IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ලන්ඩන් නුවර සිටි තවත් ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් කටුනායකට

(ටී.කේ.ජී.කපිල )

එංගලන්තයේ ලන්ඩන් නුවර සිට එහි අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 194 දෙනෙකු රැගෙන , දෙවන ග්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය අද(06 ) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
 
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරණ එම විශේෂ ගුවන් යානය අද(06) දින අලුයම 3.05 ට ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් යානයෙන් පැමිණීම සදහා  ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ අතරමං වී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද ලන්ඩන් වෙත පැමිණ සිටියහ .

මෙම ගුවන් මගීන් ව්‍යාපාරික පංතියේ 18 දෙනෙකු ද , පිරිමැසුම්දායක පංතියේ 176 දෙනෙකු ද වශයෙන් ගුවන් යානය තුළ අසුන් ගෙන සිටියහ .

 මෙම සිසුන් සියලු දෙනා දුරස්ථභාවය රැකෙන පරිදි මෙම ගුවන් යානය තුළ අසුන් ගන්වා තිබූ අතර , ඔවුන් ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි වෙත පිවිසීමට පෙර විශබීජ හරණය කිරීමකට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ලක් කෙරුණි .

පසුව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සූදානම් කර තිබූ බස් රථ වලින් මෙම සිසුන් නීරෝධායන කටයුතු සදහා රැගෙන යනු ලැබීය .


 



අදහස් (30)

ලන්ඩන් නුවර සිටි තවත් ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් කටුනායකට

AjithD.L Wednesday, 06 May 2020 05:19 AM

ලන්ඩන් ගිය සිසුන් විතරයිද ? එතකොට අර මැදපෙරදිග ගිය ගමේ කුසුම්ලා පොල් කුඩුද? ඒ අය ගෘහස්ථ සෙවකයන් නිසාද?

:       366       433

SenaWednesday, 06 May 2020 06:40 AM

හැමදාම ඕක තමයි වෙන්නේ. එයාලට ලොකු හැන්දෙන් බෙදනවා.

:       174       174

ChandanaWednesday, 06 May 2020 07:23 AM

ආණ්ඩුවෙන් ගෙවලා නෙවෙයිද ගෙන්නුවේ, ළමයින්ගේ දෙමාපියන් සල්ලි ගෙවලා ගෙන්නගත්තේ.

:       175       154

chandimaFriday, 08 May 2020 01:28 PM

එහෙම කියන්න එපා. මේක රටට විශාල ඉතිරියක් වෙන වැඩක්. වැඩි දෙනා මුලින්ම වීසා එක ගන්න වෙලාවේ ලංකාවෙන් මුදල් රැගෙන ගියාට පළමු නැතිනම් දෙවන වසර අධ්‍යාපනයෙම් පසුව සිය අධ්‍යාපනයට සහ වියදමට මුදල් සොයා ගන්නේ අතිරේක රැකියාවල් කරලා. වෙනත් විදියකින් කියනවනම් ඒ රටේම සල්ලි වලින් තමයි ඉගෙනගන්නේ. නමුත් මේ ඇතිවෙලා තියෙන තත්වය මත ඒ අතිරේක රැකියා නැතිවෙලා තමන්ගේ දෙමව්පියන්ට ඔවුන්ගේ වියදම් ලංකාවෙන් යැවීමට සිදුවෙලා තියෙනවා. ඒ මුදල් සුළුපටු නොවෙයි, මසකට නිවාස සහ ආහාරපාන වලට සෞඛ්‍ය රක්ෂණ ආදියට පමණක් මැදපෙරදිග රැකියා තුන හතරකින් ලැබෙන විදේශ විනිමය එක්දරුවෙකුට රටින් පිටවෙනවා. අධ්‍යාපනයටත් මුදල් ගෙවුවොත් තවත් සේවකයන් හත් අට දෙනෙකු එවන විදේශ විනිමය එක අයෙකු වෙනුවෙන් මාස්පත රටින් පිටවෙනවා. මෙසේ ගෙන්වා ගැනීමෙන් ඒ විදේශ විනිමය රටින් පිටතට ගලා යාම නවතිනවා. යුරෝපයේ බොහොමයක් අධ්‍යාපන ආයතන වල සිසුනට පවතින තත්වය මත තාවකාලිකව අධ්‍යාපනය නැවත්වීමට වී තිබෙන නිසා ඔවුනටත් මෙසේ පැමිණීමෙන් පාඩුවක් නැහැ. සැම දෙයකම වරද පමණක් දකින්නට එපා.

