නිමල කොඩිතුවක්කු
ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් ඇතුලූ වෘත්තීය සමිති නායකයින් හයදෙනෙකුගේ සේවය අත්හිටුවීමට එරෙහිව ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඇතුලූ සියලූම වැඩ බිම් ඉදිරිපිට කළු කොඩි ඔසවා සේවකයන් පිරිසක් අද (19) විරෝධතාවයේ නිරත වී සිටිති.
විදුලි බල මණ්ඩලයේ පාළනාධිකාරිය ලබාදුන් මෙම තීරණයට එරෙහිව ආරම්භ කරන විරෝධතාවයේ පළමු පියවර ලෙස මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවත් ඉන් අනතුරුව අඛන්ඩව වෘත්තීය ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කරන බවත් රන්ජන් ජයලාල් මහතා ලංකාදීපයට පැවසීය.
රන්ජන් ජයලාල් මහතාට අමතරව විදුලි බල මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ සමුලූ ලේකම් අජිත් දේවප්‍රිය, විදුලි බල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ලේකම් ඩබ්. ඒ. පී ප්‍රභාත්, උප සභාපති පී. ඞී. එස් පේ‍්‍රමලාල් කමිටු සාමාජිකයන් වන ඞී. එස් විජයලත්, ප්‍රියන්ත ගුණසේකර යන මහත්වරුන්ගේ සේවය මෙලෙස අත්හිටුවා ඇත.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලංවීම සේවකයෝ වැඩ බිම් වල කළු කොඩි ඔසවති
සමන් Monday, 19 February 2018 07:45 AM
මොවුන් සියලුදෙනා දේශපාලන පක්ෂවල හෙන්චයියන් ලෙස නමට ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කරන්නන් වෙති. ව්‍යාජ සමිති සාදාගෙන පවතින රජයන් අස්ථාවර කිරීමට සේවකයන් පෙළ ගස්වන අතර කිසිඳු සේවයක් රට වෙනුවෙන් නොකරති. ආසන්තම හේතුව ලෙස මොවුන් පසුගිය මස සභාපතිවරයා ඇතුළු ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් රැසක් නිවාස අඩස්සියේ තබා ගත්තා. මෙම කොඩි එසවීමට හේතුව එයයි.
සතයපාල Monday, 19 February 2018 09:03 AM
මේ වෘත්තීය සමිති නිසා තමයි සමහර රජයේ ආයතන රැකිලා තියෙන්නේ. එවායේ ඉහල නිලධාරීන් දේශපාලනඥයන් හා එක්වී කරන වංචා, දූෂණ හා වෙනත් අකටයුතුකම් හෙළිකරමින් ගෙනයන සටන නිසා වෘත්තීය සමිති නායකයන් එදා සිටම පාලකයන්ට වහා කදුරුවගේ වෙලා...
සතයපාලMonday, 19 February 2018 10:03 AM
මේකට අන්ලයික් දාපු අය මතක තියා ගන්න ඕන විදුලිබිල වැඩි වෙනකොට නිශ්ශබ්දව ඉන්න. මොකද අපේ විදුලිබිල වැඩිවෙන්න ප්‍රධාන හේතුව තමයි විදුලිබල මණ්ඩලයේ ඇතුලේ කෙරෙන හොරකම් හා කොමිස් ගැහීලි මේවට විරුද්ධව කතා කරන්නේ කණිෂ්ඨ සේවකයන්ගෙන් සැදුනු වෘත්තීය සමිති ව්‍යාපාරය තමයි.
