(ඉන්දික අරුණ කුමාර සහ මහේෂ් කීර්තිරත්න)
මාතලේ - කැටවල අංකන්ද වත්තේ කොස් කැඩීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකුට විදුලි සැර වැදී අද (6) මියගොස් ඇතැයි මහවෙල පොලිසිය කියයි.
විදුලි සැර වැඳීමෙන් මියගොස් ඇත්තේ මාතලේ - සැලගම ප්‍රදේශයේ පදිංචිව සිටි රන්දිල් පියුමන්ත ජයසිරි නැමැති 24 හැවිරිදි අයෙකු සහ එම ලිපිනයේම පදිංචිව සිටි සජිත් ප්‍රසන්න ජයවර්ධන නැමැති 23 හැවිරිදි අයෙකු බව පොලිසිය සඳහන් කළේය.
කුඩා ලොරි රථයකින් කොස් කැඩීමට සඳහා අංකන්ද වත්ත ප්‍රදේශයේ ඉඩමකට පුද්ගලයින් තිදෙනෙකු පැමිණ ඇති බවත් කොස් ගසක් යට නතර කර තිබූ ලොරි රථයට එකවරම කොස් අත්තක් කඩාවැටුණු බවත් එම ඉඩමේ මුරකරු සඳහන් කළේය.
කොස් අත්ත අධිබලැති විදුලි රැහැනක පැටලී ලොරිය මතට කඩාවැටුණු බව ඉඩමේ මුරකරු වැඩිදුරටත් පැවසීය.
විදුලි රැහැන ඇද වැටුණු පසු ලොරි රථය ගිනි ගත් බවත් රියදුරු අසුනේ සිටි පුද්ගලයෙකු ඉන් පිටතට ඇදීමට තවත් පුද්ගලයෙකු උත්සහ කරන අයුරු දුටු බවත් ඉඩමේ මුරකරු සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිත ඇති බවත් වැඩිදුර විමර්ෂන මාතලේ හා මහවෙල පොලිසිය මගින් සිදුකරන බවත් පොලිසිය කීය.
(ඡායාරූප - ඉන්දික අරුණ කුමාර )
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලොරියක් මතට අධිබලැති විදුලි රැහැන් වැටී තරුණයින් දෙදෙනකු මරුට
සමිත සේනක අලුත්ගමගේ Saturday, 06 June 2020 10:22 AM
අනේ ! දෙවියනේ .. මෙහෙමත් විපත් .. මොන කරුමයකටද මේ තරුණයන් දෙදෙනා මේ ඛේදජනක ඉරණමකට පාත්‍ර වුණේ ..?
Mr Don Saturday, 06 June 2020 03:32 PM
බලවත් කණගාටුව.... තරුණ ජීවිත.... 2ක්
Siri Saturday, 06 June 2020 03:46 PM
පුද්ගලික වත්තක් හරහා කොස්ගස් වලටත් පහලින් අධි බලති විදුලි රැහැන් අදින්නේ නැහැ. මේ වත්තේ සාමාන්‍ය (240)V වියයුතුයි. රියැදුරා කැඩුණු කම්බිය අල්ලන්ඩ ඇති.
Pradeep Saturday, 06 June 2020 05:26 PM
පෙනෙන හැටියට උත්සහ වන්ත තරුණයෝ දෙන්නෙක්. බොහොමයක් තරුණයින් හන්දි ගානේ ත්‍රිවිල් වල සහ තවත් සමහර අය නිකරුනේ සහ විෂමාචාර ක්‍රියාවල නියැලෙමින් කාලය ගත කරන විට කොස් කඩා විකුණා දිවිය සරු කර ගැනීමට උත්සාහ කල දිරිමත් තරුණයින් දෙදෙනෙක්. නමුත් ඔවුන්ගේ ධෛර්යවන්ත කමට වැඩිය අකුසල කර්මය බලවත් වෙලා. පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ...
පූජා Saturday, 06 June 2020 05:46 PM
ඉතාම සංවේග ජනකයි! ජීවිතයේ සුන්දරම කාලේ වෙච්ච විපත්තියක්. නිවන් සුවය පතමු....!
මුණසිංහ Sunday, 07 June 2020 01:50 AM
විදුලි බල මණ්ඩලය ඊට සම්පූර්ණයෙන් වග කිව යුතුයි. අධිබල විදුලි රැහැන්වලට ඉහළින් කිසිම බාධකයක් තියෙන්න බැහැ. විදුලි බල මණ්ඩලයට එරෙහිම නීතිමය පියවර ගන්න.
jayath Sunday, 07 June 2020 02:40 AM
ඔව් සිරි, අපේ කට්ටිය හැමදාම කඩා වැටිච්ච 240 වෝල්ට් විදුලි වයර අධි සැර කියලා ප්‍රමෝට් කිරීම හැමදාම වැරැද්දක්...!
janahanda Sunday, 07 June 2020 10:12 AM
විදුලි බල මණ්ඩලය ඊට සම්පූර්ණයෙන් වගකිව යුතුයි. අධිබල විදුලි රැහැන්වලට ඉහළින් කිසිම බාධකයක් තියෙන්න බැහැ. විදුලි බල මණ්ඩලයට එරෙහිම නීතිමය පියවර ගන්න. ක්‍රමයක් ලංකාවේ නැහැ එය සුපිරි ආයතනයක් සාමාන්‍යාධිකාරිවරුන් ප්රකෝටිපතියන් වෙලා විදුලි කණුවලට වඩා ඉන්නවා.. හොයන්න ගියොත් වැඩවර්ජන කරනවා. මේ එ්කාධිකාරය බන්ධනාගාරය වැනිය.