තරිඳු ජයවර්ධන
ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත් කිරීමට අනුමැතිය දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් මාස එක හමාරක් තිස්සේ එම තනතුරුවලට පත් නොකිරීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් කිහිප දෙනකු පොලිස්පතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට යතියි පොලිස් ආරංචි මාර්ග කියයි.
ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් අවස්ථා කිහිපයකදීම ඔවුන් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත් කරන ලෙස උපදෙස් දී ඇතතත් මේ වන තෙක් පොලිස්පතිවරයා අදාළ පොලිස් පණිවුඩ නිකුත් කර නැතැයි එම ආරංචි මාර්ග පවසයි.
ජාතික පොලිස් කොමිෂන් සභාව ඊයේ (23) රැස්වූ අවස්ථාවේ ද මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස් දෙනා වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත් කරන ලෙස අවසන් වරට පොලිස්පතිවරයාට දැනුම් දුන් බව කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත් කිරීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් අතර සිටින කිලිනොච්චි කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා සහ දුක්ගැනවිලි කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී පෙරේරා මහතා වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත් කිරීමට ගත් තීරණය සලකා බලන ලෙස පොලිස්පතිවරයා කොමිසමෙන් ඉල්ලා තිබිණි. තම තීරණයේ වෙනසක් නැතැයි පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.
කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී 2016 ජුනි 18 වැනි දා පැවැති රැස්වීමකදී තමා කිලිනොච්චි කොට්ඨාසයෙන් ඉවත් කරන බවට පොලිස්පතිවරයා කළ ප්‍රකාශකට එරෙහිව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණු අතර පොලිස්පතිවරයාට එවැනි මාරු කිරීමට නොහැකි බව අධිකරණය තීරණය කර තිබිණි. ඉන් පසු අවස්ථා කිහිපයක දීම තමාට එරෙහිව නීති විරෝධී ලෙස විමර්ශන සිදු කළ බවට සිරිවර්ධන මහතා පොලිස් කොමිෂන් සභාවට පැමිණිල්ලක් සිදු කර ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී පෙරේරා මහතා යාපනය කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලෙස කළ ස්ථාන මාරුවක් ඔහු පොලිස් කොමිෂන් සභාවට අභියාචනා කර අහෝසි කරගෙන තිබිණි.
පොලිස් කොමිෂන් සභා තීන්දුවට අනුව තමන් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත් නොකිරීමෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි කියමින් මෙම මූලික අයිතිවාසිකම් නඩුව ගොනු කරන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර
දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.
මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලොකු පුටු නොදෙනවාට පොලිස්පතිට එරෙහිව නඩු දමන්න යයි