IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ලංවීම තෙල් සංස්ථාවට කෝටි 8000 ක් ණයයි

(රංජන් කස්තුරි)

විදුලිය ජනනය කිරීම සඳහා ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 8000 ක් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ණය වී තිබේ.

එම ණය මුදල හෝ ඉන් කොටසක් හෝ නොගෙවන්නේ නම් ඉන්ධන සැපයීම නතර කිරීමට පියවර ගන්නා බවට ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව විදුලිබල මණ්ඩලයට අනතුරු අඟවා තිබේ.

මේ අතර පෙරේදා (08) ලංකා ඛණිජතෙල් සංස්ථාව ලංවීමට ඉන්ධන සැපයීම නතර කළ අතර එමගින් මෙගාවොට් 150 ක පමණ විදුලිය ධාරිතාවයක් ජනනය කිරීමට නොහැකි වූ බවද එම මණ්ඩලය කියයි.

 

 



අදහස් (17)

ලංවීම තෙල් සංස්ථාවට කෝටි 8000 ක් ණයයි

Chanak los angeles Tuesday, 09 July 2019 03:28 PM

එදා සාටකලාගේ මිහින් ලංකා යානාවලට සංස්ථාවෙන් සපයපු ඉන්ධන වල මුදල් තවම ගෙවා නැහැ නේද? වංචා, දූෂණ, පොලු කප්පරක් තියාගෙන සාටක වේදිකා ගානේ ගිහින් කතා කරන්නේ තොත්ත බබෙක් වගෙයි නේද..?

:       1136       1213

රත්නායක Tuesday, 09 July 2019 04:13 PM

යන්නේ කොහෙද මල්ලෙ පොල්... ඒ වැරදි නොකරන්න නේද ඔහෙලා යහපාලනේ ගෙනාවේ. තව තව මහින්දට බැන බැන මේ පාණ්ඩුවේ වැරදි, හොරකම් වහ වහ ඉමු.

:       5       474

PrabhaTuesday, 09 July 2019 06:29 PM

නියම උත්තරේ

:       1       4

athuraWednesday, 10 July 2019 05:26 AM

සුදුසුකම් ඇතුව හෝ නැතුව දේශපාලනේට කඩේ යන එක එකම සුදුසුකම කරගෙන කප්පරක් රස්සා දුන්නහම රජයේ ආයතන පාඩු නොවී තිබුනොත් තමයි පුදුමෙ. මම මේ කියන්නෙ පහුගිය ආණ්ඩුව ගැන.

:       11       3

රත්නායක Wednesday, 10 July 2019 04:53 PM

⁣athura..මේ ලඟදි සා.පෙළ සමත් අයට ගුරු පත්වීම් දුන්නේ කවුද?

:       1       20

athuraThursday, 11 July 2019 04:32 AM

නිකන් බොරු ඇදබාන්න එපා මහත්මයා... සා.පෙළ සමත් අයට ගුරුපත්වීම් දුන්නේ කොහෙද දුන්නේ කවද්ද?

:       9       1

රත්නායක Thursday, 11 July 2019 08:52 AM

ඔහේ ලංකාවෙ නෙවෙයිද ඉන්නෙ. 4000 කට දුන්න සති දෙකකට කලින්. ගිය අවුරුද්දෙ දේශපාලන ගොට්ටොන්ට අධ්‍යාපන අධ්‍යක්ෂ හා විදුහල්පති තනතුරු දෙන්න ගිය එක නැවතුනේ ගුරුවරු ස්ට්‍රයික් කරපු නිසා..තව කඩේ යන්න. ටික කාලයයි නෙ.

:       2       7

athuraThursday, 11 July 2019 10:03 AM

4000 කට දුන්නේ උපාධිධාරීන්ට නේද.මම ලංකාවේ ඉන්නේ ඔබතුමා කොහෙද ඉන්නේ.මතකද හොර අගමැතිවෙලත් සමෘද්ධි පත්වීම් දුන්න.තව ටික කාලෙකින් ආයි ඇවිල්ල කරන්නෙත් ඕකම තමයි.

