IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වංචා නඩුවෙන් ඇමැති රංගේ බණ්ඩාර නිදහස්

මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ 
 
සුඛෝපභෝගි මෝටර් රථයක් පවරා දීමේ පොරොන්දුව මත රුපියල් ලක්‍ෂ 54ක මුදලක් ලබා ගෙන වංචා කළ බවට චෝදනා ලැබ සිටි වාරීමාර්ග රාජ්‍ය අමාත්‍ය  පාලිත රංගේ බණ්ඩාර මහතා  නිදොස්කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව  මහතා අද නියෝග කළේය.
 
පාලිත රංගේ බණ්ඩාර මහතාට එරෙහිව පවරා ඇති නඩුවට පාදක වු සිද්ධිය සමථයකට පත්වු බව එහි පැමිණිලි පාර්ශ්වය දිව්රුම් ප‍්‍රකාශයක් මඟින් දැනුම් දී ඇති බව නියේජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා කළ දැනුම් දීමක් සැළකිල්ලට ගත් විනිසුරුවරයා නඩු කටයුතු අවසන් කරමින් එලෙස නියම කළේය.
 
2002 මාර්තු මස 22වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාදිවෙලදී සුඛෝපභෝගි මෝටර් රථයක් වසර පහක කාලයකින් පවරා දීමේ පොරොන්දුව මත රුපියල් ලක්‍ෂ 54ක මුදලක් දිනේෂ් රත්නායක නමැත්තාගෙන් ලබාගෙන පොරොන්දු වු පරිදි මෝටර් රථය පවරා නොදී එම  මුදල සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කරන ලදැයි විත්තිකරුට  එරෙහිව  නීතීපතිවරයා  විසින්  චෝදනා  නඟා  ඇත.
 
මේ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර වාරීමාර්ග රාජ්‍ය අමාත්‍ය  පාලිත රංගේ බණ්ඩාර මහතාද අධිකරණය හමුවේ පෙනී සිටියේය.



අදහස් (6)

වංචා නඩුවෙන් ඇමැති රංගේ බණ්ඩාර නිදහස්

Sathyayaa Tuesday, 12 December 2017 03:05 PM

අනේ අනික් නඩුවලත් පැමිණිලිකාර පාර්ශවය සමාදානයට කැමති වෙනවා නම් මේ රටේ නඩු මොනවත් නැහැනේ. හැබැයි එහෙම වෙන්න නම් රටේ පුරවැසියන්ගෙන් 50% ක් ඇමති වරුත්, අනෙක් 50% පැමිණිලි පාර්ශවයත් වෙන්නම ඕනේ.

:       0       150

Sathyayaa Tuesday, 12 December 2017 03:07 PM

නඩුවෙන් නිදහස් වෙන බොහෝ මිනිසුන් චෝදනාවෙන් නිදහස් නොවෙනවා පමණක් නොවෙයි හෘද සාක්ෂියෙන් නිදහස් වෙන්නෙත් නැත.

:       0       98

wije Tuesday, 12 December 2017 04:28 PM

අනේ අපි නම් නඩුව අහන්න කලින්ම දන්නවා නිදොස්කොට නිදහස් වෙනවා කියලා.

:       33       165

Sarath Tuesday, 12 December 2017 11:43 PM

බඩගින්නට අඹ කඩපු අම්මගේ නඩුව තාම යනවා. ලොකු වරදක් ඒක. සමහරවිට හිරේ ලගින්නත් වේවි. මොහු කරලා තියෙන්නේ සුළු වරදක් එදා වේල හොයාගන්න.

:       0       69

Senarath Wednesday, 13 December 2017 03:21 AM

මේ තමයි තිබුණු ආණ්ඩුව විවේචනය කරමින් යහපාලනය ගේන්න කථාකරපු ‘‘ලිච්චවී පාලනයක්‘‘ . මේක කියෙව්වහම තේරෙනවා...වංචාව කරලා බේරෙන්න බැරි වෙනකොට සමතයකට පත්වෙනවා....

:       0       75

nihal Wednesday, 13 December 2017 05:10 AM

මේක මොකක්ද මහබැංකු හොරුත් නිදහස් කල එකේ.. සෙතක් වෙයිද එහෙම රටකට

:       0       122

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 107 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 113 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 529 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 434 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 157 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1586 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 318 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site