IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ලේකම් බිමට බස්සවා ජාඇළ නගර සභාපති නිල වාහනය විකුණලා

(*** රංජන් කස්තුරි)

ජාඇල නගර සභාවේ ලේකම්වරයාගේ මැතිවරණ රාජකාරීවලට බාධා කරමින් එම සභාවේ සභාපතිවරයා ලේකම්වරයාගේ නිල වාහනය ඡන්ද විමසීම පැවති ඊයේ (5) පෙරවරුවේ විකුණා දමා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මෙම වාහනය නගර සභාව කුලී පදනම මත ලබාගෙන ලේකම්වරයා ගේ පාවිච්චිය සඳහා ලබා දී තිබුවක් බව ද සඳහන් වේ.
ජාඇල නගර සභාවේ ලේකම්වරයාට ඊයේ දිනයේ ඡන්ද මධ්‍යස්ථාන විසබීජහරණය කටයුතු අධීක්ෂණය කිරීමේ රාජකිරිය පැවරී තිබූ අතර සභාපතිවරයා හදිසියේම තම නිල වාහනය විකිණීම නිසා එම කටයුතු වලට බාධා පැමිණි බවට ඔහු මැතිවරණ කොමිෂන් සභාවට සහ ගම්පහ පළාත් පාලන සහකාර කොමසාරිස්වරයාට පැමිණිලි කර තිබේ.

ඡන්ද විමසීමට පෙර දින (4) පස්වරුවේ ජාඇල නගර සභාවේ ලේකම්වරයා ඡන්ද මධ්‍යස්ථානවල විෂබීජහරණ කටයුතු අධීක්ෂණය කිරීමට නිල වාහනයේ ගමන් කරමින් සිටිය දී සභාපතිවරයා ඊට බාධා කරමින් නිල රථයේ රියැදුරු මගින් වාහනය අතරමග නතර කළ බව ද ඉන්පසුව රියැදුරු ලේකම්වරයාට වාහනයෙන් බසින ලෙස ඉල්ලීමක් කර වාහනය ගැනුම්කරුවකුට පරීක්ෂා කිරීමට අවස්ථාවක් ලබාදී ඇති බවද ජාඇල නගර සභාවේ ලේකම්වරයා මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.

නගර සභාවේ සේවකයකු සමග පැමිණි ගැනුම්කරු එම වාහනයට නැඟ පරීක්ෂා කිරීම සඳහා ටික දුරක් ධාවනය කළ බවද එම හේතුව නිසා තමාට මහ මඟ රැඳී සිටීමට සිදු වූ බවද එම පැමිණිල්ලේ දැක්වේ.

ලේකම්වරයා භාවිත කළ නිල රථය ජාඇල නගර සභාවේ සභාපතිවරයාගේ සහෝදරයකුට අයත් එකක් වන අතර සභාපතිගේ මැදිහත් වීමෙන් එය රුපියල් 85000ක මාසික කුලී පදනමක් මත නගර සභාවට ලබා දී තිබූ බවද පැමිණිල්ලේ සඳහන් කර ඇත.
ඡන්ද විමසීම දින සභාපතිවරයා හදිසියේ එම වාහනය විකුණා ඇත්තේ වාහනය නගර සභාවට පැවරීමේ ගිවිසුම කඩකර හා සභාවේ අනුමැතිය ලබානොගෙන බවද එම පැමිණිල්ලේ සඳහන් වේ.

ජාඇල නගර සභාවේ ලේකම්වරයා කර ඇති පැමිණිල්ලට අනුව මැතිවරණ කොමිසම ඊයේ (5) දිනයේම එම පරීක්ෂණය ආරම්භ කර තිබේ.



අදහස් (4)

ලේකම් බිමට බස්සවා ජාඇළ නගර සභාපති නිල වාහනය විකුණලා

sharm warn Thursday, 06 August 2020 07:53 AM

අහා... ප්‍රීතියි, ප්‍රීතියි... කතාවේ දෙවැනි කොටස.. ඔහොම යමු..

:       0       190

Dewantha Thursday, 06 August 2020 08:14 AM

මේක නිකන් දෙයියෝ සාක්කි එකට දාන්න ඕනේ ප්‍රවෘත්තියක්නේ. නියම සභාපති. ජයවේවා...!

:       0       117

Kuma Thursday, 06 August 2020 11:04 AM

දේශපාලනයටම ගැලපෙන මිනිස්සු. දැන් අකුණු ගහනවා අඩුයි. ඒකයි ඉතුරු වෙලා ඉන්නේ

:       0       25

Bamunuarachchi Friday, 07 August 2020 11:17 AM

ජනාධිපතිතුමනි, පළාත් සභා ඡන්ද තියන්න එපා. පුළුවන් ඉක්මණින් මේ ක්‍රමය නැතිකරලා දමන්න. මෙහෙම කාලකණ්ණි රැලක් ජනතා මුදලින් නඩත්තු කරන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 35 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


ජනපති නුවරඑළියේ සංචාරයක
2024 අප්‍රේල් මස 16 163 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිත සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ්


කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 381 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 1060 5

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


ග්‍රීස් ගහ කඩා වැටී හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 16 569 1

ගම්පොළ ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


වේදිකාවට දුම්රිය ගෙනා රියදුරුගේ සේවය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 16 1497 1

හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබියදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 140 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1422 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1347 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site