IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


ලසන්ත ඝාතනයේ සාක්කි සැඟ වී යැයි රිමාන්ඩ් කළ පොලිස් ලොක්කෝ දෙන්නාට ඇප


 
 
(නිමන්ති රණසිංහ)
            
සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු ප‍්‍රධාන කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්කි සැඟවීම සහ සාක්කි අස්ථානගත කළැයි මාස පහකට අධික කාලයක් රක්ෂිත භාරයේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිමෙවන් ප‍්‍රසන්න නානායක්කාර සහ ගල්කිස්ස අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරික්ෂක තිස්ස සුමනපාල යන මහත්වරු ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත‍්‍රාත් මොහොමඩ් මිහාල් මහතා නියෝග කළේය.


එක් අයකුට රුපියල් 50,000/- බැගින් සහ රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරිණි.


මෙම සිද්ධියට අදාළව මාස පහක පමණ කාලයක් රක්ෂිත බාරයේ සිටි සැකකරුවන් දෙදෙනා සම්බන්ධ ඇප නියෝගය නිකුත් කරමින් මහේස්ත‍්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනාගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කළේය. 


එමෙන්ම සෑම මසකම අවසන් ඉරුදින පෙරවරු 9ත් 12ත් අතර කාලයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට ද ඇප කොන්දේසියක් නියම කළ අධිකරණය ශරීර ඇප සඳහා සැකකරුවන්ගේ සමීප ඥාතීන් දෙදෙනකු ඉදිරිපත් කළ යුතු බවටද නියෝග කළේය. 


මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතා සිය නිවසේ සිට කාර්යාලය බලා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අත්තිඩිය කවුඩාන මාර්ගයේ දී ඝාතනයට ලක්වූයේ ඉකුත් 2009 ජනවාරි 8 වැනිදාය. එසේම, අධිකරණය මගින් සැකකරුවන් දෙදෙනා වෙත ඇප නියම කරනු ලැබුවද, ඇප කොන්දේසි සපුරාගත නොහැකිව සැකකරුවන් දෙදෙනා නැවත බන්ධනාගාරය වෙත රැගෙන යනු පෙණීනි.
 



අදහස් (2)

ලසන්ත ඝාතනයේ සාක්කි සැඟ වී යැයි රිමාන්ඩ් කළ පොලිස් ලොක්කෝ දෙන්නාට ඇප

Chanak Los angeles Monday, 16 July 2018 07:29 PM

පේනවා නේද දේශපාලන හස්තයෙන් සිදුකෙරෙන මිනීමැරුම් අපරාධ සැඟවෙන්න නීතිය උදව් කරන ආකාරය. මෙපමණ සාක්ෂි තිබිලත් අගතියට පත් පාර්ශවයට සාධාරණය ඉෂ්ට නොකෙරෙන හැටි ? යනවිධියට මෙයත් අවිනිශ්චිත ගිණුමට බැර වෙන්න යන තවත් අපරාධයක්.

:       0       0

Rodrigo Tuesday, 17 July 2018 03:19 AM

අහෝ අනේ අපොයි පුදුම නීතියක් තියෙන ලංකාවක් ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1262 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 481 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 921 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 884 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 345 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 524 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site