(ඩයනා උදයංගනී)
දේශපාලන කටයුතු සහා නොමිලයේ ලංගම බස්රථ ලබානොදෙන ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට තමන් උපදෙස් දී ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ඕනෑම අයෙකුට මුදල් ගෙවා එම බස්රථ ලබාගත හැකි බව ද ඇමැතිවරයා කීය.
එමෙන්ම කිසිම පොදු දේපලක් දේශපාලන කටයුතුවලට යොදා නොගන්නැයි තමන් සියලූ දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා සඳහන් කළේය.
පසුගිය වසර තුනක කාලයක් තිස්සේ මූල්‍ය වශයෙන් වර්ධනයක් ලැබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තුළට නැවත දේශපාලනය සම්බන්ධ කරගෙන යළිත් එය අගාධය කරා ගෙන නොයන ලෙස තමන් එම මණ්ඩල සේවකයින්ගෙන් ඉල්ලා සිටින බව ද ඇමැතිවරයා කීවේය.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලංගම බස් දේශපාලන වැඩට නොදෙන්න’යි ප්‍රවාහන ඇමැතිගෙන් උපදෙස්
rohan Sunday, 11 November 2018 10:14 AM
ඔයාලගේ කට්ටියම තම පිනට බස්රථ අරගෙන දේශපාලනේ කෙරුවේ 2015, තවම ඒවාට ගෙවන්න තියනවානේද ඇමතිතුමෝ?
shan saudi Sunday, 11 November 2018 10:37 AM
අනේ සිරිපාල ඔබලාගේ කියුම් අපට දැන් අහලා එපා වෙලා ඉන්නේ... 2015 මැතිවරණයටත් කලේ ඕකමනේ.. රෙදි ඇඳගෙනද කතා කරන්නේ?
පෙරුමාල් Sunday, 11 November 2018 11:02 AM
පොහොට්ටුවෙන් ඉල්ලුවොත් ණයට වුනත් දෙන්න..
V.warnakulasuriya Sunday, 11 November 2018 11:03 AM
මීට පෙර හිටපු දේශපාලකයන් දේශපාලන කටයුතුවලට නොමිලයේ යොදාගෙන තිබෙනවා නම් එයත් අපි දැන ගැනීමට කැමැත්තෙමු. කව්ද? කොපමණ මුදලක්ද? නැවත ඒවා අයකර ගත්තාද? යන්න...
maal Sunday, 11 November 2018 11:35 AM
එදා සිරිසේන සහ මහින්ද පාර්ලිමේන්තුවට කළ මොකක්ද ජන මහිමයකට ගෙන්වපු සියලුම ලංගම බස් රථ නොමිලේ දීපු නිසා ලංගමයට කෝටි ගාණක් පාඩුයි. ඒවා කාගේ එකවුන්ට් එකටද දාන්නේ...?
Janathawa Sunday, 11 November 2018 02:31 PM
කාගේ කාලේද දන්නේ නැහැ ලංගමට ලක්ෂ ගණන් පොලු තියලා බලෙන් සෙනඟ ඇද්දුවේ?
සුනිමල් Sunday, 11 November 2018 03:09 PM
නමුත් ලංගම කියන්නේ මම දැකපු දූෂිතම ආයතනයක්. පක්ෂ මාරුවුණු ගමන්ම ඉහළ නිලධාරින් මාරුවෙනවා. කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති මිනිස්සු සේවක සංගම් බලතල මත ඉහළ තනතුරුවලට පත්වෙනවා. සරලම උදාහරණයක් ලෙස මම පුද්ගලිකවම දන්නවා කම්කරු ආපු මිනිස්සු ඉන්නවා කළමනාකරණ තනතුරු වල... කිසිම හැකියාවක් හෝ සුදුසුකමක් නැතිව තනිකරම දේශපාලන බලයෙන්. ඉතින් මේ ආයතන දියුණුවෙයිද? රට දියුණු වෙයිද? මේ විදිහට පත්වෙන මිනිස්සු බලන්නේ තමන් ඉන්න කාලය තුල පුළුවන් තරම් හම්බ කර ගන්න. ඉතින් ආයතනය දුෂණ වංචා අතින් අන්තිම ඉහළයි. මේ විදිහට පුටු මාරු වෙනකොට අතිරික්ත සේවකයන් වැටුප් ලබමින් නිකන් ඉන්නවා. සෑමවිටම එක අයෙක් සේවයේද අනෙකා නිකන්ද වශයෙන් එකම තනතුර සඳහා සේවකයන් දෙදෙනෙකුට ආයතනය වැටුප් ලබා දියයුතු වෙනවා. මේක අලාභ ලබන ආයතනයකට දැරිය නොහැකියි. මෙවරත් අගමැති ඇතුළු ආණ්ඩුව මාරුවීමත් සමග මේ දේම සිදුවුණා. පුද්ගලිකවම මම දන්නා කරුණක් තමයි මෙහෙම අලුතින් ආපු සමහර අයට හිටපු අයට තරම් කිසිම සුදුසු කමක් නැහැ. ඉහළම ලාභ ලැබිය හැකි ආයතනයක් ඉතාම කණගාටුදායක ලෙස පාඩු ලබන තත්වයට පත් වීමෙන් ජනතා මුදල් ලක්ෂ ගණනින් නාස්ති කරන ආයතනයක් ලංගම...