IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ 56 ක කැබ්රියක් සොරාගත් හිටපු ප්‍රභූ ආරක්ෂකයෙක් අත්අඩංගුවට

(ප්‍රසාද් මුතුකුඩ) 


රුපියල්   ලක්ෂ 56 වටිනා  කැබ් රථයක්  සොරකම් කර ලක්ෂ 12 අලෙවි කළැයි කියන හිටපු  ප්‍රභු ආරක්ෂක අංශ  යුද හමුදා  කොප්‍රල්  වරයෙකු නීතිය බලාත්මක කිරීමේ  මීගමුව ඒකකය නිළධාරින් විසින් අද (23) අත්අඩංගුවට ගෙන ඇත.


දිඹුලපතන  පොලිස් වසමේ කොටගල ප්‍රදේශයේ ඉදිකිරීම්  විදේශ ව්‍යාපෘති සමාගමකට  අයත්  වටිනා  නවතම  කැබ් රථයක්  එම ව්‍යාපෘති  වැඩබිමේ  නවතා තිබියදි  රියදුරෙකු එක්ව  ව්‍යාජ යතුරක් කපා  පණ ගන්වා   දිවුලපිටිය ප්‍රදේශයට රැගෙනවිත්  එම රථයේ  චැසි අංක  ග්‍රයින්ඩර් කර මකා දමා  ජාපානයේ සිට  කොටස් කර එකලස් කරන ලද රථයක් බවට පෙන්වා විකුණා තිබේ.


ලද තොරතුරු මත  කළ මෙහෙයුමකදි කැබි රිය කොට්ටාව  ප්‍රදේශයේ  පුද්ගලයෙකුට  ලක්ෂ  දොළහකට  අලෙවි කර තිබියදි   සොයාගෙන  ඇති අතර ,  දිවුලපිටිය ඩිපෝ මාවත  නිවසක   සිටි  සැකකරුව සහ මෙරටට ගෙන්විය නොහැකි  අධි බල   ධාරිතා ඇංජින් සහිත යතුරුපැදි දෙකක්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

තවද   සැකකරු  හිටපු රාජ්‍ය නායකයෙකුගේ ආරක්ෂක රාජකාරි කටයුතු කරමින්  සිටියදි ගිනි අවි සම්බන්ධ නඩුවකට චෝදනා  ලැබ සිටියෙකු බවත්  මෙම සිද්ධියට  සම්බන්ධ  තවත් දෙදෙනෙක්  ඇතුළු සැකකරුවන් තිදෙනෙකු මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව  පොලීසිය   සදහන් කළේය.
 



අදහස් (3)

ලක්ෂ 56 ක කැබ්රියක් සොරාගත් හිටපු ප්‍රභූ ආරක්ෂකයෙක් අත්අඩංගුවට

Nuwan Wednesday, 23 May 2018 12:05 PM

ලක්ෂ 56ට කොහෙද ටොයෝටා හයිලක්ස් රථයක් ගන්න තියෙන්නේ... මේක 2018දී කෝටියකටත් වැඩියිනේ... කතාවේ මුල ඉඳන්ම අමුතුයි...

:       0       1

Anton Austria Wednesday, 23 May 2018 12:19 PM

නුවන් සෙකන්ඩ් හෑන්ඩ් පාවිච්චි කරපු වාහන විකුණන්නේ මේ ගාණට..

:       0       1

ranjith Wednesday, 23 May 2018 03:20 PM

මේක 2012දී රේජිස්ටර් කරපු එකක්... 56 තමයි ගාන. නොදන්නා කමට දොඩවන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 223 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 600 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1551 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1782 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 551 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 256 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site