ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්මාර්ට් ධීවර වරාය ලෙස කලමැටිය ධීවර වරාය සංවර්ධනය කිරීමට ධීවර අමාත්‍යංශය මගින් පියවර ගෙන තිබේ.
නිල් ආර්ථිකය වැඩපිලිවෙළ යටතේ මෙම කොරියානු ආධාර මත මෙම වරාය සංකල්පය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙහි කටයුතු වෙනුවෙන් ධීවර කටයුතු රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා කොරියානු නියෝජිත කණ්ඩායමක් සමඟ කලමැටිය ධිවර වරායේ නිරීක්‍ෂණ චාරිකාවකටද එක්විය .
එහිදී ධිවර වරායේ ජල අවශ්‍යතා සඳහා අවශ්‍ය සම්පුර්ණ ජලය මුහුදු පතුලෙන් ලබාගැනීම පිළිබඳව මෙහිදී විශේෂ අධ්‍යනයක නිරත වූ අතර මෙම අවස්ථාවට එක්ව සිටි කොරියානු නියෝජිත කණ්ඩායම සඳහන් කළේ පරිසරය රැකගනිමින් මුහුදු පතුලේ සිට අඩි 150 වඩා යට සිට පිරිසිදු පානිය ජලය ලබාගැනීම මගින් ධිවර වරායේ කටයුතු සදහා පමණක් නොව අවට ගම්මාන සදහාද පානිය ජලය ලබාදීමේ හැකියාව පවතින බවයි. එතුළින් කලමැටිය ප්‍රදේශයේ පවතින උග්‍ර පානිය ජල ගැටළුවට මෙය තිරසර විසදුමක් ලබා දීමටද හැකියාව පවති.
සුර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබදව සොයාබැලූ අතර එමගින් නිපදන විදුලියෙන් කලමැටිය ධිවර වරායේ සියළු විදුලිය අවශ්‍යතා සපුරා අතිරික්ත විදුලිය ජාතික පද්ධතියට ලබාදීමේ හැකියාව පවතින බවත් එමගින් ජාතික විදුලිය අවශ්‍යතාව වෙනුවෙන් දායක වීමට ද මෙම සංකල්පය යටතේ හැකියාව ලැබෙන බවත් අමාත්‍යංශය පවසයි.
එසේම ධිවර වරාය ආවරණය වන පරිදි ආරක්‍ෂක කැමරා පද්ධතියක් සවිකර එමගින් ධිවර වරාය උපයෝගී කරගනිමින් සිදුකරන විවිධ ජාවාරම් මැඩ පැවැත්වීමට සේම ධිවර වරායේ සියළු කටයුතු , ධිවර බෝට්ටුවල ක්‍රියාකාරීත්වය , බෝට්ටුවේ ගමන් ගන්නා අය , බෝට්ටුවට පටවන දෑ ඇතුළු සියළු කටයුතු අධීක්‍ෂණය කිරීමේ හැකියාව පවති.
ධිවර වරායක කටයුතු වෙනුවෙන් විශාල විදුලියක් සේම විශාල ජල ප්‍රමාණායක් දිනපතා අවශ්‍ය බවත් නව වැඩපිළිවෙල යටතේ එම ජලය සහ විදුලිය වෙනුවෙන් වැයකිරීමට සිදුවන විශාල මුදලක් ඉතිරි කරගැනීමේ හැකියාව ලැබේ.
එසේම ධිවර යාත්‍රා යොදාගනිමින් සිදුවන විවිධ නීති විරෝධී කටයුතු පාලනය කිරීමට මෙම නව වැඩපිළිවෙල මගින් හැකියාව ලැබෙන අතර මෙම වැඩපිළිවෙලේ නියමු ව්‍යාපෘතිය කලමැටිය ධිවර වරායේ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව එහි සාර්ථකත්වය අනුව ලංකාවේ සෙසු ධිවර වරායන් 22 සදහා ද මෙම ස්මාර්ටි ධිවර වරාය සංකල්පය ක්‍රියාත්ම කිරීමට නියමිතය.
(36698)
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලංකාවේ ප්‍රථම‘ ස්මාර්ට් ධීවර වරායේ‘ වැඩ අරඹයි
Bamunuarachchi Monday, 18 February 2019 07:11 AM
අර සරමක් ඇඳගෙන ඉන්නේ කවුද? මේකත් අර වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව වගේ එකක්ද?
Bamunuarachchi Monday, 18 February 2019 07:15 AM
කසිප්පු පොළට යන ඇඳුමෙන්ම මෙතනටත් ඇවිත්... සිංහලයා අමුඩෙත් අඳිනවා. නමුත් ඒ කුඹුරේ වැඩට පමණයි. වෙනත් එකතුවීමකදී අමුඩයෙන් එන්නේ නැත.
vernon Monday, 18 February 2019 08:17 AM
කසිප්පු පොළට ගිහින් ගල් බමුණ ගහපු උන්දෑ... කෙනෙක් හිතන් ඉන්නේ සරම අඳින්නේ එහේ යන්න කියලා. සමහර විට ඔය බමුණාට සරම අමතක වෙලාද දන්නෙත් නෑ...
