(දෙහිවල එච්.එම්. ධර්මපාල)
රත්මලාන ප්‍රධාන පාතාල සාමාජිකයෙකූ වූ කොචිච්කඩේ ප්‍රදේශයේදී පොලීස් වෙඩි පහරින් ඝාතනයට ලක්වූ ‘රොහා‘ යන අයගේ මරණය සම්බන්ධයෙන් සතුට සැමරීමට කටයුතු කළ කුඩු අංජුගේ සහෝදරිය සමග ඊයේ (25) ගල්කිස්ස නිසල අරණ සුසාන භූමියේදී අත්අඩංගුවට ගත් ඩ්‍රෝන යන්ත්‍ර සමග අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීමකට ලක්කෙරිණි. එහිදී රුපියල් ලක්ෂ 20 කට අධික ඩ්‍රෝන කැමරා 5 ක් ඇතුලු උපකරණ තොගයක් කඩුවෙල ප්‍රධාන සැකකරුගේ නිවසේ තිබී අද (26) සවස දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි දෙහිවල පොලිසිය කියයි.
සැකකරු කඩුවෙල පදිංචි වයස 38ක අයෙකු වන අතර කිසිඳු බලපත්‍රයක් නොමැතිව ඩ්‍රෝන යන්ත්‍ර ආනයනය කිරීමේ ආයතනයක් පවත්වාගෙන යනු ලැබ ඇතිබවත්, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා විශාල ඩ්‍රෝනා යන්ත්‍ර 2ක් හා කැමරාකරණය කරන ඩ්‍රෝන කැමරා 3 ක්ද සමග උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර පරීක්‍ෂණ දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එල්. දුෂ්මන්ත මහතා අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් උදයංග මහතා ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරගෙන යනු ලබයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ
දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා
පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලක්ෂ 20 ක ඩ්‍රෝන කැමරා 5 ක් අල්ලයි