IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලු‍ණු සංස්ථාව පාඩු ලැබීම රටටම ලජ්ජාවක්

මේ රටේ සංස්ථා අතුරින් ලු‍ණු සංස්ථාව (1998ට පෙර) බිහිවන්නේ වාසනාවන්ත සංස්ථාවක් වශයෙනි. රට වටේම මුහුද තිබෙන, වසරේ දින 365න් දින 300ක් පමණ හොඳින් හිරු එළිය වැටෙන රටකට ලු‍ණු සංස්ථාවක් හරිනම් දෙයියො දුන්න සම්පතක් විය යුතුය. එහෙත් අවාසනාවක මහත! 1998 වනවිට එවකට පැවැති රජය ලු‍ණු සංස්ථාව විකුණා දැමීමට පිඹුරුපත් සැකසුවේය. ලු‍ණු සංස්ථාව වැනි රාජ්‍ය ආයතනයකින් ලාබ ලැබීමට නොහැකි වීම එම රජයේ අකාර්යක්ෂමතාව පෙන්නුම් කළ අවස්ථාවක් පමණක් නොව එය විකුණා දැමීම යට දේශපාලන කාරණාද තිබෙන්නට ඇත. එහෙත් එම රජයේ කම්කරු ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙන් ලු‍ණු සංස්ථාව පෞද්ගලික අංශයට නොගොස් රාජ්‍ය ව්‍යවසායක් වශයෙන් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ඊ.ටී.එෆ්.) වෙත පවරා ගනු ලැබීය.

එම පවරා ගැනීම ලු‍ණු සංස්ථාවේ ඉතිහාසය අලු‍තින් ලියැවීමක් විය. ප්‍රාග්ධනයේ සියයට 90 ක් ඊ.ටී.එෆ්. සතු වූ අතර ඉතිරි සියයට 10 සේවකයන්ටද අයිතිවෙමින් සංස්ථාව සමාගමක් බවට වෙනස් විය. එම වෙනස්කම සමඟ සිදුවූයේ ලංකා ලු‍ණු (පෞද්.) සමාගම අධික ලාබ ලබන ආයතනයක් බවට පත්වීමය. එහෙත් එම තත්ත්වය 2018 වසරේ සිට ආපසු හැරෙමින් යළිත් පාඩු ලබන බව පසුගියදා පෙන්වාදී තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි. රාජ්‍ය සමාගමක් එසේ පාඩු ලැබීම නොසිදුවිය යුතුය. වසර තුනක් තුළදී සිදුවූ පාඩු ලැබීමට හේතු සොයා බලා එම ආයතනය වසරක් ඇතුළත ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීම සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීමක් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි. ඒ එකී නිලධාරී මණ්ඩලය සමඟ පසුගියදා පැවති සාකච්ඡාවේදීය.

අප ආරම්භයේදීම ප්‍රකාශ කළ පරිදි ලු‍ණු සමාගම පවතින්නේ වැඩි අපහසුවකින් තොරවම ලාබ ලැබිය හැකි වටපිටාවකය. එසේ තිබියදී එය පාඩු ලැබීමෙන් පෙන්නුම් කරන්නේ සමාගමේ එවකට පැවති අධ්‍යක්ෂ මණ්ඩලයේ නොහැකියාවය. නැත්නම් ඔවුන් සමාගමේ ලාබය ගසා කා ඇති බවය. රාජ්‍ය සංස්ථාවක් නම් පාඩු ලැබීමට හේතුවන විවිධ දේශපාලන කාරණාද තිබිය හැකි බව අපි දනිමු. එහෙත් සේවකයන්ද කොටස්කරුවන් බවට පත් කරමින් රාජ්‍ය ආයතනයක් බවට පත්කෙරුණු සමාගමක් පාඩු ලැබීම සිදුවිය නොහැක. එය ලු‍ණු සංස්ථාව සමාගමක් බවට පත් කිරීමේ මූලික අරමුණම බිඳ දැමීමකි. අනෙක් අතට සමාගමක් බවට පත් කෙරුණු මුල් අවදියේදී අධික ලෙස ලාබ ලැබිය හැකි නම් එය පසුකාලීනව පාඩු ලබන සමාගමක් බවට පත්වීමට බලපෑ ප්‍රබල හේතුසාධක තිබිය යුතුය. වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලයට දැන් පැවරී ඇති මුල්ම වගකීම ඒ සඳහා හේතු සොයාබැලීමය.