BamunuarachchiMonday, 18 February 2019 08:59 AM
තැනට සුදුසු ඇඳුම, ඇඳුමේ පාට, ඇඳුම අඳින ආකාරය, තෝරා ගන්න බැරි එකා තාමත් ගල් යුගයට අයිති එකෙකි. ඒ ගැන නොදැන කතා කරන්නේද ගල් වැද්දෙකි.
BamunuarachchiMonday, 18 February 2019 04:10 PM
මට ආව පළමු හැඟීම තමයි කවද මේ රස්තියාදු කාරයා කියන එක...
BamunuarachchiMonday, 18 February 2019 09:12 AM
මම මොහු කව්ද කියාවත් දන්නේ නැත... කෙසේවෙතත් මොහුගේ පළවෙනි "ඉම්ප්රේෂන්" එකම මහ බාල එකකි. සරම හෙවත් අන්‍ය ජාතින් ලුන්ගිය කියා හඳුන්වන ඔය ඇඳුමත් දකුණු ඉන්දියානුවන් හෝ ආසියානුවන්ගෙන් ලැබුන එකක් බව හිතාගන්න. අනුන්ගේ ඇඳුමක් තමන්ගේ එකක් හැටියට හිතාගෙන පම්පෝරි ගහන්න එපා හලෝ..
vernonMonday, 18 February 2019 10:07 AM
එසේ නම් අනිවාර්යයෙන්ම බමුණා ඇඳ සිටින්නේ උපන් ඇඳුම වියයුතුයි.
ranilMonday, 18 February 2019 11:23 AM
bamuna හැමදේම වැරදියට දකින කුහකයෙකි. මිනිස්සු මනින්නේ ඇඳුමෙන් නම්, මට හිතා ගත හැකියි ඔබගේ මොලේ තරම... කුජීත පුද්ගලයෙක්.. අපාය වේටින්...
BamunuarachchiMonday, 18 February 2019 03:59 PM
රනිල් මිනිස්සු මනින්නේ ඇඳුමෙන් නොවෙයි නම්..., අැයි ඔබ සම්මුඛ පරීක්ෂණයකට යන කාගෙන් ඉල්ලගෙන හරි ටයි එකක් දාලා කලිසමක්, ෂර්ට් එකක් අන්දලා යන්නේ සරමක් අන්දලා ලේන්සුව කරේ දාගෙන නොයා... මම හිතනවා පිළිතුරු දේවී කියලා. අනික කුහකයා කියන වචනේ තේරුම දන්නවාද? ඉතුරු හරිය පසුව ලියන්නම්
maraya Monday, 18 February 2019 09:01 AM
සරමක් ඇන්දත්, කලිසමක් ඇන්දත් වැඩේ වෙනවා නම් එච්චරයි. කොර්ට් අඳින, ටයි දාන ලොකු හොරු ඉන්න රටේ... දිලිප් කියන්නේ ධීවර ජනයා එක්කම ඉන්න කෙනෙක්... වැඩේ දන්නා කෙනෙක්...
BamunuarachchiMonday, 18 February 2019 04:05 PM
අන්න හරි "දිලිප් කියන්නේ ධීවරයින් සමග සිටින කෙනෙක්" එ්ක දැනගැනීම හොඳටම ප්‍රමාණවත්. ඒ කතාවේ බොහෝදේ ගැබ්වෙලා තිබෙනවා.
samira Monday, 18 February 2019 09:29 AM
අනේ අපේ රටේ ජනතාව... වරාය හදන එක පැත්තක එතන ඉන්න මිනිහගේ සරමේ එල්ලිලා..
Amila Monday, 18 February 2019 11:46 AM
ඉතා හොඳ දෙයක්... මේවා තමයි වෙන්න ඕනෑ. සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන ක්‍රම පුළුවන් හැම තැනම ඇති කරනවා නම් රජයේ වියදම් වුනත් ක්‍රමයෙන් අඩු කරගන්න පුළුවන්...
sandy123 Monday, 18 February 2019 01:28 PM
මාළුවා නහින්නෙත් කට හින්දලු...
Bamunuarachchi Tuesday, 19 February 2019 03:20 AM
ඔන්න ඔය සමාජ හේතුව නිසා තමයි දරුවන්ගේ විවාහ කටයුත්තකදී අදාළ පවුල ධීවරයින් සමග සිටින කෙනෙක්ද? ගොවිජනතාව සමග සිටින කෙනෙක්ද? විශ්මකර්මයින් සමග සිටින්නෙක්ද කියා සොයා බලන්නේ. තේරුනාද?