:       0       83

mihira Wednesday, 06 May 2020 05:25 AM

මේ අය මාර සිසුන් නේ?

:       1       204

suresh - ukWednesday, 06 May 2020 09:44 AM

මොන සිසුන්ද...? කට්ටියම උදේම නැගිටලා ඉන්දියන් කාරයාගේ කිරි කඩේ වැඩ කරන්නේ. කිරි බෙදලා, භාජන හෝදලා වේලලා, පත්තර බෙදනවා. ඊට පස්සේ kfc එකේ මස් මාළු කපලා ,හෝල් එක ඔක්කොම හෝදලා, වැසිකිලි, කුස්සි ඔක්කොම හෝදලා තමයි කට්ටිය වැඩ පටන්ගන්නේ...? පොඩ්ඩ වැරදුනොත් ඉන්දියන් කාරයාගෙන් කනවා කැවිල්ලක්. මුන් ලංකාවට ආපුවම ඉන්නේ වෙන ලෝකෙකින් ආපු අයවගේ. හැබැයි ඇත්ත සුද්දාගේ ළඟ ඔය බොරු සෝබන නැහැ. හැබැයි එකක්. එංගලන්තයේ ජිවත්වන පරණ මිනිස්සු ලංකාවට බොහොම ලැදියි. එහෙදිත් හමුවුනාම සිංහලෙන් කතාකරන්නේ... සිංහල, ඉන්දියන් කඩවලින් බඩු ගෙනල්ලා අපේ රටේ විදිහට උයන්නේ.., පිහන්නේ. මේ ඊයේ පෙරේදා ලන්ඩන් ආපු අලුත් සල්ලි කාරයෝ තමයි එදා ලංකාවේදී පිස්සු නටලා තියෙන්නේ....

:       74       414

shamen jayarathna -LondonWednesday, 06 May 2020 01:44 PM

සහතික ඇත්ත. ලන්ඩනයේ ජිවත්වන පරණ ශ්‍රී ලාංකිකයින් ඔය වගේ පිස්සු වැඩ කරන්නේ නැහැ. අනික ඒ අය උගත්, වැදගත්, මෙහෙ කාගේත් ගෞරවය ලබන අයයි. මේ දැනට අවුරුදු 10 කට මෙහා ඉඳලා එංගලන්තයට ආපු " ශ්‍රී ලංකාවේ අලුත් සල්ලි කාරයින්" ගේ අය තමයි ඔහේ වගේම මෙහෙත් පිස්සු නටන්නේ. ඒ අයගේ දෙමාපියන් අයතා මාර්ගවලින් හොයන මුදල් ( ඩ්‍රග්ස්, එතකොට දේශපාලනයේ සිටින අය කරන හොරකම් වලින් හොයන මුදල් ..) වලින් තමයි ඔය ෂෝ කරන්නේ... හැබැයි එකක්... එංගලන්තයේ ජිවත්වන පරණ ශ්‍රී ලාංකිකයින් ඔය අලුත් හොර සල්ලි කාරයින්ව පෙනී එකකට ගණන් ගන්නේ නැහැ. ඒ පිස්සෝ ලංකාවට ඇවිල්ලා ඒ අයගේ ෂෝ පෙන්වනවා නම් ...කන පැලෙන්න ගහන්න එච්චරයි.

:       0       155

අමිල Wednesday, 06 May 2020 05:35 AM

ලන්ඩන් වල වුවත් මැදපෙරදිගින් වුවත් එක විදිහට සලකන්න. කොටසකට පමණක් විශේෂ වරප්‍රසාද දෙන්න එපා.

:       0       390

samithaWednesday, 06 May 2020 06:57 AM

ඔබ හරි.

:       3       147

Thushara Sampath Wednesday, 06 May 2020 07:14 AM

ලන්ඩන් ගිය සිසුන් විතරයිද ? එතකොට මැදපෙරදිග ගිය අය.

