IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ලංවිම-කොමිසමේ ගැටුම විසඳෙන තෙක් කැබිනට් රැස්වීමට එන්නේ නෑ

(අජන්ත කුමාර අගලකඩ)
 
ලංකා විදුලි බල මණ්ඩලයත් , මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් අතර ඇති වී තිබෙන අර්බුදය විසඳා ගන්නා තෙක් තමා කැබිනට් රැස්වීම්වලට සහභාගි නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (2) කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 
මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලයට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන්ද අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා රජයේ ආයතනයක් තවත් රජ්‍ය ආයතනයකට එරෙහිව නඩු පැවැරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවද පවසා ඇත.
 
මෙවැනි ක්‍රියාවලින් එම ආයතන පිරිහීමට ලක්වනවා මෙන්ම පරිභෝගික ජනතාවද පීඩනයට පත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ.
 
එබැවින් මෙම අර්බුදය වහා විසඳා ගත යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
 
මේ අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩිව විවේචනය කර ඇතැයි වාර්තා වේ.



අදහස් (36)

ලංවිම-කොමිසමේ ගැටුම විසඳෙන තෙක් කැබිනට් රැස්වීමට එන්නේ නෑ

notherumkamata Tuesday, 02 April 2019 05:43 PM

එතකොට සතොසට, රජයට අයත් හෝටල් වගේ ඒවාට විරුද්දව මහජන සෞඛ්‍ය පරීක්ෂක නඩු දන්නේ නැද්ද? ආයතන දෙකම රජයේ ආයතන වුනත්, පුද්ගලික වුනත්, මහජනතාව පීඩවට පත්කරනවද, නීතියට පිටින් යනවද, ඊට විරුද්ද විය යුතුයි.

:       7       1053

janakaWednesday, 03 April 2019 12:55 PM

විධායක ජනාධිපතිකම තිබිලත් මේ වගේ සුළු ප්‍රශ්නයක් විසඳගන්න බැහැ. හැමදේටම නාහෙන් අඬනවා. හැබැයි ඊළඟ ජනාධිපතිවරණයටත් ඉල්ලන්නයි ෆුල් ට්‍රයි එක... අනේ මන්දා...

:       0       443

sisili bisili Tuesday, 02 April 2019 05:46 PM

ආණ්ඩුවක් තියෙන්නේ තීරණ ගන්න. නමුත් දැන් තීරණ ගන්නේ කොහෙවත් ඉන්න නිලධාරියෝ. අකාර්යක්ෂමතාව තමයි ඉතින්.

:       60       218

සනා ද බෝයි Tuesday, 02 April 2019 06:15 PM

අපේ උන්දැත් ඔහොම තමයි. කිසිම වැදගත්කමක් නැති දෙයකට තරහ වෙනවා.

:       203       547

Demuni de silva Tuesday, 02 April 2019 10:55 PM

ජනාධිපතිතුමා, ඔබ රටේ ප්‍රධානියා, ආරවුලෙන් පැන නොයන්න, කරුණාකර මැදිහත් වන්න.

:       0       69

Buddika Tuesday, 02 April 2019 11:49 PM

අපේ ආ්චිත් ඔයා වගේමයි... කිසිම හේතුවක් නැතුව තරහවෙලා කෑමත් වර්ජනය කරනවා (හැබැයි හවස්වෙලා කනවා)....බලාගෙන ගියහම පොඩි බබ්බු වගේ... කොහොමත් ඔබතුමා තව දවස් කිහිපයයි නේද ඉන්නේ.......

:       1       1136

liyanage Wednesday, 03 April 2019 12:15 AM

ඉන්දියාවෙන් ලංකාවට විදුලිබලය ලබාගැනීමට හැකියාවක් තිබේද යන්න ලංකා රජය සොයා නොබලන්නේ මන්ද? රාජතාන්ත්‍රික මැදිහත් වීමක් වුවහොත් ඉන්දියාවෙන් අඩුමිලට ලංකාවට විදුලිබලය ලබාගැනීමට හැකියාවක් තිබේ.

:       3       18

ranjith Wednesday, 03 April 2019 12:25 AM

විදුලි මණ්ඩලයට නඩු දාපු එක හොදි හැමදාම හොරකම මේ ආණ්ඩුවේ වැඩිකලක් එම ඇමතිධූරය දෙරුවේ ශ්‍රී ලංකා පක්ෂයේ කෙනෙක් මේ හැම කෙනාම කරපු වැඩක් නෑ....... මේවට නඩු දාල වැරදී කාරයෝ හිරේ දන්නා මිනිස්සු විදින දුක් මුන්ට කවදාවත් තේරෙන්නේ නැ

:       0       149

Praba Wednesday, 03 April 2019 12:25 AM

මම එන්නේ නෑ... තරහම තරහයි..