කරන්ට් ගියාMonday, 19 February 2018 10:30 AM
ඇයි සත්‍යපාල බොරු කියලා අපිව හිනස්සන්නේ?
kapila Monday, 19 February 2018 09:03 AM
කලු නෙමෙයි. සුදු කොඩි දැම්මත් කමක් නෑ.. වෙලාවට කපන්නේ නැතුව විදුලිය දෙන්න. ඔය කට්ටිය ආණ්ඩුව, සහාපති කා එක්ක රණ්ඩු කරත් කමක් නෑ. අහිංසක ජනතාවගෙන් පලි ගන්න එපා. එදාට අපිට පුළුවන් ඔය අයටත් පෙන්නන්න ජනතා බලය...
lalindra Monday, 19 February 2018 09:33 AM
රන්ජන් ජයලාල් අපිට මතකයි ඔබතුමා පසුගිය වාරේ වර්ජනයේදී කීවේ අපි වැටුප් සල්ලි බලාගෙන නෙමේ මේ වර්ජනය කරන්නේ කියලයි. ඒ වුනාට හොරු ඇල්ලුවේ නැතිව වැටුප වැඩි කරගෙන වර්ජනය නැවැත්තුවා. ඉල්ලන්නකෝ ඡන්දයක් නියම කෙනෙක්නෙ ඔබ දේශපාලනේට
Aluthgama A.Samathasena. Monday, 19 February 2018 10:04 AM
සැබවින්ම විදුලිය බල මණ්ඩලයේ වැඩි පිරිසක් දේශපාලනයෙන් ආපු කට්ටිය තමයි ඉන්නේ. රස්සාව කරගෙන තම සේවය රටට දෙනවා වෙනුවට ඒ අය කරන්නේ වැඩ වර්ජන. ඒකෙන් දඬුවම් ලබන්නේ ජනතාව. මණ්ඩලේ ඉන්න හොද අයටත් එම තත්වය මහා කරදරයක්. මේකට විසදුම පෞද්ගලික අංශයට බාරදීමයි. දැනට එම සමාගම් හොඳ සේවයක් කරනවා.
gihan Monday, 19 February 2018 10:06 AM
ජනතා විමුක්ති පෙරමුණේ රන්ජන් ජයලාල් විසින් රටම අපහසුතාවයට පත්කිරීමට දරන උත්සාහයකි. මමද විශ්වවිද්‍යාල සිසුවෙකුව සිටි සමයේදී ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දුන්නද, මොවුන් විසින් මෙම ආයතන තුල කරන අසාධාරණ වැඩ වර්ජන දැකීමෙන් පසු කිසිම දිනක ඔවුන්ට ඡන්දය නොදීමට තීරණය කලෙමි. කුමන හෝ ගැටුමක් නැත්නම් ඔවුන්ට පැවැත්මක් නැත. එමනිසා තහවුරු කල නොහැකි චෝදනා කරමින් නිලදාරීන් සහ රජය අපහසුතාවයට පත්කරයි. අභූත චෝදනා කරමින් නිලදාරීන් අපහසුතාවයට පත්කිරීම මොවුන්ගේ ක්‍රමයයි.
chathuri Monday, 19 February 2018 01:19 PM
අපි වැඩක් කර ගන්න ගියාම වැඩේ කරන කෙනා නැහැ වෙන දවසක එන්න කියනවා, සේවය අත් හිටුවා රැකියා නැති අයට මේ අවස්ථාව දෙන්න
Aluthgama A. Samathasena Monday, 19 February 2018 03:26 PM
ඔබතුමන්ලා රැකියාවට එනවිට ඕවා කිව්වද? පොඩ්ඩක් අවංකව පපුවට අත තියලා බලන්න කරනදේ හරිද කියලා. අපි දන්නවා සමහර බලධාරින්ගේ වැඩ. එයට අපිට විදුලිය නැතිවෙන්න වර්ජන කරලා හරියන්නේ කොහොමද? ඔයාලගේ සේවය උසස්ව කළොත් ජනතාව ඔයාලගේ පැත්ත ගනීවි. එදාට ඔය බලවතුන් මට්ටුවේවි. නැවතත් කියන්නේ ප්රජතන්ත්රවාදේ තියෙන නිදහස වැරදියට යොදා නොගෙන හරි දේ හරි විදිහට කරන්න. එදාට ඔබතුමන්ලාට විශාල බලයක් හිමිවේවි. දෙවියන් මෙන්ම මිනිසුන් වන අපද ඔබ සමග සිටීවි. නව මංපෙත් ඔස්සේ කාරුණික වී ජයග්‍රහණය ලබන්න. ඔබතුමන්ලාට ජය!!!