(කාංචන කුමාර ආරියදාස)
ලොරි රථ දෙකක් දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර මිනීමරු වංගුව ප්‍රදේශයේදී අද (15) අලුයම 4.45 ට පමණ මුහුණට මුහුණ ගැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
හබරණ ප්‍රදේශයේ සිට දඹුල්ල දෙසට ධාවනය වු වී පැටවූ ලොරි රථයක් සහ දඹුල්ල දෙසින් හබරණ දෙසට ධාවන වු නූඩ්ල්ස් ප්‍රවාහනය කරන ලොරි රථයක් ගැටී මෙම අනතුර සිදු වී තිබේ.
වී ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයේ ඉදිරිපස අසුනේ වාඩිවී සිටි ලොරි රථයේ සහායකයා පැය භාගයක පමණ කාලයක් එහි සිරවී සිටියදී එළියට ගැනීම සඳහා දැඩි උත්සාහයක් ගත් බවත් පසුව ජනාධිපති ආරක්ෂක අංශයේ මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහනයක පැමිණි පිරිස සහ එම වාහනයෙන් ලණු දමා ඉදිරිපසට ලොරි රථය ඇද රිය සහායකයා එලියට ගත් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
ඔහු ඉතා බරපතල තත්වයෙන් මේ වන විට දඹුල්ල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය. මෙම රිය අනතුරින් තුවාල ලබා ඇති වී ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයේ රියදුරු රිය සහයක සහ නූඩ්ල්ස් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයේ රියදුරු බව පොලීසිය සඳහන් කළේය.
නිරන්තරයෙන්ම දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ මිනීමරු වංගුව හන්දිය අනතුරු රැසක් සිදුවන ස්ථානයක් බවත් රියැදුරන්ගේ අපරීක්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරුවලට හේතුව බව දඹුල්ල පොලිසිය කියයි . අනතුර සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුරටත් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලොරි දෙකක් ගැටී තිදෙනෙක් රෝහලේ