:       18       118

Chandana Wednesday, 06 May 2020 07:21 AM

සිසුන් නිකම් ගෙන්නුවේ නැහැ, ගාස්තු ගෙවලයි මව්පියන් ගෙන්නුවේ.

:       114       54

mihira Wednesday, 06 May 2020 07:37 AM

69 ගොඩක් සනිපයි, රට ඉදන් ඇවිත් දුන්නේ ඡන්දේ...

:       39       192

fairoos Wednesday, 06 May 2020 08:19 AM

චන්දන, අපිත් සල්ලි ගෙවල තමා එන්ඩ ඉල්ලන්නේ

:       0       110

roshan Wednesday, 06 May 2020 08:33 AM

මේ අර ජී.එම්.ඕ එකේ දොස්තර ළමයි ද?

:       0       0

ravinWednesday, 06 May 2020 01:51 PM

ජි.එම්.ඕ කතාව කෙසේ වෙතත් දැනට මාසයකට විතර කලින් ලංකාවට ආව වෛද්‍ය ශිෂ්‍යයෙක්, විශේෂඥ වෛද්‍ය වරයෙක් වෙන්න ට්‍රය් කරලා තියෙනවා. නමුත් මිනිහට මෙහෙ විභාගය ලියන්න තරම් දැනුමක් නැහැල්ලු. මේ බව දොස්තර වරුන්ගේ වුර්තිය සමිතියට ආරංචි වෙලා... වහාම ක්‍රියාත්මක වුනාලු. ඔන්න දැන් පුද්ගලික ඉස්පිරිතාලෙත් ඉන්නවාලු. මිනිහගෙන් බෙහෙත් ගන්න කට්ටියට දෙවියන්ගේම පිහිටයි.

:       0       56

Ukpal Wednesday, 06 May 2020 08:54 AM

Chandana මහත්මයා... දෙමව්පියො ගෙවපුවගෙ රිසිට් දැක්කද? අනිත් රටවල ඉන්න මිනිස්සු පිනට ලංකාවට ගෙන්න ගන්න කියල නෑ. කියන්නෙත් නෑ. සල්ලි ගෙවල එන්න අවසර ඉල්ලන්නෙ... ඒත් තාමත් අවසර නෑ. සමහර රටවලින් එන කාගෝ ෆ්ලයිට් වල ලොකු ලොක්කන්ගෙ අය තුන් හතර දෙනත් ගෙන්න ගන්නවා. කැමති පක්ෂෙකට කතිරෙ ගැහුවට කමක් නෑ... වහල්ලු වෙලා කුණු හෝදන්න එපා.. ගෙන්න ගත්ත අය කවුද කියල ලිස්ට් එකක් ගත්ත නම් බලන්න පුලුවන්. citrus එකේ නැවතිල ඉන්නෙ මොනව ඉගෙන ගන්න ගිය උන්ද කියලත් හොයල බලන්න. ඉන්දියාවෙන්, පකිස්තානෙන් ගෙන්න ගත්ත අයගෙත් වැඩිම අය හමුදා පාඨමාලාවන්ට ගිය අය...

:       3       310

chandima Wednesday, 06 May 2020 09:20 AM

මේ පාර රට භාරගන්න ඉන්න වැදගත් දෙම්වව්පියන්ගේ දරුවෝ නැහැ වගේ.

:       0       1

ajith samarasekara Wednesday, 06 May 2020 09:31 AM

චන්දන, දවස් 4 කට කලින් ලන්ඩන්වල ඉඳලා ආව දේශපාලුවෙකුගේ දුවෙක් කියන එකියක් එයාර් පොර්ට් එකේදී යකා නැටුවා. එයාට සිංහල බැහැයිලු.. ලන්ඩන් ගිහින් අවුරුදු 2යි. සාමාන්‍ය මිනිස්සු එක්ක නිරෝධායනය කරන්න එපාලු. මම නම් කිවේ තාත්තා මොන " හිඟන්නෙක් " වුනත් ප්‍රශ්නයක් නැහැ ආපහු ප්ලේන් එකට නගින්න කියලා ලන්ඩන් යන්න..ඔය කවුරුත් ආවේ මුදල් ගෙවලා තමයි..නිකම් කාවවත් ගෙන්නා ගත්තේ නැහැ. ඔය ලන්ඩන් වල ආපු ගොඩක් අයගේ තාත්තලා හොරු...!!! ඒ අයට මහජනයාගෙන් කොල්ලකාපු සල්ලි තියෙනවා. හැබැයි.. මෙහෙදී කෑ ගහන්න ගියොත් මිනිස්සුන්ගෙන් කනවා... ෂුවර්.

