IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ලතින් ඇමෙරිකාව නව කොරෝනා වයිරසයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙයි

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය පැතිර යෑමේ නව කේන්ද්‍රස්ථානය බවට ඇමෙරිකානු කලාපය පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.

නව කොරෝනා වයිරසය හේතුවෙන් අගෝස්තු මාසය වනතෙක් බ්‍රසීලය ඇතුළු අනෙක් ලතින් ඇමෙරිකානු රටවලින් වයිරස ආසාදිත මරණ වාර්තා වනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

‘‘ලොක්ඩවුන් සීමා ඉවත් කිරීමට මේක සුදුසු කාලය නෙමෙයි’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇමෙරිකානු කලාපය සඳහා පත් කරන සිටින අධ්‍යක්ෂ කරීසා එටීන් ප්‍රකාශ කළාය.

‘පෑන් ඇමෙරිකන්’ සෞඛ්‍ය සංවිධානයේ මුලසුන හොබවන්නේ ද ඇය යි.

ලතින් ඇමෙරිකාව ද ඇතුළුව ඇමෙරිකානු කලාපයෙන් ඊයේ වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 24 ලක්ෂය ඉක්මවා ගොස් තිබූ අතර එම කලාපයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 1,43,000 ඉක්මවා ගොස් තිබිණි.

මේ වනවිට ලතින් ඇමෙරිකානු කලාපයෙන් දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන යුරෝපයෙන් සහ ඇමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන ද ඉක්මවා ගොස් ඇත.

‘‘අපේ කලාපය කොරෝනා වයිරසය පැතිර යන නව කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙනවා’’ පෑන් ඇමෙරිකන්’ සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරු අනතුරු ඇඟවූහ.

පේරු, චිලී, එල් සැල්වදෝරය, ග්වතමාලා සහ නිකරගුවාවෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරීහු පෙන්වාදුන්හ.

බ්‍රසීලයෙන් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව පස් ගුණයකින් වැඩිවනු ඇතැයි ද අගෝස්තු මාසය වනවිට එරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන 125,000ක් දක්වා ඉහළ යනු ඇතැයි ‘වොෂින්ටන් විශ්වවිද්‍යාලය’ කළ අධ්‍යයනයකින් අනතුරු අඟවා ඇත.

කොරෝනා වයිරසය හේතුවෙන් ලොවපුරා රටවලින් වාර්තා වන මරණ සංඛ්‍යාව 3,52,000 ඉක්මවා ගොස් ඇත. ලොවපුරා නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (27) පස්වරු 6 වනවිට 57,09,518ක් වූ අතර කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3,52,750ක් විය. කොරෝනා වයිරසය ආසාදනය වී ලොවපුරා සුව වූ සංඛ්‍යාව 24,51,109ක් ලෙස දැක්විණි.


‘ද ගාඩියන්’

055


 



අදහස් (2)

ලතින් ඇමෙරිකාව නව කොරෝනා වයිරසයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙයි

රවින් Wednesday, 27 May 2020 06:35 PM

ලතින් ඇමරිකානු රටවල් මුදල් අතින් එතරම්ම පොහොසත් නොවුවත් සංස්කෘතිය අතින් පොහොසත් රටවල්. මෙරට ආයුර්වේදය වගේ එම රටවලද ආවේණික වූ වෛද්‍ය ක්‍රමවේදයන් ඇත. බටහිර වෛද්‍ය ක්‍රමවේදය ගැන පමණක් නොසිතා ඒ ඒ රටවල වෛද්‍ය ක්‍රමවේදයන්ගෙන් මෙම රෝගයට බොහෝදුරට ප්‍රතිකර්මයන් සොයාගත හැකිවේවි. මේ ලඟකදී ඇසුවා ඇමසන් වනාන්තර ප්‍රදේශයන්ගේ ජිවත්වන මිනිසුන් ඔවුනොවුන්ගේ ප්‍රතිකර්ම වලින් කොරෝනාවෙන් වැලකි සිටින වග.

:       0       0

සමන්ත Thursday, 28 May 2020 02:48 AM

මීළඟට ඉන්දියාව සහ ලංකාව... බලාපොරොත්තුව කඩේ යන්නයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 714 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 135 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 924 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 955 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1294 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1157 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site