IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වකුගඩු රෝගීන්ට අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක්

(ඩයනා උදයංගනී)


වකුගඩු රෝග සායන පැවැත්වෙන කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල්වල ඇතැම් ඖෂධ හිඟවීම හේතුවෙන් වකුගඩු රෝගීහු දැඩි පීඩාවකට පත්ව සිටිති.
 
 සාමාන්‍යයෙන් මාසිකව පැවැත්වෙන සායනවලදී රෝගියාට මසකට අවශ්‍ය ඖෂධ ලබාදෙන අතර මාස කිහිපයක සිට පවතින ඖෂධ හිඟය හේතුවෙන් එම ඖෂධ නිසි ලෙස ලබාදීම සිදු නොවේ.
 
මේ හේතුවෙන් තමාට අවශ්‍ය ඖෂධ සඳහා මසකට රුපියල් 40,000ක පමණ මුදලක් වැය කරමින් ඖෂධ ලබාගැනීමට සිදුව ඇති බව වකුගඩු බද්ධ කිරීමක් සිදුකළ රෝගියෙක් ලංකාදීපයට පැවසීය.
 
උදාහරණයක් ලෙස ගතහොත් වකුගඩු බද්ධ කළ රෝගීන් ඇතුළු රෝගීන්ට දෛනිකව අවශ්‍ය එම්.එම්.එෆ් (මයිකොෆිනොලේට් මොෆිටිල්) නැමති ඖෂධය වර්තමානයේදී මසකට ලබා නොදෙන අතර ලබාදෙන්නේ සතියකට පමණි.
මේ හේතුවෙන් දුර බැහැර සිට සතිපතා රෝහලට පැමිණීමට සිදුව ඇති බව රෝගීහු පවසති.
 
එලෙස ඖෂධ ලබාගැනීම සඳහා අද (21) දිනයේ කොළඹ ජාතික රෝහලේ වකුගඩු රෝග සායනය වෙත පැමිණි රෝගීන්ට හා එදින නියමිත සායනයට පැමිණි රෝගීන්ට ආපසු යාමට සිදුවූයේ එම ඖෂධය නොමැතිව හිස් අතිනි.
 
එම ඖෂධය ඔසුසල්වල රුපියල් 290ක් වන අතර පෞද්ගලික ඖෂධ වෙළ`දසැල්වල රුපියල් 300ත් 350ත් අතර මිලක් වේ.
           
ඔසුසල්වල පවා අද (21) දිනයේදී ඖෂධය නොමැති බව වාර්තා විය.
 
එමෙන්ම පෞද්ගලික ඖෂධ අලෙවිසැල්වලින් අප කළ විමසීමකදී ඔවුන් පැවසුවේ තමන් සතුවද මෙම ඖෂධය නොමැති බවයි.
 
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඒ.ටී සුදර්ශන මහතා පැවසුවේ ඖෂධ සමාගම්වලින් එම්.එම්.එෆ්  ඖෂධයේ මිල ඉහළ නැංවීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම ගැටලූව ඇතිවූ බවයි.


මේ වන විටත් රුපියල් 200ක් පමණ වන මෙම ඖෂධයේ මිල රුපියල් 400ක් පමණ දක්වා වැඩිකිරීමට සමාගම් උත්සාහ කළ අවස්ථාවේ රුපියල් 35ක මිලකට ටෙන්ඩර් ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සාකච්ඡා ආරම්භ කළ බවත්, එම කාලයේ එක් ටෙන්ඩරයක් අවලංගුවීම හේතුවෙන් මෙම හි`ගය ඇතිවූ බවත් ඔහු සඳහන් කළේය.
           
කෙසේ වෙතත් මේ වන විට ඖෂධ සමාගම් එම ඖෂධය රුපියල් 55ක මිලකට ලබාදීමට එකඟවීම හේතුවෙන් ටෙන්ඩර් කැඳවා ඇතැයි කී නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා තවත් දෙසතියකින් පමණ රෝගීන්ට මෙම ඖෂධය හිඟයකින් තොරව ලබාදීමට හැකි වනු ඇතැයි ද කීවේය.



අදහස් (0)

වකුගඩු රෝගීන්ට අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 62 0

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 405 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 732 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 262 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 226 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 260 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site