IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ලාංකිකයින් 62338 දෙනෙකුට රටින් පිටවීම තහනම්



(විනීතා එම් ගමගේ)

ශ‍්‍රී ලාංකිකයන් 62338 දෙනෙකුට රටින් පිටවීම තහනම්ව ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 

මෙම පිරිස අතර ආරක්ෂක අංශවල පහළ මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා විවිධ නිලයනට අයත් තිස් දහසක්ද ඇතැයි පැවසේ. 

මෙරට අධිකරණ හා හමුදා අධිකරණ මඟින් ලබාදුන් නියෝග මත මෙම පිරිස අසාදු ලේඛනගත කර ඇති බවත්  හමුදා අංශවලට අයත් පිරිස හැරුණු විට මෙම තහනමට ලක්ව සිටින අය අතර දේශපාලනඥයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හවුල් වූවන්, දෙමළ ඩයස්පෝරාවට හිතවත් පිරිස්, ආගමික අන්තවාදීන් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ වී අධිකරණයේ නඩු පැවැරී ඇති අය සිටින බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි. 

මෙම පිරිස් රටින් පිටවීම වැළැක්වීම සඳහා රජයේ බුද්ධි අංශ කණ්ඩායම්, ගුවන්තොටුපොළ, සිවිල් ගුවන් සේවා බලධාරීන්, ආගමන විගමන නිලධාරීන් ඒකාබද්ධව මෙහෙයුම් ක‍්‍රියාත්මක කර ඇති අතර එම කණ්ඩායම්වල ප‍්‍රයෝජනය සඳහා නවීන උපකරණ ලබාදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන් සීරුවෙන් තබා ඇති බවත් පැවසේ.

ගුවන් ගමන්වල යෙදෙන මගීන් පිළිබඳ තොරතුරු කල්වේලා ඇතිව ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙස අදාළ අංශවෙත උපදෙස් දී ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.  

 



අදහස් (5)

ලාංකිකයින් 62338 දෙනෙකුට රටින් පිටවීම තහනම්

dayan Monday, 24 September 2018 09:22 AM

ශ්‍රී ලංකාවේ සිට විදේශ ගතවෙන්න ගුවන් ගමන් බලපත් ලබාගත් අයගේ ලේඛනයක් ආගමන හා විගමන පාලක ආයතනය හා සම්බන්ධ කිරීම තුළින් ගුවන් තොටුපලට යන්න කලින් නිතිය ක්‍රියාත්මක කළ හැක .

:       144       9

sirimal Monday, 24 September 2018 10:39 AM

කිසිම තේරුමක් නැති වැඩක්. උසාවියෙන් විදේශ ගමන් අත් හිටුවනවා. නමුත් ඒ කට්ටියට යන්න අවශ්‍ය උනහම උසාවියෙන්ම විදේශ ගමනක් සඳහා තාවකාලික අවසරයක් ලබාදෙනවා. විදේශ ගමන් තහනම් කල කීදෙනෙක් උසාවියෙන්ම අවසර ලබාගෙන අවශ්‍ය අවස්ථා වලදී පිටරට ගිහින් තියෙනවාද? මේවා නිකන් කාලය සහ සල්ලි ගිලින වැඩ.

:       50       68

rohana kumaraMonday, 24 September 2018 12:28 PM

සිරිමල් සහතික ඇත්ත ඔයාගේ කතාව. ඒත් දුප්පත් අයට එහෙමවත් බැහැ

:       40       32

Gihan Monday, 24 September 2018 11:21 AM

හමුදාවෙ 30000කට එකවර තහනම පැනවුනේ කොහොමද?

:       0       60

lalith Monday, 24 September 2018 09:40 PM

දේශපාලනඥයන් ඉන්නවනම් ඒ ලේඛනයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හවුල් වූවන් ඉන්නම එපැයි. ඒත් මේ අනිත් පිරිස ගැන තමයි කණගාටු.

:       0       19

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1945 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1001 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 783 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 371 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 640 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 578 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site