:       0       1027

padmini Wednesday, 06 May 2020 09:35 AM

පෙරේදා එංගලන්තයේ ඉඳලා ගෙනාපු ගඳ ගහන කළු සුද්දෝ වගේ නරුමයෝ ටිකක්ද දන්නේ නැහැ. මාර වැඩේ මෙහෙ හොඳට උසස් පෙල සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයටත් ලියලා ගිය අවුරුද්දේ ලන්ඩන් ගිය හාදයෙක්ට සිංහල බැහැයිලු..

:       0       212

බද්රානි Wednesday, 06 May 2020 10:35 AM

පිටරටවල වෙසෙන, හිඟන දේශප්‍රේමීන්ට වඩා, ප්‍රභූ පවුල්වල දරුවන් මේ රටටත් ලෝකෙටත් වටිනවා. තම්බින්ගෙන් හා සුද්දන්ගෙන්ම බඩ කට පුරෝගෙන බොක්ක පදම් උනාම, තමන් පිටරටකට පැනගත්තේ හිඟන කමටයි කියන එක අමතක වෙලා සිටි මානසික අඳබාලයින්ට අපුරු පාඩමක්. ප්‍රභූ දරුවෝ චන්දෙ දාන්න අතින් වියදම් කරගෙන ලංකාවට එන්නේ නැහැ කවදාවත්, ඔවුන් දන්නවා දුක් විඳලා හම්බ කරන තුට්ටු දෙක වියදම් කරගෙන පාලකයින්ට ආවඩන මීහරක් රැලක් සිටින බව. එංගලන්තයේ සිට පැමිණි ඒ පින්වත් දරුවන්ට නිදුක් නිරෝගී සුවය අත්වේවා!! පුහු දේශමානයෙන් පිම්බිලා සිටින දේශප්‍රේමී හිඟන රල ඒ රටටම වෙලා සිටපල්ලා අපේ රටේ පාලකයින්ට පව් නොදී!

:       522       447

sudeshWednesday, 06 May 2020 01:55 PM

ඔහෙට වැරදිලා පෙරේදා ලංකාවට ආවේ ඔයාගේ ප්‍රභූ දරුවෝද...? ඒ ඇවිල්ලා හොරුන්ගේ දරුවෝ. උන් කතාකරන්නවත් දන්නේ නැහැ. අනික ලංකාවේ කොහෙද ප්‍රභූවරු ඉන්නේ? දියවන්නාවේ ඉන්න චේන් කඩපු හොරුන්ද ඔබ ප්‍රභූවරු කියන්නේ...?

:       0       185

බද්රානි Wednesday, 06 May 2020 02:56 PM

සුදේශ් ගේ අදහස දැක්කාම මට හිතුනේ, දෙපයටම ලාඩම් ගහලා සිටි ගවයෙකුට එක පාදයක ලාඩම ගැලෙව්වාම දැනෙන යතාර්ථය ඔබටත් දැනිලා ඇති කියලයි. කරත්ත භාෂාව (ඔහේ) භාවිතා කළා උනත්, සත්‍යය අවබෝධ කරගෙන සිටින එක ගැන නම් සතුටුයි. අනික ඉතින් හොරුන්ගේ දරුවෝ උනත්, හොරුන්ට ආවඩන, හොරුන් විසින්ම පුම්බා ඇති,ඔවුන්ගේ බර අදින පඹයින්ට (පයට ලාඩම් ගසා ඇති) එසේ කතා නොකර වැදගත් ලෙස කතා කරන්න කියලද ඔබ කියන්නේ? වැදගතු කියන සමහරු කරන සමහර වැඩ දිහා බැලුවාම, රෙද්ද පල්ලෙන් බේරෙනවා ඔය කාගේ කාගේත් වැදගත් කම?

:       29       0

jayanthaWednesday, 06 May 2020 02:26 PM

කණවැන්දුම් කෙනෙක් වගේ.

