IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලක් රජයේ සංහිඳියා වැඩ සටහන අගය කරනවා - නේස්බි සාමිවරයා

ශ්‍රී ලංකා රජයේ සංහිඳියා වැඩ සටහන අගය කරන බවත් අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද වැඩසටහන ඉතා සාර්ථක බවත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බාරෝන් නේස්බි සාමිවරයා පවසා ඇත.බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වි සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවෙමින් නේස්බි සාමිවරයා ඒ බව කියා තිබේ.  
 
මෙම හමුවේදී නේස්බි සාමිවරයා ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන අගය කර තිබෙන අතර සත්‍ය මිතුරකු ලෙස සෑමවිටම ශ්‍රී ලංකාවට සහාය දෙන බව ද ප්‍රකාශ කර තිබේ. 
 
ශ්‍රී ලංකවේ සිදුවන ක්‍රියාකාරකම් සහ තත්ත්වය සම්බන්ධයෙන් යුරෝපය සහ ජීනිවා නුවර මානව හිමිකම් කවුන්සිලයට සවිස්තර සහ පැහැදිලි තොරතුරු නොලැබීම සහ ලබා නොදීම කනගාටුවට කරුණක් බව ප්‍රකාශ කර තිබෙන නේස්බි සාමිවරයා යුරෝපයට සහ ජීනිවා නුවරට ශ්‍රී ලංකාවේ සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීමට පූර්ණ සහයෝගය දෙන බව පවසා ඇත. 
 
ශ්‍රී ලංකාවේ සත්‍ය තත්ත්වය, සංවර්ධන සහ සංහිඳියා වැඩසටහන පිළිබඳව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සහ ලෝකයා දැනුවත් කිරීමට පුද්ගලිකව මැදිහත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදි නේස්බි සාමිවරයාට කෘතඥතාව පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. 
 
055



අදහස් (3)

ලක් රජයේ සංහිඳියා වැඩ සටහන අගය කරනවා - නේස්බි සාමිවරයා

sirimal Thursday, 19 April 2018 06:40 PM

නේස්බි සාමිවරයා කාලාන්තරයක් තිස්සේ ශ්‍රී ලංකාව වෙනුවෙන් බ්‍රිතාන්‍ය සාමි මණ්ඩලයේත් ඉන් පිටතත් දැඩි කැපවීමකින් පෙනී ඉඳිමින් කටයුතු කරන ලංකාවේ සැබෑම මිත්‍රයෙක් වන උතුම් මහත්මයෙක්. විශේෂයෙන් ලංකාවේ ත්‍රස්තවාදය ප්‍රභලව පැවති සමයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දැවැන්ත සේවයක් කළ කෙනෙක්.

:       0       0

Chandima Friday, 20 April 2018 05:27 AM

නෙස්බි සාමි කියන්නේ ජිනීවා වල අපේ ජාතික ප්‍රශ්නයේදී අපිට උදවුවට ආපු දෙවියෙක් වගේ පුද්ගලයෙක්. අනේ කණගාටුවට කාරණය නම් අපේ සමහර දෙසපාලකයෝ එතුමාව නොදැක්ක වගේ කටයුතු කරගෙන යනවා. දෙන්න හදන උදවු ඕනි නැහැ කියනවා.

:       0       43

theshan Friday, 20 April 2018 06:38 AM

සාමි තුමෙනි ඕකම පොඩ්ඩක් ගහිල්ල කියන්න බැරිද ඔතන බෝඅර්ඩ් උස්සගෙන ඉන්න කට්ටියට.

:       0       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 230 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 357 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 64 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 520 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1483 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 3746 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site