:       0       68

නාලක Wednesday, 03 April 2019 01:16 AM

ගමේ ගතිය. ප්‍රශ්නවලින් පැනල යනවා. පෞර්ෂයක් නැති කම . නායකයෙක් නොවන බව .. අපේ පවට මෙවන් අය රටේ නායකයන් වන බව

:       2       394

saratg Wednesday, 03 April 2019 01:37 AM

ගිහින් ටොක්කක් ඇනල පාරිභෝගික අධිකාරියේ ඉන්න මෙලෝ හසරක් නොදන්නා බක පන්දිතයින්ට තේරුම් කරලා දෙන්න රටේ නායකයට බැරිද. ප්‍රශ්න වලින් මග හරින එකද යුතුකම. ඉස්සර ජනාධිපති ප්‍රේමදාස පලාතට එනවා කීවත් රජයේ සේවකයෝ බයයි මොකද එතුමා ගේ උකුසු ඇසෙන් වැරදි කරන නිලධාරින් ඇල්ලුවා සහ නිසි ක්‍රියාමාර්ග ගත්තා. ජනාධිපති මහින්දත් ප්‍රශ්න කඩිනමින් විසඳුවා මේ වගේ පැත්තකට වෙලා හිටියේ නැහැ ,ඔහු නැතිනම් නොරොච්චෝලේ අදටත් අපිට නැහැ.

:       35       209

Amila Wednesday, 03 April 2019 01:51 AM

විහිලු සෑපයීමෙත් සීමවක් තියෙන්න ඕන නේද. ඔය තනතුර තියෙන්නේ කියව කියව ඉන්න නෙමේ වැඩ කරන්න !

:       0       144

Raveendra Wednesday, 03 April 2019 01:54 AM

මෙය හරියට අපට අරක හෝ මේක දුන්නේ නැත්නම් වැඩට එන්නේ නැහැ. ඕන කෙනෙකුට කියලා වැඩටික කර ගන්න එකයි ඇත්තේ යන අදහස් නොවේද ? රටේ මුල්පුරවසියාට පුරවැසියන් විසින් ලබාදිඇති බලතල අනුව රටේ මහජනතාවට පිඩාවක් හෝ අවැඩක් හෝ අකටයුත්තක් වෙන අවස්ථාවල ඔහුට අයිති බලතල ක්‍රියාත්මකර උගත් හෝ නුගත් ද්‍රෝහින්ව පන්නා දැමීම කලයුතු නොවේද ? විදුලි මාෆියාවට කලයුත්තේ එය නොවේද ? මෙහි ඉහල තනතුරු දරන උගත් [ඉරිස අප සියල්ලොගේම බදුමුදල් වලින් ඉහලටම ඉගෙනගෙන මහජනතාවටම පිඩා වෙන ලෙස ක්‍රියා කිරීම සාධාරණද නැද්ද ?

:       0       60

Senanayake Wednesday, 03 April 2019 02:00 AM

පොඩි ළමයි වාගේනේ.

:       0       48

de silva Wednesday, 03 April 2019 03:02 AM

කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාගේ වගකීම, කැබිනට් මණ්ඩලයේදී ප්‍රශ්න සාකච්චකර ගැටළු නිරාකරණය කිරීම , ප්‍රශ්න තිබෙන අවස්ථාවේ ජනාධිපති වරයාගේ පැමිණීම ඉතා වැදගත් , රටේ තීරණාත්මක ප්‍රශ්න වලින් ඇඟ බේරාගෙන පැත්තකට වෙනවා නම් මේක ඔහුගේ විශාල දුර්වලතාවයක් , ඡන්දය දුන් සහ ජනාධිපතිතුමා නඩත්තු කරන්න බදු මුදල් ගෙවන ජනතාවට කරන ද්‍රෝහී කමක්. ජනාධිපති තනතුරේ වගකීම් ඉටු කිරීමට ශක්තියක් නැත්නම් කරන්න තියන හොඳම දෙය හැකි ඉක්මනින් ජනාධිපතිවරණයක් පැවැත්වීම. එතකොට ජනතාව කැමති කෙනෙක් පත්කර ගනීවි. නැත්නම් මේ විදිහට තීන්දු තීරණ නොගෙන සිටීමෙන් රටේ ආර්ථිකය කඩාවැටී ජනතාව කබලෙන් ලිපට වැටෙනු ඇත.

