IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ්මන් කදිරගාමර් මහතා එදත් අදත් හෙටත් අපට ආදර්ශයක්

ශ්‍රී ලංකාවේ හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා එදත් අදත් හෙටත් අප සැමටම ආදර්ශයක් යැයි ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය ලියාම් ෆොක්ස් මහතා පැවැසීය. 
 
ශ්‍රී ලංකාවෙන් බිහි වූ අග්‍රගණ්‍ය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු මෙන්ම මෙරට කීර්තිමත්ම විදේශ අමාත්‍යවරයා ලෙස සැලකෙන දිවංගත ලක්ෂ්මන් කදිරගාමර් මහතා අනුස්මරණය කරමින් ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර ‘ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ’ දී ‘ගුත්තිල වීණා වාදනය’ දැක්වෙන අලේඛ්‍ය චිත්‍රයක් නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ලියාම් ෆොක්ස් මහතා ඉකුත් දා ඒ බව කීවේය.  
 
මෙම චිත්‍රය අනාගත පරම්පරාවලට මෙන්ම ‘ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ’ කාර්යමණ්ඩලයට ශ්‍රී ලංකාවේ හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා සිහි කරාවි යැයි ද ලියාම් ෆොක්ස් මහතා කීය. 
 
හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ සුගන්ධි කදිරගාමර් මහත්මිය මෙම ආලේඛ්‍ය චිත්‍රය ‘ලෝක බුද්ධිමය දේපළ සංවිධානයට’ ත්‍යාගයක් ලෙස ලබා දී තිබේ. චිත්‍රය නිරාවරණය කිරීමේ අවස්ථාවට සුගන්ධි කදිරගාමර් මහත්මිය එක්වූවාය. 
 
මෙම සිතුවම ස්ටැන්ලි කිරින්දේ මහතාගේ නිර්මාණයක් වන අතර ‘ගුත්තිල නම් වීණා වාදකයා’ යනුවෙන් එය නම් කර තිබේ.  ජීනිවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත දූත පිරිස, එක්සත් රාජධානිය සහ ‘ලෝක බුද්ධිමය දේපළ සංවිධානය’ එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබිණි.  
 
055



අදහස් (9)

ලක්ෂ්මන් කදිරගාමර් මහතා එදත් අදත් හෙටත් අපට ආදර්ශයක්

. රොහාන් දයාදර පැරිස් Friday, 22 June 2018 04:05 PM

ලක්ෂ්මන් කදිරගාමන් මැතිතුමා තමයි මුළු ලෝකයක් ශ්‍රී ලංකාව දිනාගන්න සිංහල ජාතිය බෞද්ධ නිහතමානි අහිංසක ජාතියක් බවත්... එල්.ටී.ටී. සංවිධානය මිලේච්ඡ ත්‍රස්ත සංවිදානයක් බව ලෝකයාට ඒත්තු ගැන්වීම කළේ එතුමා ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධය නිමාකරන්න අති විශාල කැපවීම් කල මහා උත්තමයෙක් අද කාටත් එතුමා අමතකයි.

:       0       195

sanjeevaSaturday, 23 June 2018 04:51 AM

සිංහල බෞද්ධ ගොඩක් අයට එතුමා හොඳ කෙනෙක්, යහපත් කෙනෙක්, උතුම් ශ්‍රේෂ්ඨ කෙනෙක් වුනේ වෙසක් දිනය ලෝකයේ නිවාඩුවක් කරපු නිසා සහ එල්.ටී.ටී.ඊ. යට එරෙහිව කතා කරපු නිසා. එ්ත් අගමැතිකම දෙන්න හදනකොට කීදෙනෙක් ගෙරෙව්වද දන්නේ නැහැ.

:       0       20

SelwadoreiSaturday, 23 June 2018 06:59 AM

බෞද්ධ කියන වචනය සමග සිංහල, දෙමළ, ඉංග්‍රීසි, යන වචන යෙදිය නොහැකිය.

:       44       1

sanath Friday, 22 June 2018 07:57 PM

ලාංකිකයින් එතුමාට ණය ගැතියි..

:       0       0

kiki Saturday, 23 June 2018 01:20 AM

ලියම් ෆොක්ස්ට වඩා අවංක කෙනෙක් මේකට එන්න තිබුනේ..කදිරගාමර් සර්ට එ්ක අවනම්බුවක්.. මේ කෙනා හතර පාරක් ඉල්ලා අස්වුණා, වංචා එළිවෙලා..

:       0       0

Raveendra Saturday, 23 June 2018 03:46 AM

මොහු අවංක ලාංකිකයෙක් . දැන් ඉන්න අයට හොද ආදර්ශයක්.

:       0       0

Ajith Nissanka Saturday, 23 June 2018 04:54 AM

ලක්ෂ්මන් කදිරගාමර් මහතා අපේ රටට ඉතාම කලතුරකින් පහල වන නියම ජාතික වීරයෙකි! එතුමා එල්.ටී.ටී.ඊ. කුරිරු ත්‍රස්තවාදයේ නිරුවත ලෝක ප්‍රජාවට හෙළිදරව් කර ඔවුන්ගේ ජාත්‍යන්තර ත්‍රස්තජාලය අඩපණ නොකළානම් අදත් එයින් අප දුක් විදිනු ඇත! නමුත් එතුමා කල උදාර සේවය අද අගය කරන්නේ කීයෙන් කීදෙනාද? අද සිටින කාඩ්බෝඩ් ජාතිවාදීන්ට එතුමා කදිම ආදර්ශයක්!

:       0       39

පුජාපිටියේ සමිත හිමි Saturday, 23 June 2018 05:59 AM

ඒ උත්තමයා නැති වුනේ රටේ අවාසනාවට. නිවන් සුව පතමි.

:       0       0

prakaash Monday, 25 June 2018 06:26 AM

කදිරගාමර් යනු ලොකු සේවයක් කල මහතෙකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 314 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 888 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2311 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2575 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 754 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 313 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site