IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලුණුගල ප්‍රදේශය පුරා සූකර උණ රෝගය පැතිරෙයි

(සිරාජ් හසීම්)

පස්සර ලුණුගල ප්‍රදේශය පුරා සූකර උණ රෝගය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් රෝගීන් 40 දෙනෙකු පමණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් 300කට අධික සංඛ්‍යාවක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගෙන තිබෙන බවත් ලුණුගල රෝහලේ දිස්ත්‍රීක් වෛද්‍ය නිලදාරී වෛද්‍ය අබේකෝන් මහතා පැවසීය.

මෙලෙස පැතිර ගොස් ඇති වෛරසය ඉන්ප්ලුවන්සා A නැමති සූකර උණ රෝගයක් යැයි අනාවරණය කරගෙන තිබෙන අතර මෙකී වෛරසය සමාජයේ ගැවසෙන පුද්ගලයින් ආශ්වාස පාශ්වාස කිරීම තුළින් ශරීරගත වී තිබේ.

සතියක කාලයක් තුළ මෙම වෛරසය ප්‍රදේශය පුරා පැතිර ගොස් ඇති බවත් මේ වනවිට එම තත්වය ක්‍රම ක්‍රමයෙන් පහවී ඇති බවත් සදහන් කළ වෛද්‍යවරයා මිනිසුන් වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැදී නොසිටින ලෙස ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටීයි

එමෙන්ම උණ රෝගයක් ඇති වූ විගස වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත්,රෝහල්වලට දරුවන් රැගෙන නොඑන ලෙසත්,මංගල අවමංගල්‍ය උත්සව සදහා සහභාගී වීම අවම කරගන්නා ලෙසත්,මුඛ ආවරණ පැළද ගන්නා ලෙසත් ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටින අතර මෙම වෛරසය අවට ප්‍රදේශවලටද පැතිරීමේ අවධානමක්ද පවතින බැවින් අවට ප්‍රදේශවාසීන්ද ප්‍රවේශම් විය යුතු යැයි සදහන් කළේය



අදහස් (2)

ලුණුගල ප්‍රදේශය පුරා සූකර උණ රෝගය පැතිරෙයි

sayiman Friday, 24 March 2017 10:50 AM

යුද්ධයෙන් ඉවර වෙච්ච් දා ඉඳල අපි වයිරස් උණ යුද්ධයකට මුහුණ දීල ඉන්නවා කියල හිතෙන්නේ මට විතරද ?පොඩි උන් ගත්තොත් හැම දාම ඩිස්පෙන්සරියේ . මෙතරම් විශාල ලෙස ,හැමදාම කිසියම්ම හෝ වයිරස් උණක් පවතින කාල වකවානුවක් යුද්ධයට පෙර නොතිබුණු ගානයි.බෙහෙත් වලින් සල්ලි උපයන කිසියම්ම කල්ලියක් කලින් කලට විවිධ වයිරස් උණ රෝග පතුරවනව ඇති කියල හිතෙන්නේ මට විතරම ද ?

:       7       134

Lanka PereraSaturday, 25 March 2017 07:19 AM

මේවා ඇමරිකන් කුමන්ත්‍රණ . අපේ සංවර්ධනය දැකලා ඉරිසියාවට කරන. අපි ලෝක බලවතෙක් වෙයි කියලා එයාලට බයයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 79 0

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 22 0

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 131 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 593 1

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 2138 7

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 223 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 314 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1541 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site