(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ විස්සකට ආසන්න හෙරොයින් මත්කුඩු තොගයක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු කොස්ගම හිඟුරලදී අත්අඩංගුවට ගත් බව කොස්ගම පොලිසිය පවසයි.
එම පුද්ගලයා සතුව තිබී මත්කුඩු ග්‍රෑම් 104යි මිලිග්‍රෑම් 800ක් සොයාගත් බව පොලිසිය කියයි.
පුද්ගලයකු මත්කුඩු රැගෙන යතුරුපැදියකින් යන බවට කොස්ගම පොලිසිය ලද තොරතුරකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
සැකකරු ගාල්ල ප්‍රදේශයෙන් මත්කුඩු රැගෙන පැමිණ ඇති බවත් විද්‍යුත් මුදල් හුවමාරු ක්‍රමය යටතේ අවිස්සාවේල්ල, කොස්ගම, දැරණියගල, හංවැල්ල යන ප්‍රදේශවලට මත්කුඩු බෙදාහැර ඇති බවත් අනාවරණය වී ඇති බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්
කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.
යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර
බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය
මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලක්ෂ 20ක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට