IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ලබන සඳුදා අලුත් ආණ්ඩුවක්

(නාලක සංජීව දහනායක)

ලබන සඳුදා වන විට ආණ්ඩුවක් පත්කර නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී අද (13) පවසා ඇත.

එම ආණ්ඩුවේ අගමැතිවරයා සම්බන්ධයෙන් ඉදිරි දින දෙක ඇතුළතදී තීරණය කෙරෙණු ඇතැයි ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසීය.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවන්නේනම් එම ආණ්ඩුවේ තනතුරු ලබාගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සූදානම් නැතැයිද මන්ත‍්‍රීවරයා කීය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදීමේන්  පසුව ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනධිපති ලේකම් කාර්යාලයේදී අද (13) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.    



අදහස් (13)

ලබන සඳුදා අලුත් ආණ්ඩුවක්

L.G.P.Jathunarachchi. Thursday, 13 December 2018 08:49 PM

රටට යහපතක්ම වනු දැකීම බහුතරයේ පැතුමය .

:       0       10

nalaka Friday, 14 December 2018 12:46 AM

දින වකවානු අපිට විශ්වාස නැත

:       1       25

Jinadasa Friday, 14 December 2018 02:53 AM

මේ කියන දේවල් බොරු .

:       5       31

Heshan Friday, 14 December 2018 03:21 AM

සඳුදා වෙනකන් ඇයි අදම අගමැති පත්කර මේ අර්බුදය නිමා කරන්න

:       20       165

gamaathi Friday, 14 December 2018 08:32 AM

මෙම නිවේදන කිසිවක්!!! අපි නම් විශ්වාස කරන්නේ නැත...

:       0       90

BamunuarachchiSaturday, 15 December 2018 01:02 AM

ඔය නිවේදන නොකෙරෙන තරමට හොඳයි. දවසින් දවස මහජන ඡන්දයක් සඳහා රට ළං කරන්න. හරියටම අවුරුදු හතරාමාරෙන් ජනතාවට ඡන්දයක් ලබාදෙන්න..

:       0       0

sirimal Friday, 14 December 2018 08:50 AM

මේ කතාවත් හරියට සති දෙකකට ඉස්සර " දවස් 7 න් ප්‍රශ්නය විසඳනවා. රනිල් අගමැති වුනොත් පැයක්වත් තනතුරේ ඉන්නේ නැහැ" කියල කියපු කතා වගේ වෙයිද?

:       0       68

aravinda Friday, 14 December 2018 09:52 AM

මට නම් මේ මහත්තයා කියන කිසි දෙයක් විශ්වාස කරන්නට බැහැ.

:       0       45

pohottuwa Friday, 14 December 2018 10:36 AM

හිටන් ගේ සෞක්‍ය තත්වය දිනෙන් දින පිරිහෙමින් පවතී. වහාම දෝෂාභියෝගයක් ගෙනැවිත් ඔහු රෝහල් ගත කළයුතුයි. රට බේරා ගැනීම පිණිස....

:       0       107

Nandalal DE SILVA - France Friday, 14 December 2018 05:33 PM

ලබන සඳුදා අලුත් ආණ්ඩුවක් යටතේ පත්කරන නව අගමැති කවුද? රනිල්ට අගමැතිකම දෙන්න වුනොත් එක පැයක්වත් ජනාධිපති හැටියට ඉන්නේ නැහැ කිව්වේ මෙයා නේද? මෙයා කියන කතා විශ්වාස කරන කොන්ඩේ බැඳපු චීන්නු නම් තවමත් අපේ රටේ ඇති... බලන් ඉමුකෝ...

:       0       8

Bamunuarachchi Saturday, 15 December 2018 12:45 AM

එතකොට මෙයාමද අගමැති? අනේ අපොයි නුඹේ කටෙත් පස් සිරෝ අපේ කටෙත් පස්... බලමු මහින්ද මහතා දුන් ජනතා සහනවලට මේ ගොයියා මොනවා කරාවිද කියලා...

:       0       0

Bamunuarachchi Saturday, 15 December 2018 12:51 AM

ඔබ කොඳු නාරටියක් නැති කෙනෙක් බව පැහැදිලිව ඔප්පු කළා. කදුරු ලීයකින් කපාගත් කෙනෙකු ඔය තනතුරේ තිබ්බා නම් නොසෙල්වී තියා ගන්න තිබුණා.

:       0       0

Bamunuarachchi Saturday, 15 December 2018 12:57 AM

L.G.P Jathunarachchi පසුගිය අවුරුදු 4ම රටට වුනු යහපත වගේම යහපතක් නේද? අනේ හොඳයි. රටට කොහොම වුණත් ඒ ගොල්ලන්ට යහපතක් වුණු බවනම් අපි දැක්කා. ඔබ එය දැක්කේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඟහරු ගවේෂණ ආදර්ශ මෙහෙයුමට ලාංකික කතක්
2024 අප්‍රේල් මස 18 126 0

ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වෙන අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමකට සහභාගී වීමට ශ්‍රී ලංකා


සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට
2024 අප්‍රේල් මස 18 706 0

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද(18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.


කෘමියෙක් නිසා ජීවිතයක් අහිමිවෙයි
2024 අප්‍රේල් මස 18 282 0

යාපනය නගරයේ පදිංචි පුද්ගලයෙකුට කෘමියෙකු දෂ්ඨ කිරීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයකින් පසු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.


සමාජ මාධ්‍ය පනතේ පළමු නඩුව නීතීඥ සංගමයේ නිරීක්ෂණයට
2024 අප්‍රේල් මස 18 292 0

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරණය කිරීම වළක්වමින් ඔහුගේ


අන්තිම නැකතේ- පැලයක් සිටුවේ
2024 අප්‍රේල් මස 18 150 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් අවුරුදු නැකත වශයෙන් යෙදුණු පැල රෝපණය කිරීමේ සමාරම්භක අවස්ථාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ම


කාන්තා ක්‍රිකට් පිලෙන් ලෝක වාර්තාවක්
2024 අප්‍රේල් මස 18 795 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 196 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1481 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site