:       0       218

Chin Wednesday, 03 April 2019 03:15 AM

මේක සම්පූර්ණයෙන්ම කුණු කසළ ගොඩක්. මෙම පුද්ගලයා තමා දැරූ ස්ථාවරය තේරුම් ගැනීමට මෙම පුද්ගලයාට නොහැකි විය. ඔහු සිතන්නේ එය ස්වාමි පුරුෂයා සහ බිරිඳ අතර ගැටුමක් වැනි දෙයක් යැයි සිතන බවයි.

:       0       120

[email protected] Wednesday, 03 April 2019 03:22 AM

රටක නායකයෙග්ගෙන් මේවගේ කතාවක් ඇහුවමයි. කට්ටියම ගෙන්නලා කියන්නේ තියෙන්නේ හෙට උදේ වෙනකොට මේ ප්‍රශ්නේ විසදන්න කියලා මිසක් හැංගෙන්න නෙමෙයි.

:       0       85

saman Wednesday, 03 April 2019 03:51 AM

තමුන්නාන්සේ කට වහගෙන පෙත්තකට වෙලා හිටියොත් ඇති සත පහක වෙඩක් නැති ජනාධිපතිතුමෙක්

:       0       167

deshaprema Wednesday, 03 April 2019 03:56 AM

මෙතෙක් කල් හැමදාම රාජ්‍ය නිලධාරීන් විසින් අනික් රාජ්‍ය නිලධාරීන්, ඇමතිවරුන්, දේශපාලුවන්ගේ හෙන්චයියන් වගේ හැම බල්ලයි නරියයි ආරක්ෂා කොර කොර හිටපු නිසා තමයි අපේ රට අද මේ තත්වෙට පත්වෙලා තියෙන්නේ.

:       0       102

Mahee Wednesday, 03 April 2019 04:21 AM

ඕන් මට නොකිය රණ්ඩු වුනොත් එහෙම මම තලහම තලහයි.

:       0       37

de silva berlin Wednesday, 03 April 2019 05:41 AM

කැබිනට් මණ්ඩලේ ප්‍රශ්න ඇති වෙනකොට නිදා වැටි වැටි ඉඳීවි , එහෙම නැත්නම් කැබිනට් මණ්ඩලේ රැස්වීම් මග ඇරලා ඉඳීවි , පස්සේ වැඩේ අවුල් වෙලා මුළු රටම අමාරුවේ වැටුනහම කියාවි මම මේ මුකුත් දන්නේ නැහැ , මේවා ඔක්කොම කරලා තිබෙන්නේ මගේ අනුදැනුමක් නොමැතිව කියල .

:       0       41

jayath Wednesday, 03 April 2019 05:48 AM

මේ රටට "ජනාධිපතිවරයෙක් " අවශ්‍යවී තිබේ !

:       0       81

jayath Wednesday, 03 April 2019 05:58 AM

අහෝ ප්‍රේමදාස, ජේ ආර්, සිරිමා වැනි කොන්දක් තිබූ නායකයෙක් හෝ රන්ජන් විජේරත්න වැනි පරිපාලකයකුගේ අඩුව ! මේකත් හරියට අපි ඉස්කෝලේ යන කාලේ සමහර දවසට පන්තිය "අනිත් පැත්ත " පෙරලුවම ගුරුවරයා පන්තියට එන්නේ නැතුව යනවා. මෙතුමාත් ඒ වගේ. අහෝ පාලකයෙකු නැති රටක ජනතාවට ගිය කල. දන්නා අය දන්නවා මේ අර්බුදයට වගකියන්න ඕන - කෙලින්ම වගකිවයුතු කවුද කියලා.

:       0       36

අනාවැකිය Wednesday, 03 April 2019 06:01 AM

2020 සිට ඊලග අවුරුදු 5 ජනපති සිරිසේන, අගමැති රනිල්. 19 සංසෝදන අනුව අගමැති බලය ජනපතිට වඩා වැඩිය. විපක්ෂ නායක මහින්ද. නමුත් මෙවරට වඩා වෙනස් රජයක්. පළමුව ජනපති වර්ණය. සිරිසේන එජාප නිදහස් පොදු පෙරමුණෙන්. ගෝඨාභය පොහොට්ටුවෙන් . සිරිසේනට 50.87% ගෝඨාභය 47.52% ඉතිරිය ජේවීපී, රොහාන් පල්ලෙවත්ත, නාගානන්ද කොඩිතුවක්කු.

:       137       34

Buddika Wednesday, 03 April 2019 06:50 AM

කණගාටුයි ඔබතුමාගේ නායකත්වයේ ලක්ෂණ ගැන.... නායකයෙකුට දර්ශනයක් තිබිය යුතුයි තමන්ගේ කණ්ඩායම මෙහෙයවන්න... ප්‍රශ්න වලට විසඳුම් වගේම ඉවසීමේ සීමාවකුත් තිබිය යුතුයි...

