ලොව පුරා හෙදියන් 600කට වැඩි පිරිසක් කොවිඩ් - 19 රෝගයෙන් මියගොස් ඇතැයි ජාත්‍යන්තර හෙද කවුන්සිලය පවසයි.
එසේම ලොව පුරා සෞඛ්‍ය සේවකයින් 450,000කට රෝගය ආසාදනය වී ඇතැයි ද ඔවුහු පවසති.
රටවල් 30කට වැඩි සංඛ්‍යවකින් මෙම තොරතුරු රැස්කර තිබේ.
"පසුගිය මාස දෙක තුළ ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 100 සිට 600 දක්වා වැඩි වී ඇත. බොහෝ රටවල් සෞඛ්‍ය සේවකයින් වයිරසයට නිරන්තරවම නිරාවරණය වෙමින් සිටියි. මෙම සංඛ්‍යා දිගින් දිගටම ඉහල යනවා." යැයි ජාත්‍යන්තර හෙද කවුන්සිලයේ ප්‍රධාන වාධායක නිලධාරී හොවාර්ඩ් කැටන් පවසා ඇත.
ඔවුන් පවසන්නේ කොවිඩ් - 19 ආසාදිතයන්ගෙන් 7%ක් සෞඛ්‍ය සේවකයන් බවයි.
කෙසේවුවද සැබෑ අගයන් මීට වඩා වැඩිවිය හැකි බවද හෙදියන් සහ අනෙකුත් කාර්යමණ්ඩලය දැඩි අවදානමක සිටින බවද ඔවුහු වැඩිදුරටත් පවසති.
සෞඛ්‍ය සේවකයින් අතර ආසාදන අනුපාතය රටකින් රටකට බෙහෙවින් වෙනස් වෙයි. එය සිංගප්පූරුවේ 1% අඩුවන අතර අයර්ලන්තයේ 30%කට වඩා වැඩි වේ.
ස්පාඤ්ඤයේ සහ ජර්මනියේ කොරෝනා රෝගය විශාල වශයෙන් පැතිර ගියද සෞඛ්‍ය සේවකයින්ගේ මරණ වාර්තා වී ඇත්තේ අඩු සංඛ්‍යාවකි.
වසංගතයේ නව කේන්ද්‍රස්ථානය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන, ලතින් ඇමරිකානු රටවල හෙදියන් අතර මරණ අනුපාතය වැඩි වී ඇතැයි ද හෙද සංවිධානය පෙන්වා දෙයි.
සෞඛ්‍ය සේවකයින් සම්බන්දව නිවැරදි දත්ත ලබාදෙන ලෙසත් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙසත් සියලු රටවලින් ජාත්‍යන්තර හෙද සංවිධානය ඉල්ලා ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලොව පුරා හෙදියන් 600ක් කොරෝනාවෙන් මියගිහින්
Siva Wednesday, 03 June 2020 02:55 PM
කවුරු මොන කතා කිව්වත් ලංකාවේ සෞඛ්‍යය කාර්යමණ්ඩලවලට ඉහලම ගෞරවය හිමිවිය යුතුමයි. මොකද අධ්යක්ෂවරු ඇමතිවරුන්ට ඕන විදියට නැටවෙද්දි තීන්දු තීරන ගද්දි සියල්ල සම්පූර්ණ යැයි කියා ගනිද්දී තමන්ට අවශ්‍ය ආරක්ෂක ඇඳුම් තමන්ම වාට්ටු තුල මසා ගනිමින් පවුල් වලින් ඈත් වී ඒ කල කැප කිරීම් අති විශාලය.
Pradeep Wednesday, 03 June 2020 04:34 PM
අනුන්ගේ ජිවිත සුරැකීමට ගොස් අකාලයේ මරු තුරුලට ගිය ඔබලාට නිවන් සුව පතමි.