හේතු හඳුනා ගැනීමෙන් පසුව ඊට පිළියම් යෙදීම පහසු වනු ඇත. එහෙත් මේ කාර්යය සඳහා ලොකු කාලයක් වැයකළ යුතු නොවේ. ඒ අතරවාරයේද සමාග​ෙම් අධික වියදම් අඩුකොට පාඩුව අවම කළ හැකි පියවර ගැනීමද අධ්‍යක්ෂ මණ්ඩලයට පැවරෙන වගකීමකි. අධ්‍යක්ෂ මණ්ඩලයේ ලොකු ලොක්කන් ලක්ෂ ගණන් වටිනා මොබයිල් ෆෝන්, ලැප්ටොප් මිලදී ගැනීම එවැනි අභියෝගයක් ජය ගැනීමට කිසිදු ආකාරයකින් සහාය දැක්වීමක් නොවන බවද ඒ සමඟ පෙන්වා දීමට කැමැත්තෙමු.
ලු‍ණු සමාගම 2015ට පෙර නිෂ්පාදනය කළ ලු‍ණු පිටරට යවා ලාබ උපැයූ ආයතනයක් බවද සඳහන් වී තිබේ. ඒ තරම් දියුණු මට්ටමක පැවති ආයතනය 2018 වනවිට වසර තුනක් තුළදී අධික පාඩු ලබන තත්ත්වයට පත්වීම පිළිබඳ වගකිවයුතු පුද්ගලයෝ වෙත් නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමද සිදුවිය යුතු යැයි අපි අදහස් කරමු. එය දේශපාලනමය කාරණා මත පදනම් නොවී සැබෑ ලෙසම දූෂිත, වංචනික ක්‍රියා හේතුවෙන් සිදුවී ඇත්නම් එවැනි කාරණා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුය. එය සෙසු රාජ්‍ය ව්‍යවසායක ලොකු ලොක්කන්ටද පාඩමක් වනු ඇති බව අපගේ වැටහීමය.

ලු‍ණු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සමග පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් පෙන්වා දී තිබූ තවත් සුවිශේෂ කාරණයක්ද තිබිණි. එනම් පාඩු ලැබීම පිළිබඳ නිදහසට කරුණු දක්වනවා වෙනුවට ලාබ ඉපැයීමට ඇති උපාය මාර්ග පිළිබඳව දැනගැනීම තමාගේ අවශ්‍යතාව බව සඳහන් කිරීමය. පාඩු ලැබුවේ කෙසේද යන්නට පිළිතුරු දවස් ගණනාවක් වුවද කතාකළ හැකිය. එහෙත් වඩාත් වැදගත් වන්නේ ලාබ උපයා ගැනීමේ සැලසුම් සකස් කිරීමය. එය පහසු නැත. ජනාධිපතිවරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩලයට ලබාදී ඇත්තේ එම අපහසු ඉලක්කය ජයගැනීම සඳහා නිශ්චිත කාලසීමාවකි. එම අභියෝගය ජයගැනීම අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානම වගකීමය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ලබාදී ඇති නියමිත කාලය ගතවීමෙන් පසුව ඔහු නිසැකවම පසු විපරමක යෙදෙනු ඇති බවද අධ්‍යක්ෂ මණ්ඩලය දැන සිටීම ඇඟට ගුණය.

රටේ ස්වාභාවික සම්පතකින් ප්‍රයෝජන ගතහැකි අමුද්‍රව්‍යයක් වන ලු‍ණු නිෂ්පාදනය පාඩු ලබන ව්‍යාපාරයක් බවට පත්වීම සම්බන්ධයෙන් අප රටක් ජාතියක් වශයෙන් ලජ්ජා විය යුතුය. නිවැරදි සැලසුම් සහ උපාය මාර්ග භාවිතයෙන් මේ අභියෝගය ජයගැනීම අපහසු නැතැයි අපි විශ්වාස කරමු. ඒ සඳහා අවශ්‍ය වන්නේ සමාගමේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ පූර්ණ කැපවීම පමණි.

 



අදහස් (7)

ලු‍ණු සංස්ථාව පාඩු ලැබීම රටටම ලජ්ජාවක්

kamal Thursday, 02 July 2020 06:36 AM

නැහැ... එහෙම ලැජ්ජාවක් නැහැ. අනිත් හැමෝම වගේම අපිත් පාඩු ලබනවා. අනිත් අය නොකරන දේවල් කළොත් තමයි ලැජ්ජා හිතෙන්නේ.

