IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වන සංරක්ෂණ නිලධාරීන්ට රාජ්‍ය ඇමති රංගේ බංඩාරගෙන් අපහාසාත්මක තර්ජන

හිරාන් ප්‍රියංකර ජයසිංහ
 
වන සංරක්ෂණ නිලධාරීන්ට ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු වලදි රාජ්‍ය ඇමති පාලිත රංගේ බංඩාර මහතා විසින් අපහාසාත්මක ආකාරයෙන් ඇමතීම හේතුවෙන් ඉදිරියේදී දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බව පුත්තලම දිසා වන නිලධාරි වන සංරක්ෂක ජනරාල් වරයාට ලිපි මගින් දන්වා තිබේ.

 
පුත්තලම දිසා වන නිලධාරී ඩි.එම්.බි.එම් .බංඩාර මහතාගේ අත්සනින් යුතු මෙම ලිපිය නියෝජ්‍ය ජනරාල්වරයා වෙත යොමු කර තිබේ .
 
එම ලිපියේ වැඩි දුරටත් දක්වා ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ වසර ගණනාවක් තිස්සේ රජයේ රක්ෂීත හා වෙනත් වනාන්තර ඉඩම් වල අනවසරයෙන් පදිංචිව සිටින හා ඒවාට සම්බන්ධව නිත්‍යානුකූල හිමිකම් නොමැතිව පදිංචිකරුවන්  සම්බන්ධ ඉඩම් ගැටළු විසදීමට වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව කටයුතු කරමින් පවතින බවයි.
 
එසේම එම  ලිපියේ  තව දුරටත් සඳහන් කර ඇත්තේ  දිසා වන නිලධාරී ලෙස මාගේ රාජකාරි මට්ටමින් හා අඩවි වන නිලධාරීන් ඇතුළු අනෙකුත් කේෂත්‍ර නිලධාරීන්ගේ මට්ටම් වලින් සිදු කළ යුතු කේෂත්‍ර පරික්ෂණ සිදුකර අදාල ඉඩම් සම්බන්ධව සියලුම වාර්තා ප්‍රධාන කාර්යාලයට යොමු කර ඒ සම්බන්ධව ප්‍රධාන කාර්යාලය හා අමාත්‍යංශය මේ වන විට කටයුතු කරමින් තිබියදි රාජ්‍ය ඇමති වරයා එම සිද්ධීන් මුල් කරගනිමින්  තව දුරටත් නිලධාරීන් හිතා මතා ප්‍රමාද කරන බවට චෝදනා එල්ල කරමින් ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු වලදි අනිකුත් නිලධාරීන් හා සහභාගි වි සිටින පිරිස් ඉදිරියේ අපහාසාත්මක අයුරින් බැන වදින බව ලිපියේ සඳහන් කර තිබේ.
 
 
මෙසේ රාජ්‍ය ඇමති වරයා විසින් තම නිලධාරීන්ට මෙසේ අපහාසාත්මක අයුරින් බැණ වැදුන ආසන්නම සිද්දිය ලෙස නවගත්තේගම ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව බවද සදහන් කරන දිසා වන නිලධාරීවරයා එදින මෙම කමිටුව සඳහා ආණමඩුව අඩවි වන නිලධාරී ඩබ්ලියු .ඩි. විමලසිරි හා නවගත්තේගම බිට්ටු වන නිලධාරී අයි.ජී. සි.අරුණ කුමාර  යන නිලධාරීන් සහභාගිවි ඇති බවත් එහිදි රාජ්‍ය ඇමති වරයා විසින් මෙම නිලධාරීන්ට අපහාසාත්මක සහ තර්ජනාත්මක අයුරින් පවසා ඇත්තේ කේෂත්‍ර පරික්ෂණ සඳහා යාමේදි ප්‍රදේශවාසින් පහර කෑමට ලක් කරන බවටත් වනාන්තර ඉඩම් නිදහස් නොකරන්නේ නම් මින් පසුව කමිටු සඳහා සහභාගි නොවන ලෙසටද තර්ජනය කළ බව එම නිලධාරින් තමන්ට වාර්ථා කර ඇති බව දිසා වන නිලධාරි වරයාගේ ලිපියේ සඳහන් වෙයි.



අදහස් (6)

වන සංරක්ෂණ නිලධාරීන්ට රාජ්‍ය ඇමති රංගේ බංඩාරගෙන් අපහාසාත්මක තර්ජන

Raveendra Thursday, 19 July 2018 03:56 PM

කතාව සහතික ඇත්ත.

:       0       8

pissa Thursday, 19 July 2018 04:00 PM

පුවත් මවන්නෙක්...

:       2       77

sanath Thursday, 19 July 2018 05:25 PM

ආරක්ෂක අංශවල සේවය කරපු මිනිස්සු දේශපාලනයට සම්බන්ධවුනාම ඔහොම තමයි. ගහලා බැනලා තර්ජනය කරලා හරි තමන්ට උවමනා දේ කරවගන්න තමයි එයාල උත්සහ කරන්නේ.

:       121       456

MaheeFriday, 20 July 2018 01:04 AM

සනත් එක්ක මාත් එකඟයි. පරණ පුරුද්ද අත් ඇර ගන්න බැරුව ඇති. ඔබේ අදහසට ඔච්චර ඩිස්ලයික් දාල තියෙන්නෙත් එහෙම කෙනෙක් වෙන්න ඕන.

:       0       38

Raveendra Friday, 20 July 2018 12:58 AM

කැලේ ඉන්න සත්තු පිලිබදව වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව දැනගෙන හිටිය පුත්තමේ ඉන්න දඩාවතේ යන සත්තු ගැන දන්නේ නැහැ නේ ?

:       1       170

ගොඩ්ඩින් Sunday, 22 July 2018 01:36 PM

දිමු හිටියා නම් මෙයාගේ චණ්ඩිකම් නැහැ. දිමු ඉන්න කාලේ මෙයා හැන්ගිලාමයි හිටියේ.. දිමු ගේ වාහනය දැක්කත් මෙයාට චූ යනවලු..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 2 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 112 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 90 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 84 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 249 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 172 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 320 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site