දැනට ලැබී ඇති තොරතුරු අනුව බටහිර ලන්ඩනයේ උතුරු ග්රැන්ෆෙල් ටවර් නිවාස සංකීර්ණයේ ඇති වූ ගින්නෙන් පසු 58 දෙනකු අතුරුදන් වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.ඔවුන් මිය යන්නට ඇතැයි ද පොලිසිය අනුමාන කරයි.
“මේ සංඛ්‍යා තවදුරටත් වැඩිවිය හැකියි” යැයි නගර පොලිසියේ අණදෙන නිලධාරී ස්ටුවර්ට් කන්ඩි මහතා පැවැසීය.
ගින්නෙන් මියගිය ගණන 30ක් යැයි පොලිසිය අද (18) තහවුරු කළේය.පිළිස්සුම් තුවාල ලැබූ 70කට ආසන්න පිරිසක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද පොලිසිය කීවේය.
සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස සංකීර්ණවලට පිවිසියද සුන්බුන් ඉවත් කිරීම ආදී සියලු කටයුතු අවසන්වීමට සති කිහිපයක් ගතවනු ඇතැයි ද අණදෙන නිලධාරී ස්ටුවර්ට් මහතා පැවැසීය.
ගින්න නිසා පීඩාවට පත් ජනතාවට මුල් පැය කිහිපයේදී ලැබුණු සහාය ප්‍රමාණවත් නැතැයි බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මිය ප්‍රකාශ කළාය. ස්වේච්ඡා සේවකයන් සහ ගින්න නිසා නිවාස අහිමි වූවන් පිරිසක් හමුවීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් අගමැතිනිය ඒ බව කීවාය.
මුදා ගැනීමේ කටයුතු සහ සහන සේවා එකම අවුල් ජාලයක් යැයි නිවැසියෝ චෝදනා කළහ. එමෙන්ම ගොඩනැගිල්ලේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවදානමක් තිබියදී ඒ සම්බන්ධයෙන් පියවර නොගැනීම සම්බන්ධයෙන් ද නිලධාරීන්ට චෝදනා එල්ල වී තිබිණි. ගින්නෙන් පසු ලන්ඩන් නුවර විරෝධතා කිහිපයක් ද පැවැත්විණි. ගින්න සම්බන්ධ සිදුවීමේදී බලධාරීන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්දයෙන් අගමැතිනියට පවා චෝදනා එල්ල වී තිබිණි.
සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ මහජන විමර්ශනයක් කරන්නැයි අගමැතිනිය ඉකුත් දා නියෝග කළ අතර ඒ සඳහා විනිසුරුවරයකු ඉදිරි දින කිහිපයේදී නම් කරන බව කීවාය. මෙම ගින්න සම්බන්ධයෙන් වන වාර්තාවක් ද ඇය විසින් කැඳවනු ලැබ තිබේ. එපමණක් නොව මෙවැනි ගොඩනැගිලි සංකීර්ණවල ආරක්ෂාව සම්බන්ධයෙන් කඩිනමින් වාර්තා සකසන ලෙසද බ්‍රිතාන්‍යය අගමැතිනිය නිලධාරීන්ට උපදෙස් දී තිබූ බව වාර්තා විය.
(රොයිටර්/ඒ.එෆ්.පී-055)
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලන්ඩන් ගින්නෙන් 58ක් අතුරුදන්
Nandalal DE SILVA - France Sunday, 18 June 2017 07:36 AM
අපේ ශ්‍රී ලංකාව පුරාම හතු පිපෙන්නාක් මෙන් ඉදිවෙන මහල් නිවාස සංකීර්ණවල මෙවැනි තත්වයක් ඇති වුණොත් ඒවායේ පදිංචිකරුවන්ගේ ආරක්ෂාව සපයන්නේ කෙසේද ? කුඩා පරිමාණයේ නිවෙස්, සාප්පු සංකීර්ණවල ආදී ස්ථානවල ඇතිවන ගිනි අනතුරු "ගිනි සෙබළුන්", (ගිනි නිවන හමුදාවට මෙරටේ කියන්නේ එහෙමයි !) විසින් කාර්යක්ෂම ලෙස නිවාදමා, ජනතාව බේරා ගත්තත්, අහස සිඹින මහල් නිවාස වල සිදුවන ගිනි අනතුරකට මුහුණ දීමට ශ්‍රී ලංකාවේ ගිනි නිවන හමුදාව සූදානම් ද ?
anura Sunday, 18 June 2017 09:08 AM
එකමුතු වන ජනතාවක් අපේ රටේ ඉන්නවා. වතුර බාල්දි ගසා හෝ මීට පෙර මෙය නිවා දමන්න අපේ රටේ මිනිස්සු හපනුන් තමයි..