:       0       2

Raveendra Thursday, 02 July 2020 07:27 AM

ලුණු සංස්ථාව පිළිබඳව ඉතාමත්ම හොඳ විග්‍රහයක් කතුවැකිය මගින් මහජනතාවට දැනගැනුමට සැලැස්වීම පිළිබඳව ලංකාදීප කතෘතුමාට අපගේ ප්‍රණාමය... මෙම විග්‍රහයම අප රටේ ධීවර සම්පත් පිළිබඳව අදාළ නොවේද? විශේෂයෙන්ම ටින් මාළු පිළිබඳව...

:       0       8

isurandi Thursday, 02 July 2020 07:27 AM

ලාභ ලබන රජයේ ආයතන තියෙනවද? පිල්ලි ගිහිල්ලා, නතර කරන්න පුළුවන්නම් ඕවා ඉබේටම වැඩි දියුණු වෙයි. ඒ වගේම අකුරට වැඩ විශේෂයි.

:       0       3

himal Thursday, 02 July 2020 07:51 AM

ඉතින් ඇයි මේ ලියුම්කරුට බැරි හොඳට කරුණු හොයලා බලලා ලිපියක් ලියන්න. අධ්‍යක්ෂ මණ්ඩලයට ලැප්ටොප් හෝ ජංගම දුරකථන ගත්තා කියලා සමාගම පාඩු ලබනවා කියන්න බෑ.. එකම දේ ඒ ගත්ත දේවල් නිසිලෙස පාවිච්චි වෙන්න ඕනෑ. අනික ලැප්ටොප් එකක් ලක්ෂයක් විතර වෙනවා. ඒක සාමාන්‍ය මිල මට්ටම. ලංකාවට වසර ගණනාවක් තිස්සේ රටින් ලුණු ගෙන්වනවා ලාභෙට.... ඉතින් ඒ හින්දා දැන් ලුණු අපනයනය කරනවා නම් පිරිවැය අඩු කරගන්නත් වෙනවා.

:       0       6

max Thursday, 02 July 2020 09:37 AM

කතුතුමා මෙහි ඉතිහාසය නිවැරදිව ලියා තිබෙනවා. ඒ අනුව, මහින්ද මහතාගේ මැදිහත්වීමෙන් ලුණු සංස්ථාව බේරා ගැනීමත් මෙහි ලියා ඇති නිසා දැන් ඉතින් යූඇන්පීකාරයෝයි, ජේවීපීකාරයොයි මෙම කතුවැකියට නොයෙක් මඩ වැකි එකතු කරනු ඇත. ඔවුන්ගේ දේශපාලනය පදනමක් නැති රාජපක්ෂ වෛරය පමණක් නිසා.

:       39       109

ගමරාලThursday, 02 July 2020 01:44 PM

max, මෙම කතුවැකියෙන් කියන්නේ 1998 දී පැවති රජය මේ සංස්ථාව විකිණීමට පිඹුරුපත් සැකසූ බවයි. මම දන්නා ලෙසට 1994 න් පසුව යූඇන්පී කාරයින්ගේ හෝ ජේවීපී කාරයින්ගේ ආණ්ඩුවක් තිබුනේ නැහැ. ලංකාවේ සෑම සංස්ථාවක්ම පාඩු ලැබීමට මෙම සංස්ථා සහ මණ්ඩල සියල්ලේ සභාපතිලාත් අධ්‍යක්ෂ මණ්ඩලත් පත්කරන්නේ දේශපාළුවන් හෝ පැරදුණු හෙන්චයියලාවීම ප්‍රධානම කාරණයක් වෙනවා. එහෙම නොකර සියළු සංස්ථාවල හා මණ්ඩලවල අධ්‍යක්ෂවරුන් හා සභාපතිලා එම ආයතනවල ජ්‍යෙෂ්ඨ මෙන්ම හැකියාවක් ඇති උගතුන්ගෙන් පත්කරනවා නම් කිසිම දිනක පාඩුවක් නොලබනු ඇත. කවදා හෝ එසේ කරනතුරු ලංකාවේ කිසිඳු සංස්ථාවක් හෝ මණ්ඩලයක් ලාභයක් නම් නොලබනවා සිකුරුයි..

:       0       0

sampath Thursday, 02 July 2020 04:53 PM

ඔය අටමගල්වලට විෂය ක්ෂේත්‍රය දාන්න උසස්පෙළ රසායන විද්‍යාවට C එකක් තියෙන එකක් හොයලා දාන්න බැරිකමේ පාඩුව ලුණු හදන්නේ මුහුදු වතුර හිරු එළියෙන් සහ සුළඟින් වාෂ්පකරලා මේ රට මෙහෙම තියෙන එකට පින් දෙන්න ඕනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 418 1

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 154 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 223 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 260 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 389 1

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 889 5

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1689 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site