IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ලංකාවේ රෝහල් 132 කට නව ගිලන් රථ

ලංකාව පුරා  පිහිටි රෝහල්  132 කට අවශ්‍ය ගිලන්රථ 132  ක් ලබා දීමට සෞඛ්‍ය හා පෝෂණ වෛද්‍ය අමාත්‍යංශය  පියවර ගෙන තිබේ.
 
සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 18 වැනිදා  නිල වශයෙන් මෙම  ගිලන් රථ බෙදා දීමේ උත්සවය පස්වරු 2 ට කොළඹ මහනගර සභා භූමියේදී පැවැත්වීමට නියමිතය.
 
එංගලන්තයේ “ෆොර්ඩ්” සමාගම නිෂ්පාදනය කරන ලද මෙම ගිලන් රථ 132 සදහා වැය කරන මුදල රුපියල් මිලියන 2500 කි.
 
මෙවැනි ගිලන් රථ 250 ක් රෝහල් වලට බෙදා දීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන ඇති අතර,  තව ද ජර්මනියේ බෙන්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද ගිලන් රථ 100 ක් ද, දිවයින පුරා රෝහල්වලට බෙදාදීමට පියවර ගෙන තිබේ.
 
දැනට බෙන්ස් වර්ගයේ ගිලන් රථ 40 ක් රෝහල්වලට බෙදා දී  තිබෙන අතර මෙවර බෙදාදීමට නියමිත ෆොර්ඩි වර්ගයේ ගිලන් රථ පළාත් සභා රෝහල් 103 කට ද, මධ්‍යම රජයේ රෝහල් 27 කට ද ආයුර්වේද දෙපාර්තමේන්තු රෝහල් 02 කට ද ලබා  දීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

(36698)

 


 



අදහස් (5)

ලංකාවේ රෝහල් 132 කට නව ගිලන් රථ

ase Wednesday, 16 January 2019 06:02 AM

මේවා එංගලන්තයේ සහ ජර්මනියේ නිෂ්පාදිත නිසා කරන්ට් වදින්නේ නැතුව ඇතිනේ?

:       22       4

wedage Wednesday, 16 January 2019 06:22 AM

ඉන්දියාවෙන් නිකන් ලැබුණා කියපු ඒවාට මොකද වෙන්නේ ඒවා කබල්ද?

:       56       4

Not a slave Wednesday, 16 January 2019 07:44 AM

මේ වාහනවලට අමතර කොටස් හරිම ගණන්. ජපන් වාහන වගේ නෙමේ. තව මාස 2,3 ක් යනකොට ඔය වාහන ටික කොට උඩ තියෙන හැටි බලාගන්න පුළුවන්.

:       81       30

kapWednesday, 16 January 2019 12:58 PM

ඔබ වැනි අයව සනසන්න කෙලෙසකවත් නොහැක. හැම දෙයකම අඩුවක් හොයන ඔබ වැනි අය ඉතා පහත් පුද්ගලයන්. දැන් ත්‍රීවිල් වල පටවාගෙන, නැති ලෙඩ ඇතිකරගෙන ඉස්පිරිතාලවලට ලෙඩ්ඩු ගේන එක අඩුවෙයි නේද? ඕනෑම අලුත් වාහනයක් අවුරුදු 5-6 උපරිමයෙන්ම ලෙඩ නැතුව පාවිච්චි කරන්න පුලුවන්. ඒ වාහනේ එලවන අයගේ සැලකීම අනුව. කරුණාකර ඔබ මෙවැනි රාජ්‍ය පහසුකම් පාවිච්චියෙන් වළකින්න. ඔබ වැනි අයට ගොන් කරත්ත දී, ගොනා වෙනුවට ඔබව බැඳීම නම් සුදුසුයි.

:       1       2

prabha Wednesday, 16 January 2019 01:29 PM

කැප් ඔබ හරි... මම සීට් 9 ෆෝර්ඩ් ට්‍රාන්සිට් කස්ටම් වාහනයක් ඇති කෙනෙක්. නඩත්තුව හරියට කෙරුවොත් කිමී 500000 ලෙඩක් නැතුව දුවන්න පුළුවන්... අපේ මිනිස්සු සැම දේම බලන්නේ පාට කණ්ණාඩිවලින්...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 30 0

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


අධිකරණ ඇමතිටත් වාරණයක්
2024 අප්‍රේල් මස 24 647 2

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 550 2

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 1130 4

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 258 3

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 434 1

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 293 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1661 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1523 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site