:       7       1

Hafeel Tuesday, 09 July 2019 03:38 PM

මේ ආණ්ඩුව මොනවද කරන්නේ? එහෙ කුණුගොඩ. තව පැත්තෙන් තෙල් අර්බුද...

:       18       174

Dayan Tuesday, 09 July 2019 03:41 PM

අපිට විදුලිය සපයන්නේ පිනට නෙවේ. එහෙනම් ගත්තු ඉන්ධන වලට ගෙවන්න බැරි මොකද? අකාර්ක්ෂම මූල්‍ය පාලනය. ලොක්කෝ කව්රුත් බෙදා ගන්නවා. උපයන විට ගෙවිය යුතු බද්ද සේවකයින් වෙනුවෙන් ගෙවන්නෙත් මණ්ඩලයලු. නියමයි...

:       59       230

Amila Tuesday, 09 July 2019 04:36 PM

අර යෝදයා ගිය තැන ඉවරයි. මිනිහට ඕන කොහොම හරි අර නැවෙන් වැඩි කොමිස් කුට්ටියක් කන්න.

:       4       115

sisira Tuesday, 09 July 2019 11:18 PM

මහින්දගේ කාලය තුල නොගෙවපු තෙල්වල ගානත් එක්කද ගණන් බලල තියෙන්නේ ?

:       3       1

menna Wednesday, 10 July 2019 12:15 AM

රවී මහතා යන යන තැන ඇයි මෙහෙම වෙන්නේ? මොකක් හරි මුල්‍ය අර්බුදයක්.

:       1       0

රවින් Wednesday, 10 July 2019 01:12 AM

මෙච්චර ණය එකතැනකට තියාගෙනද අර ලොක්කන්ට වේතන වැඩි කරගන්නේ? පහුගිය දවස්වල ගරු අධිකරණය විසින්ද නියෝග නිකුත් කළා නේද මේ සම්බන්දව? බැලූ බැල්මට පෙනෙන්නේ අකාර්යක්ෂම පරිපාලනයක් නොවේද? ලෝකෙන් හොඳම මුදල් පාලක නේද මුල් පුටුවේ ඉන්නේ? අනේද ............. කියන්නේ.

:       1       51

lalithm Wednesday, 10 July 2019 02:49 AM

විදුලිබල මණ්ඩලේ කට්ටිය එයාලගේ පඩි වැඩි කරගන්න විතරද වර්ජන තර්ජන කරන්නේ. ලෝකෙට ණය වෙලා හරි බඩ වඩාගන්න තරම් ඉන්ජිනේරුවොත් ඇතුළුව මණ්ඩලේ සේවකයෝ නීච වෙලාද? ගත් ණය ගෙවා රටට කරන හානිය වලක්වන්න. වෘත්තීය සමිතිත් වගකියන්න ඕනේ.

:       0       41

sisira Wednesday, 10 July 2019 10:09 AM

මහින්දගේ කාලයේ නොගෙවපු ගානත් එක්කද?

:       0       1

sharm warn Wednesday, 10 July 2019 10:14 AM

අපේ විදුලි බිල දන්වා හෝ නොදන්වා හිතු හිතු අතේ වැඩි කරනවා . එතකොට අපි ගෙවන ගාස්තු යන්නේ කොහෙද ? අනිත් එක පහුගිය කාලේ සුර්ය බල ශක්ති පද්ධති වලට මාරු වුන පාරිභෝගිකයින්ගෙන් ජාතික විදුලි පාධතියට එකතු වුන විදුලිය නිසා යන්තම් වත් පිරිවැය අඩු වුනේ නැද්ද ? මේ තරම් ලොකු හිගයක් එකතු වෙනකල් විදුලිය ඇමති මොනවද බලන් හිටියේ ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යලේ වී වගා සල්ලි ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට
2024 අප්‍රේල් මස 24 2 0

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.


පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 199 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 839 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 486 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 80 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1529 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site