(අජන්ත කුමාර අගලකඩ)
රජයේ පොහොර සමාගම් දෙකක් සඳහා විදේශීය සමාගමක් විසින් ගෙන්වන ලදැයි කියන යූරියා මෙටි්රක් ටොන් 5,000ක් බෙදා හැරීම අත්හිටුවා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පොහොර තොගය ප්‍රමිතියෙන් තොර බවට කෘෂිකර්ම ඇමැතිවරයාට ලැබුණු පැමිණිල්ලක් මත මෙම පියවර ගෙන ඇති බව එම ආරංචි මාර්ග කියයි.
මෙම පොහොර තොගය විදේශීය සමාගම මගින් ගෙන්වීමට ටෙන්ඩර් මණ්ඩලය මගින් අනුමැතිය දී ඇත්තේ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකුගේ බලපෑම මත බවටත් ඒ වෙනුවෙන් එම නිලධාරියාට කෝටි ගණනක කොමිස් මුදලක් ලැබී ඇති බවටත් ඇමැතිවරයාට පැමිණිල්ලක් ලැබී ඇති බව පැවසේ.
මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකදී අදහස් දැක්වූ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා යූරියා පොහොර තොගයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු බවත් ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල්වරයාට දැනුම් දුන් බවත් කීවේය.
ඒ අනුව පරීක්ෂණ වාර්තාව අද හෙටම ලැබෙනු ඇතැයි ද ඇමැති අමරවීර මහතා කීවේය.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලොක්කෙක් හවුල්වී ගෙන්වූ බාල පොහොර නවත්වයි
abaran Tuesday, 17 July 2018 05:46 AM
පරීක්ෂණ, නිරීක්ෂණ සහ නිගමන ඊ ගාවට ඒ සඳහා වියදම් කල අපේ සල්ලි අපරාදේ... අපේ ජීවිත කාලයම ඔය කොමිෂන් සහ පරීක්ෂණ අසා බලා හොඳට හුරුයි.....
shan saudi Tuesday, 17 July 2018 05:52 AM
මේ නිලධාරීන් රටට හෙළි කර රැකියාවෙන් නෙරපන්න, තවද කිසිම දිනක යලි රජයේ රැකියාවක් ලබා දීම හෝ ලබා ගැනීම තහනම් කරන්න.
Mahee Tuesday, 17 July 2018 05:57 AM
මේ අනුමැතිය දුන්නයි කියන ඉහල නිලධාරියා ආධුනිකයෙක් වෙන්න ඇති, නැත්නම් පරණ අය නම් දන්නවා කුට්ටිය ෂෙයාර් නොකර ඔය වැඩ කරන්න බැරි බව.
pissa Tuesday, 17 July 2018 06:51 AM
තනියෙන් වීරයෙක් වෙන්න හදලා....
kalani Tuesday, 17 July 2018 07:15 AM
බාල පොහොර ගෙන්වූ නිලධාරියාගෙන් සියලුම වියදම් අයකර ගැනීමට ක්‍රියා කල යුතුය.
sena Tuesday, 17 July 2018 08:19 AM
අපිව ගොනාට අන්දනවා - ඔය කියන නිලධාරියාගේ වැඩ තහනම් කරලා පරීක්ෂණ පවත්වන්නේ නැත්තේ මොකද? මේ ආණ්ඩුවට දූෂණ නවත්වන්න කිසිම උවමනාවක් නැහැ
sena Tuesday, 17 July 2018 08:19 AM
අපිව ගොනාට අන්දනවා - ඔය කියන නිලධාරියාගේ වැඩ තහනම් කරලා පරීක්ෂණ පවත්වන්නේ නැත්තේ මොකද? මේ ආණ්ඩුවට දූෂණ නවත්වන්න කිසිම උවමනාවක් නැහැ...............
sarath perth Tuesday, 17 July 2018 12:17 PM
ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයින්ට කීය කීය හරි දුන්නනම් හරිනේ.