගට දැන් උසස් පෙළ සමත් ළමයි ගන්න දැන් විශ්වවිද්‍යාල වල ඉන්න අය එලවලද ඉඩ ගන්නේ ?

:       55       2

ලුම්බිණි Friday, 21 September 2018 03:30 AM

වයස 21 ක් පමණ වන විට උපාධියක් හා වයස 25ක් වන විට ආචාර්ය උපාධියක් ලබාගැනීමට හැකි අයුරින් අධ්‍යාපන ක‍්‍රමය වෙනස් කිරීම කල යුතේ රටට වැඩක් වෙන විදියට මිසක් නිකම් වැඩක් නැති උපාධි දෙන්න නොවිය යුතුයි. අද ප්‍රශ්නය වෙලා තියෙන්නේ හැම උපාධි කාරයාම (දොස්තරගේ ඉඳල) රජයෙන්ම රස්සා ඉල්ලන එකයි. රටේ අවශ්‍යතා වලට ගැලපෙන උපාධි දෙන්න පාසල් වල ඉඳල විශ්ව විද්‍යාල දක්වාම වෙනස කරනවා නම් තමා හොඳ.

:       0       1

jayantha Friday, 21 September 2018 07:20 AM

දැනට තියන අදහස් කියවල බැලුවා. විවිධ මත තමයි දරන්නේ. කොච්චර හොඳ දෙයක් කරන්න ගියත් අකමැති අය ඉන්නවා. බහුතරයගේ අදහස ක්‍රියාත්මක කලානම්, දියවන්නාවේ ඉඳලම, වර්ජන නෑ. නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා නම් කාටවත් නටන්න බෑ. ලෝකය දිහා බළල වැඩ කරන්න පුරුදුවෙන්න ඕනෑ. සමහරුන්ට රිදේවි. වැඩේ පටන්ගත්තොත් අනාගතය හොඳ වේවි පොඩි අයගේ. ජයවේවා !!!

:       0       1

prabha Friday, 21 September 2018 10:33 AM

වැඩේ හොඳයි. ඔය එක්කම උපාධියේ ගුණාත්මක බව වැඩි කරන්න පුළුවන් නම් තවත් හොඳයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 3 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 122 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 107 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 108 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 203 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 384 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 268 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1617 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site