IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


වනජීවි සහකාර අධ්‍යක්ෂකට මහාධිකරණයෙන් තරයේ අවවාද

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

නීතිවිරෝධී අන්දමින් අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ අධි චෝදනා නඩුවේ විත්තිකාර  වනජීවි දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක උපාලි පද්මසිරි නැමැත්තාට අද (09)  ත‍්‍රිපුද්ගල මහාධිකරණය තරයේ අවවාද කළේය.

කිසිදු විත්තිකරුවෙකුට ලිපි මඟින් අධිකරණය සමඟ ගනුදෙනු කිරීමේ හැකියාවක් නොමැති බව තරයේ මතක තබා ගන්නා ලෙසද අධිකරණය එම විත්තිකරුට දැනුම් දුන්නේය.

නීතිවිරෝධී අන්දමින් අලි ඇතුන්  සන්තකයේ තබා ගැනීමේ නඩුවේ විත්තිකාර සහකාර අධ්‍යක්ෂවරයා අධිකරණයට ලිපියක් මඟින් දැනුම් දී ඇත්තේ විත්ති චාචික ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවද දැනුම්දී තිබුණද  අධිකරණය මෙවැනි ලිපි ගනුදෙනු නොකරන බවත් සභාපති විනිසුරු විකුම් කළුආරච්චි මහතා විත්තිකරුට තරයේ අවවාද කරමින් කියා සිටියේය.

විකුම් කළුආරච්චි (සභාපති විනිසුරු) , ධම්මික ගනේපොළ , හා ආදිත්‍ය පටබැඳිගේ යන ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.

එම නඩුවේ සාක්කි විභාය ලබන 12 වැනිදා ආරම්භ කිරීමටද විනිසුරු මඩුල්ල එහිදී තීරණය කළේය.

ප‍්‍රකට අලි ජාවාරම්කරුවෙකු වන සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නැමැත්තා ඇතුළු අට දෙනෙකු නීතිවිරෝධි අන්දමින් අලි ඇතුන් පස් දෙනෙකු නීතිවිරෝධී ලෙස තබා ගැනීමට එරෙහිව නීතිපතිවරයා නඩු පවරනු ලැබීය.

 



අදහස් (2)

වනජීවි සහකාර අධ්‍යක්ෂකට මහාධිකරණයෙන් තරයේ අවවාද

de silva Tuesday, 10 December 2019 03:21 AM

අවවාද කරලා පමණක් මදි හිරේ යවන්න ඕනේ ? ලොකු ලොක්කෝ අලි කිහිප දෙනෙක් හොරකම් කරහම අවවාද කරනවා අපි කැලේ ඉන්න කුරුල්ලෙක් හෝ පොඩි සතෙක් ගෙදර ගෙනාවොත් කලොත් දඩුවම් කරනවා.

:       0       29

Gune Tuesday, 10 December 2019 08:04 AM

ඕකනේ වැඩේ. උසාවියට ඉල්ලීමක් කරනකොට ලියුම් ලියන එක වැරදියි කියල දන්නේ නැත්නම් ඒ මනුස්සයා ඔය වගේ තනතුරකට සුදුසු නැහැ. සුදුසුකම් තියෙන අය බොහොම අඩුයි. රජයේ සේවයේ විතරක් නෙමෙයි දේශපාලනෙත් එහෙමමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 0 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1075 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 2416 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 2793 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1388 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 358 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 285 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1646 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site