IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලබන මාසයේ තෙල් මිල අඩුවිය හැකියි - මුදල් ඇමැති

(රංජන් කස්තුරි)

ලෝක වෙළඳපළේ බොරතෙල් මිල ක්‍රමයෙන් අඩුවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන හෙයින් ලබන මාසයේදී මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් අඩුවිය හැකි යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ එම අමාත්‍යංශයේ අද (18) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

බොරතෙල් බැරලයක මිල අද වන විට ඇමරිකානු ඩොලර් 6 ක් පමණ හෙවත් ඇමරිකානු ඩොලර් 86 සිට 80 දක්වා අඩුවී තිබුණු බවද එහිදී ඇමතිවරයා සඳහන් කළේය.

ඉන්ධන මිල යම් ප්‍රමාණයක් ඉහළ ගියද කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව යම් අඩුමට්ටමක පවතින බවද එහිදී සමරවීර මහතා කීවේය.

ලෝකයේ සෑම රටක්ම ඉන්ධන සඳහා බදු අඩුකරන බවද එලෙස බදු අයකිරීම රටේ සංවර්ධනයට අත්‍යාවශ්‍ය බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ඉන්දියාවේ පෙට්රල් ලීටරයක් සඳහා රුපියල් 82.17 ක බද්දක්ද ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 57.52කද බද්දක් අයකරන අතර ලංකාවේ පෙට්රල් ලීටරයක අයකරනු ලබන්නේ රුපියල් 53.68ක සහ ඩීසල් ලීටරයකට රුපියල් 25.48ක බද්දක් පමණකැයිද මංගල සමරවීර මහතා සඳහන් කළේය.

මේ අතර මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රථමවරට එහිදී ඉන්ධන මිල සූත්‍රය ගණනය කරන ආකාරය ගැන ජනමාධ්‍යයට කරුණු අනාවරණය කළේය.

ඒ අනුව ඉන්ධන ලීටරයක උපරිම සිල්ලර මිල තීරණය කරනු ලබන්නේ වරායට ගොඩබාන පිරිවැය , සැකසීමේ පිරිවැය ,පරිපාලන පිරිවැය සහ බදු පිරිවැය එකතු කිරීමෙනි.

එය MRP=V1 +V2+V3+V4 යනුවෙන් හඳුන්වන බවද මංගල සමරවීර මහතා කීය.

 

ඉන්ධන ලීටරයක උපරිම සිල්ලර මිල තීරණය කරන සූත්‍රය සකස් කර ඇත්තේ මෙලෙසිනි.

වෙළෙඳපොල විකුණුම් මිල (MRP) = වරායට ගොඩබාන පිරිවැය (V1) + සැකසීමේ පිරිවැය (V2) + පරිපාලන පිරිවැය (V3) + බදු පිරිවැය (V4) 



 



අදහස් (12)

ලබන මාසයේ තෙල් මිල අඩුවිය හැකියි - මුදල් ඇමැති

Hafeel Thursday, 18 October 2018 04:54 PM

දැන් මෙයාට සූත්‍රය තේරනවනේ. බදු අය කරන්නේ සංවර්ධනයට නං, මොන සංවර්ධනය?

:       1       5

රොමේෂ් Thursday, 18 October 2018 05:06 PM

මේකද මේ මටවත් තේරුම්ගන්න බැහැ කියපු සුත්‍රය.

:       0       1

sam Thursday, 18 October 2018 05:57 PM

මෙන්න තවත් බයිලා ගායනයක්.

:       0       1

lalith Thursday, 18 October 2018 06:25 PM

මාර වැඩේ කියන්නේ ලෝකේ බොර තෙල් වෙළදාම කරන කිසිම රටකටවත් පෙනිලා නැහැ මේ මිල අඩුවීම.

:       0       0

Bamunuarachchi Friday, 19 October 2018 01:07 AM

ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉහළ යනවිට රටතුළ තෙල් මිල ඉහළ යනබව තේරුම්ගන්න බැරි අමන මිනිස්සු නොවෙයි අපි. නමුත් ප්‍රශ්නය මෙයයි තෙල් මිල ඉහළ යනවිට වැඩිවෙන අනිකුත් බඩුවල මිල තෙල් වල අඩුවීමෙදී පහත නොයාමයි. කලයුතු වන්නේ ඉහළ යන මිල නිසා වන පාඩුවත් පහළ යන මිල වන ලාභයත් සලකා ලාභයෙන් පාඩුව මැකී යන ආකාරයට මිලක් නියම කිරීමයි. තෙල් සමාගම් ජනසතු කල දින සිට මේ දක්වා එදිනෙදා වෙනස්වන ඔය සූත්තර නොමැතිව කාලයකට එකතරා ස්ථාවරයක තෙල් මිල තිබුණානේද?

:       0       1

kenath Friday, 19 October 2018 01:40 AM

යකඩෝ ...මේකද මේ මිල සුත්‍රය ....!!

:       0       1

Samathasena A . Aluthgamage. Friday, 19 October 2018 02:46 AM

තෙල් මිල අඩුවුවත් එහි වාසිය ජනතාවට හරිහැටි ලැබෙන්නේ නැහැ. බස් ගාස්තු, පාන් මිල ඇතුළු බොහෝ දේවල්වල මිල අඩුවීම සිදු වෙන්නේ නැහැ. මෙයට නිසි ක්‍රමවේදයක් අවශ්‍ය වේ.

:       0       34

ද්ලුම් Friday, 19 October 2018 02:58 AM

අනිත් රටවල් බදු ගහල කරන්නේ ඒ ආදායම රටේ සංවර්ධනයට යොදවන එකනේ ඒත් මේ අය කරන්නේ ඒවා සුඛවිහරණයට යොදා ගන්න එකනේ ඒකයි අපිට තියන ප්‍රශ්නය.

:       0       34

Sachith Friday, 19 October 2018 03:21 AM

ඒ කියන්නේ දෙසැම්බර්/ ජනවාරි වල ඡන්දයක් තියෙනවා..

:       0       2

mohomed faizel Friday, 19 October 2018 03:42 AM

මේ සුත්‍රය 2, 3 පන්තියේ ළමයෙකුත් හදන්න පුළුවන්, එකතු කිරීම විතරයි තියෙන්නේ

:       0       47

PA - RA Friday, 19 October 2018 04:35 AM

ඇයි බදු කප්පම්, රටට දක්ෂයින් බුද්ධිමතුන් ඉන්නවා නම් මොනවාටද බදු... දැන් ගෙදර ගිහින් එහේ වැඩක් බලාගන්න.... ඊළඟ ආණ්ඩුවේ තෙල් පිටින් ගන්නේ නැතිව දේශීය තෙල් ලැබෙයිද?

:       0       1

bamunuarachchi Saturday, 20 October 2018 04:30 AM

මේ සූත්‍රයද මෙයා තේරුම් ගන්න බැරුව හිටියේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 105 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 236 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1020 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 128 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 319 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 298 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site