IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලොකු ලූනු රට යැවීම රේගුව තහනම් කරයි

( +++ මහින්ද නිශ්ශංක)

බී ලූනු අපනයනය රේගුව මගින් තහනම් කර තිබේ.


බී ලූනු අපනයනය කිරීමෙන් මෙරට වෙළෙඳපොළේ බී ලූනු හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා මුදල් අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මෙම තහනම පනවා ඇතැයි රේගු ආරංචි මාර්ග පවසයි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් මෙරටට ආනයනය කරන බී ලූනු කන්ටේනර පිටින් ඉන්දියාවට අපනයනය කරන බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධව මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමු කිරීම අනුව මෙම තහනම පනවා ඇත.

දැනට ඉන්දියාවේ පවතින බී ලූනු හිඟය නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන්නන්ගෙන් බී ලූනු අඩු මිලට ගෙන එක්තරා පෞද්ගලික ආයතනයක් ඉහළ මිලකට ඉන්දියාවට ප්‍රතිඅපනයනය කරන බවට තොරතුරු වාර්තා වේ.



අදහස් (8)

ලොකු ලූනු රට යැවීම රේගුව තහනම් කරයි

මුණසිංහ Tuesday, 10 December 2019 06:04 AM

මේ ජාවාරම මෙතෙක්කල් නතර නොකළේ ඇයි ? වගකිව යුතු ඔවුන් කවුරුන්දැයි අඩුම ගණනේ මාධ්‍ය වලින් ප්‍රසිද්ධ කරන්න දඩුවම් දෙන්න බැරි නම්...........ගම්මිරිස් ගෙන ඒමත් මේ වැඩෙත් රටට ද්‍රෝහීව කළ වැඩ.

:       15       44

Mahee Tuesday, 10 December 2019 07:59 AM

මට නම් මේක තේරෙන්නේ නැහැ. ලොකු ලුණු ගොවියාට ඉතාම වාසි සහගතයි. ඉන්දියාවට බැරි නම් මොන දේශේකට හරි හැටි ලුණු අපනයනය කරනවා නම් ලංකාවට විදේශ විනිමයත් ලැබෙනවා. ඒ එක්කම ලංකාවේ පාරිභෝගිකයාට අසාධාරණයක් නොවන මට්ටමක මිල පවත්වා ගන්නත් වග බලා ගණන ඕන බව ඇත්ත. නමුත් අපේ පුරාවස්තු වැනි ජාතික දේපල නොව නිෂ්පාදිත ද්‍රව්‍ය අපනයනය කරන එක නවත්වනවා කියන එක හරි වැඩක් කියලා මට නම් හිතෙන්නේ නෑ.

:       72       59

රවින්Tuesday, 10 December 2019 09:50 AM

ඔබ මේ කාරණාව ගැන බලලා තියෙන්නේ වැරදි කෝණයකින්. ප්‍රශ්නය ශ්‍රී ලාංකික නිෂ්පාදන පිටරට යැවීමක් නොවේ. අපේ රටේ විදේශිය විනිමය පිටරට පැටවීමයි. දැනට රටට අවශ්‍ය ලුණු ප්‍රමාණය මෙරට නිෂ්පාදනය නොකරන හෙයින් පිටරටින් ආනයනය කරනු ලබයි. අපේ රටේ හිඟ පාඩුවට පිටරටින් ගෙනවිත් හිඟ පාඩුව සමතුලනය කිරීම වෙනුවට අනවශ්‍ය හිඟයක් මවාපා පාරිභෝගිකයා සූරාකෑමක්. මෙයින් අපේ ගොවියාට සහනයක් ලැබෙන්නේ නැහැ. මොකද කියනවානම් ගොවියාට හම්බවෙන්නේ සහතික මිලක් පමණයි. අතර මැදි වෙළෙන්දා/දෝ අනවශ්‍ය ලෙස ලාබ ලබාගැනීමක් කරනවා. අපනයන ආදායම් නිසා බදු සහන ඇතුළු අනිකුත් පහසුකම් ලැබෙන නිසා ඔවුන් එම ආදායම් අනවශ්‍ය නොවන භාණ්ඩ ආනයන කිරීමෙන් රටට පාඩුවක් වෙනවා.

:       1       35

මුණසිංහTuesday, 10 December 2019 12:13 PM

මෙයා අල්ලන්නෙම වැරදි කොනෙන්.

:       2       8

MaheeTuesday, 10 December 2019 12:33 PM

මට වැරදීමක්. ඔබට බොහොම ස්තුතියි රවීන්.

:       0       0

lalithm Tuesday, 10 December 2019 08:45 AM

ප්‍රති අපනයනය ජාවාරමක් නම් සිංගප්පුරුව ඩුබායි වගේ රටවලින් අපි බදු ගන්නේ මොකද? තෙල් බින්දුවක්වත් නැති සිංප්පුරුවෙන් අපි තෙල් ගන්නවා. ඩුබායි රටෙන් වෙනත් අහාර ගෙන්නනවා. වෙළඳ ආර්ථිකය තේරුම් නොගෙන අපි හැම ආදායම් මාර්ගයක්ම වහනවා.

:       1       60

athuraTuesday, 10 December 2019 12:45 PM

අපේ කට්ටියට ඕවා තේරෙන්නෙ කල් ගිහින් තව ටික කාලෙකින් කාටත් හොරෙන්ම මේ පැත්තෙ කෙනෙක්ම ඕකට අත ගහයි.

:       0       0

Walter White Tuesday, 10 December 2019 12:55 PM

මහී මහත්මයා කියන දෙය වැඩි දෙනෙක්ට තේරෙන්නේ නැතිවා වගේ. ප්‍රති අපනයනය කියන්නේ හොඳ බිස්නස් එකක්. ලංකාවේ කොළඹ වරාය කියන්නේ ප්‍රති අපනයනය නිසා දියුණුවන තැනක්. ඉන්දියා ලංකා වෙළඳ ගිවිසුම නිසා ලංකාවට පුළුවන් අනෙත් රට වලට වඩා අඩු බද්දක් ගෙවල ඉන්දියාවට ද්‍රව්‍ය අපනයනය කරන්න. මේ තහනම පනවලා තියෙන්නේ දෙසැම්බර් මාසයේ ලංකාවේ ආහාර ද්‍රව්‍ය ඉල්ලුම වැඩි නිසා මිළ ඉහල යාම වලක්වන්න. ඒක දේශපාලනික තීන්දුවක්. නමුත් රටට අවාසියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 314 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 888 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2311 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2575 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 754 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 313 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site