IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ලිංගික අල්ලස් කතාව ගැන ඇමැති නියෝජ්‍ය ඇමැති ගැටෙති

සුජිත් හෙවාජුලිගේ සහ ආරියරත්න රණබාහු 
 
උස්ස අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති අචාර්ය විජයදාස රාජපක්ෂ හා රාජ‍්‍ය ව‍‍්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එච්. එම්. එම් හරීස්  මහත්වරුන් අතර අද(20) පාර්ලිමේන්තුවේදී උණුසුම් කතාබහක් ඇති විය. 

 
මේ මත ගැටීම ඇති වූයේ උස්ස අධ්‍යාපන අමාත්‍යවරයා අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිදුවී ඇතයි කියන ලිංගික අල්ලස් ඉල්ලීමක් පිළිබඳ කලින් සභාවකදී කළ ප්‍රකාශයක් ගැන හරීස් නියෝජ්‍ය අමාත‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍්‍යවරයා දැඬි ලෙස විවේචන කරමින් කතා කළ අවස්ථාවේදීය.
 
මෙහිදි අමාත්‍යවරයාත් නියෝජ්‍ය අමාත්‍යවරයාත් අතර අණුසුම් කතාබහත් ඇති විය.
 
අමාත්‍ය එච්. එම්. එම් හරීස්  -  
උස්ස අධ්‍යාපන ඇමතිතුමා අග්නිදිග විශ්ව විද්‍යාලය ගැන ලොකු චෝදනාවක් කළා. ඒකේ කථිකාචාර්යවරුන් විභාග සමත් කර දීමට ලිංගික අල්ලස් ඉල්ලන බව ඇමතිතුමා කිව්වා. තමා යටතේ තියෙන ආයතනයක් ගැන එහෙම  කතා කරන එක සදාචාරාත්මක නැහැ. ඒ ආයතනයේ එවැනි සිද්ධියක් වෙලා නැහැ. ලිංගික අල්ලස් ඉල්ලීමක් ගැන කිසිම සාක්ෂියක් නැහැ.  ප්‍රදේශයේ පිරිසක් ඇමතිතුමාට වැරදි තොරතුරු දීලා තියනවා. ඇමතිතුමාගේ ප්‍රකාශය නිසා ඒ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවන් වේදනාවට පත්වී සිටිනවා.
 
අමාත්‍ය විජයදාස රාජපක්ෂ -
මම වගකීමක් නැතිව කතා කරන්නේ නැහැ. ගැහැණු දරුවෙක් එවැනි කරදරයකට පත් වෙලා සිටිනවා. ඇය මේ ගැන විශ්ව විද්‍යාල කොමිසමට පැමිණිලි කලා. හඬ පටයක් තියනවා. දැන් කොමිසම විමර්ශනයක් කරනවා. මම මේ සිද්ධිය අල්ලස් කොමිසමටත් බාර දුන්නා. ඔලුවිල් පාලනයක් නැතිව ගිය විශ්ව විද්‍යාලයක්. දැන් නජීම් මැතිතුමා ඒක දියුණු කරගෙන යනවා. නමුත් පිරිසක් ඔහුගේ කටයුතුවලට බධා කරමින් සිටිනවා.
 
අමාත්‍ය එච්. එම්. එම් හරීස්  - ඔබතුමාගේ ප්‍රකාශයෙන් නරක අදහසක් රටට ගියා. සියලුම කථිකාචාර්යවරුන් එලෙස කටයුතු කරනවා කියලා මතයක් ගියා.
 
අමාත්‍ය විජයදාස රාජපක්ෂ -  නැහැ මම ඒ කථිකාචාර්යවරුන්ගේ නම් කිව්වා. ඔබතුමා මේ ගැන හොයනවට අකමැතිද? ඒ දරුවන්ට සධාරණයක් වෙනවාට අකමැතිද?  
 
අමාත්‍ය එච්. එම්. එම් හරීස්   - මම විරුද්ධ නහැ. මම කියන්නේ ඔබතුමාගේ ප්‍රකාශයෙන් වැරදි අදහසක් රටට ගියා. මේක හැම පැත්තකින්ම එන දරුවන් ඉගෙන ගන්න විශ්ව විද්‍යාලයක්.  ඔබතුමා එදා කරපු ප්‍රකාශය බලන්න.
 



අදහස් (6)

ලිංගික අල්ලස් කතාව ගැන ඇමැති නියෝජ්‍ය ඇමැති ගැටෙති

sam Wednesday, 20 June 2018 03:46 PM

අනිවාර්යයෙන්ම හෙන්චයියෙක් තමයි මෙහෙම අල්ලස් ඉල්ලලා ඇත්තේ....

:       0       86

senaThursday, 21 June 2018 05:48 AM

මටත් හිතෙන්නේ එහෙමයි

:       0       15

ධනුෂ්ක Wednesday, 20 June 2018 04:39 PM

එහේ විතරක් නෙමේ වෙනත් එ්වගෙත් මේ ගැටලුව කොහෙත් තියනවා. අපිට අැස් පනා පිට පෙනිලා තියනවා. අපෙන් අහගෙන එසයිමන්ට් හදාගෙන. අපෙන් නොතේරෙන දේ අහගෙන විභාග ලියලා කතිකාචාර්ය වරියන් වුණ අය ඉන්නවා. එ් වගේම සැබවින්ම දක්ෂ රෑමත් සිසුවින් ඉන්නවා. හැබැයි එ් අයට විභාග පාස් වෙලා උපාධිය ගන්න සෑහෙන කාලයක් යනවා. අර හැම වෙලේම මඩ බාල්දිය අරන් එන අය එහෙම කියයි රජයේ විශ්ව විද්‍යාලවල ඔහොම තමා කියලා. නෑ මේ ගැටලුය රජයේ හා පුද්ගලික අංශයේ සෑම තැනකම සෑම අංශයකම තියන ගැටලුවක් මා සේවය කරන පුද්ගලික අායතනයෙත් තියනවා.

:       0       4

Sanath Wednesday, 20 June 2018 04:52 PM

මේ වාගේ සංවේදී මාතෘකා ප්‍රසිද්ධියේ කතා කිරීමෙන් එම ආයතනයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවන්ට තමන්ගේ දෙමව්පියන් සහ නෑදෑ හිතමිතුරන් ඉදිරියේ නිකරුනේ අපහසුතාවයකට පත්වෙන්න ඉඩතියෙනවා.

:       20       0

Citizen Wednesday, 20 June 2018 05:18 PM

විභාග සමත් කිරීම සඳහා, සමහර විශ්ව විද්‍යාල ආචාර්යවරු ශිෂ්‍යාවන්ගෙන් අල්ලස් ගන්න එක විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට නම් අලුත් දෙයක් නෙමේ...

:       0       0

Raveendra Thursday, 21 June 2018 06:39 AM

සරත් මයා වෙත, ඔබගේ අදහස් සාධාරණය. නමුත් මෙසේ ප්‍රසිද්දියේ එසේ කතා නොකලොත් එය " අළුයට ගිනිමෙන් " සදා කල් තියෙනවා නොවේද ? ප්‍රශ්නය විසදිය යුතු නොවේද? මෙවන් අය පිලිබදව සමාජය දැනගත යුතු නොවේද? එසේ කිරීමෙන් අනාගත දරුවන්ගේ යහපතට හොදක් මිස අවැඩක් සිදු නොවනු ඇති අපගේ අදහස.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 63 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 747 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2163 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1532 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 871 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2102 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1438 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site