IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ලක්‍ෂ 19 ක් කොල්ලකෑවාට ජීවිතාන්තය දක්වා හිරේ

රොහාන් කුමාර    
                                       
කෑගල්ල බෝගල පතලේ ලක්ෂ 19 ක මුදලක් මංකොල්ල කෑ ගලිගමුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්ෂකයාට දසදහසක දඩයක් හා ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් කෑගල්ල මහ අධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා අද( 12) නියම කළේය. 
           
මෙ ලෙස දඬුවම් නියම කෙරුණේ පිංදෙනිය අටාල පදිංචි සේනානායකගේ ඉන්දික රුවන් සේනානායක  නැමති  44 වියැති තිදරු පියෙකුටය.   
                                
2000  බෝගල මිණිරන් පතලේ සේවකයින් සඳහා පඩි ගෙවීමට තිබූ ලක්ෂ 19ක මුදල කොල්ල කා, ගිනි අවියක් පෙන්වා බියකර එහි ආරක්ෂක නිලධාරීන් බැඳ දමා එහි තිබූ ජීප් රථය පැහැරගෙන යාම සම්බන්ධයෙන් පිංදෙනිය පොලිසිය විසින් සැකකරුවන් 9ක් අත් අඩංගුවට ගෙන කෑගල්ල මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කළේය.   

                                      
කෑගල්ල මහ අධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ නඩුව විභාග කිරීමෙන් පසුව සැකයෙන් ඔබ්බට චෝදනා ඔප්පු කර නොමැති හෙයින් සැකකරුවන් හත්දෙනකු නිදහස් කෙරිණි.     
                       
අටවන සැකකරුවන ගරාගොඩගේ කෝකිල පේමලාල් හෙවත් උපාලි  නමැති අයෙකු අධිකරණය මග ඇර ඇති අතර 9වන සැකකරු වැරදිකරු වීමෙන් පසුව ඔහුට මෙසේ  දඩ මුදලක් හා සිරදඬුවමක් කෑගල්ල මහ අධිකරණ විනිසුරුවරයා නියම කර ඇත.



අදහස් (7)

ලක්‍ෂ 19 ක් කොල්ලකෑවාට ජීවිතාන්තය දක්වා හිරේ

dias Wednesday, 12 December 2018 02:00 PM

අාප්ප දේශපාලක උතුමෙක්...

:       0       63

Don Wednesday, 12 December 2018 02:01 PM

මෙයාව පොහොට්ටුවේ නිසා තීන්දුව වැරදියි කියලා නැවත උසාවියට විරුද්ධව නඩුවක් දමාවි...

:       0       55

විජිත් Wednesday, 12 December 2018 02:09 PM

මෙන්න විනිසුරුවරු... මෙවැනි අය තමයි අපේ රටට අද අවශ්‍යව ඇත්තේ. මෙතුමාට, අපේ හොර දූෂිත චෝදනා එල්ලවූ දේශපාලකයන්, බැඳුම්කර හොරුටික, අහුවුණොත් මොනවා කරයිද? ඔබතුමාගේ ඉදිරිගමනට මගෙනුත් සුබ පැතුම් ගරු විනිසුරුතුමනි...

:       0       63

Raveendra Wednesday, 12 December 2018 03:45 PM

අප ගරු අධිකරණයට අපගේ ප්‍රණාමය පුද කරන්නෙමු. අපගේ දුප්පත් මුදල් හොරා කාපු නමුත් කිසිදු හිරිකිතයකින් තොරව මහජනයා ඉදිරියේ පුරසාරම් දොඩවන සුදු රෙදි පොරවාගත් කාලකන්නි තක්කඩි රෑනටත් ජිවිතාන්තයට මෙන්ම උප උපන් සෑම ආත්මයකම කල්දේරම් බත කෑමට වැඩ සැලසේවා... යන්න අපගේ මව්බිමට ආදරය කරන සියලුම පුරවැසියන්ගේ එකම පැතුමයි...

:       0       93

Kamal Thursday, 13 December 2018 04:28 AM

මේ කාටවත් මතක නෑ අවුරුදු 18 ක් මේක විසදා දඞුවම් දෙන්න තරම් අධිකරනය අකාරයක්ෂමයි කියලා.

:       0       220

ratna P Thursday, 13 December 2018 07:16 AM

අනේ මේ විදියටම අපේ රටේ මුදල් කෝටි ගණන් වංචා සහ හොරකම් කරන දේශපාලකයන්ටත් දඩුවම් දුන්නොත් හිරගෙවල් වල ඉන්නට දේශපාලකයන්ගේ ආයුෂ අවුරුදු 300 ක් විතර වැඩි කරන්න වෙයි.

:       0       0

indra Thursday, 13 December 2018 07:40 AM

රටේ මුල්‍යමය ආයතන මහජන මුදල් අරගෙන හොදින් වැජබෙනවා, කෝ මේ අය වෙනුවෙන් නීතිය කිසිම වෙහෙසකින් තොරවයි මේ මංකොල්ලයන් වෙන්නේ මේවා දැක්කත් නොදැක්කා වගේ ඉන්නේ ඇයි?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 143 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 154 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 52 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 237 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 214 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 795 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1626 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site