:       0       3

Soma dubayi Wednesday, 03 April 2019 07:00 AM

විශිෂ්ඨ තීන්දුවක් ජනාධිපතිතුමනි.!

:       50       4

Hafeel Wednesday, 03 April 2019 08:29 AM

තාවකාලික දික්කසාදයක්.

:       0       3

රවින් Wednesday, 03 April 2019 08:38 AM

ප්‍රශ්න වලින් පැනලා යන අයවලුන් නායකත්වයට කොහෙත්ම සුදුසු නොවේ. ඉස් ඉස්සෙල්ලාම නායකත්වය යන කරුණ හා එහි ලක්ෂණ අවබෝධ කරගත් කෙනෙක්ව ඉදිරියට පත් කරගැනීම අනාගත පරපුරට කරන මහඟු සේවාවකි. " අනුන්ගේ දේගැන විවේචනය කර කර ඉන්නවට වඩා. තමන් දන්න දේ හරියට කරපන් ............ " අහෝ ප්‍රඩී සිල්වා මහතාණනි !!! ඔබව අමතක නොවේවා.

:       0       3

KANDEPOLA Wednesday, 03 April 2019 08:55 AM

ජනධිපතිවරයා නොකියා කියන්නේ රජයෙන් ජනතාවට සිදු වන අසාධාරනකම් රජයේ නිලධාරීන් විසින් වසන් කල යුතුයි කියලා නේද ? රජයේ නිලධාරීන් ජනතාව වෙනුවෙන් පෙනී නොසිට ආණ්ඩුවේ කුණු හේදිය යුතුයි කියලා නේද ?

:       0       15

Akanaj Wednesday, 03 April 2019 09:24 AM

මේ මනුස්සයා නම් මෙලෝ රහකට නැහැ. රටේ කරුමෙට තෝරගත්තු කෙනෙක්...

:       0       28

ටි.ඉන්දික Wednesday, 03 April 2019 09:59 AM

ඉතිං මැදිහත් වෙලා විසඳලා දුන්නානම් හරිනේ, මෙතුමට දැන් මෙතුමා ජනපති කියලා අමතක වෙලා, තාම විධායක ජනපති වෙලත් කියන කතා.

:       0       0

Sriyal Wednesday, 03 April 2019 11:09 AM

තරහ වෙවී යාළු වෙවී දුව පැන වතු මිදුලේ අපිත් ඕවා කලා පුංචි සන්දියේ.

:       0       0

de silva Wednesday, 03 April 2019 11:42 AM

අඩුම තරමේ ගමේ රැස්වීමකදී ප්‍රශ්නයක්, කලකෝලාහලයක් ඇති වුණාම අපේ ග්‍රාමසේවක මහත්මයවත් මේ විදිහට ප්‍රශ්නවලින් පැනල යන්නේ නැහැ..

:       0       17

Sapumal. Wednesday, 03 April 2019 12:05 PM

නායකයෙකු ලෙස ඔබතුමා ප්‍රශ්නයෙන් පිට පැනීම නොකළයුතු දෙයක්... අනික අධිකරණයට යාම වරදක් නොවෙයි. අසාධාරණයට විරුද්ධව අධිකරණයට යාම ගැන රටේ නායකයා විවේචනය කිරීම හොඳ දෙයක් නම් නොවෙයි. නොරොච්චෝලේ කැඩුණා කියාත් ආරංචි පැතිරුණා. ඒ ගැනත් මොනවා හරි කියන්නකෝ. නොදන්නවා වගේ ඉන්නේ...

:       0       24

Chanak Los angeles Thursday, 04 April 2019 01:58 AM

මේ ඔක්කොම දේවල් කරන්නේ රාජපක්ෂලාව සනසන්නයි . ඊට පසුව හිතනවා ඇති අයිමත් ජනපති අපේක්ෂක වෙන්න සාටකයන් කැමැත්ත දේවි කියා .. එක පාරක් සාටකව සනසන්න ගිහින් දෙදෙනාම හොට ඇනගත්තා ..

:       0       0

Yashodhadulanjalee Friday, 05 April 2019 08:09 AM

ඔබ රැස්වීමට එන්නේ නෑ කියලා විදුලිය ඉතුරු වෙන්නේ නෑ... ඒ නිසා මේ ප්‍රශ්න විසඳන්න.. කොන්දක් තියෙනවා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1274 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 579 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 492 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 292 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 514 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 481 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1502 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site