:       0       69

බද්රානි Wednesday, 06 May 2020 08:11 PM

jayantha , සමාජය තුල අපහසුවට , කාන්සියට බයිලා ලියන ඔබ වැනි අය සිතනවා ඇති මේ ලියන හැමෝම කාන්සියට ලියනවා ඇතැයි කියා. පාලකයින් විසින් මොළය පමණක් නොවේ, ශරීර අවයව පවා, ඛාදනයට පත් කොට ඇති. දෙලොවටම පලක් නොවන අමනයින්ගෙ කරච්චලයට යමක් ලියනවා විනා, වෙන යමක් බලාපොරොත්තුව නොලියන බව ඔබ අවබෝධ කර ගත යුතුයි.

:       31       1

ක්‍රිශාන්ත Wednesday, 06 May 2020 04:01 PM

Sudesh , මෙයාගේත් ඔය කවරු හරි ඔය රටක වේලී වේලී, පන බයට මෙහාට පාත් වෙලා ඇති. ඒකයි ඔය කටු සූප්පු කරන්නේ .

:       0       56

samareWednesday, 06 May 2020 05:19 PM

අපි දන්නවා ඔයා හරි කැමැත්තෙන් ඉන්නේ රටේ පාලකයාට අල්ලන්න කියලා.

:       0       46

Himali Friday, 08 May 2020 03:02 AM

මේ පිටිගල මිලානෝ නේද?

:       0       0

ShanthaFriday, 08 May 2020 12:13 PM

බද්රානි කියන්නෙත් පිටිගල මිලානෝම නේද?

:       0       0

Pradeep Wednesday, 06 May 2020 01:35 PM

අපි හරි පුදුමාකාර ජාතියකි. තමන්ගේ ගෙදර ලයිට් ගියාම ඉක්මනින්ම බලන්නේ අල්ලපු ගෙවල් වල ලයිට් තියනවද කියලා. ඔවුන්ටත් ලයිට් නැත්නම් තමයි හිතට සැනසීමක් ලැබෙන්නේ. මමත් ඉන්නේ විදේශයක හිරවෙලා. මමත් බලන් ඉන්නේ ලංකාවට එන්න. නමුත් තවමත් ක්‍රමයක් නෑ. ඒ අතර වෙන වෙන රටවල සිටින අය ලංකාවට ගෙන්වනවා. මම සතුටු වෙනවා අසරණ වී ඉන්න කවුරු කවුරු හරි කමක් නෑ මව් බිමට එනවනේ කියලා. කවදා හරි අපිටත් වාරයක් ඒවිනේ කියලා බලාගෙන ඉන්නවා. මම විශ්වාස කරන ආකාරයට සියල්ලම සිදු වන්නේ අපි කරන ලද කුසලයට අනුවයි. කනගාටුවට කාරණය නම් ඒ ගෙන්වාගන්නා සමහර අය මව් බිමට පැමිණියාම හැසිරෙන පිළිකුල් සහගත ආකාරය.

:       4       41

Sumudu Wednesday, 06 May 2020 07:09 PM

එක්සත් රාජධානියේ වීසා එකක් දැන් ශ්‍රී ලන්කන් මිනිසුන්ට දෙන්න යන්නේ. කැමති කට්ටිය ඉන්නවනම් කියන්න. ලංකාවට ආපු කට්ටිය ගොඩක්ම දොස්තර සහ ඉගෙන ගන්න කට්ටිය තමයි ආවේ. පදිංචි වෙලා ඉන්න, ස්ථීර පදිංචි කට්ටිය ආවේ නැහැ. ගමන් ගාස්තුව 100% වැඩිපුර ගෙවපු කට්ටිය තමා ආවේ. දන්නේ නැති උනාට මද පෙරදිග කට්ටියත් ගුවන් යානා එවන්න ප්ලෑන් කරලා තියෙන්නේ. එක්සත් රාජධානියේ වීසා එකක් දැන් ශ්‍රී ලන්කන් මිනිසුන්ට දෙන්න යන්නේ. කැමති කට්ටිය ඉන්නවනම් කියන්න.

:       3       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 58 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 232 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 308 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 248 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක්
2024 අප්‍රේල් මස 18 1318 0

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමී


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 685 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 199 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1490 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1399 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site