IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ලංකාවේ ඇමෙරිකානු තානාපතිනියගෙන් ගෝඨාට සුබපැතුම්

(හර්ෂණ තුෂාර සිල්වා)

ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනාධිපතිවරයකු තෝරා පත් කරගත් ශ්‍රී ලාංකික ජනතාවට සුබ පැතුම් එක් කරන බවත් තේරී පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක්කරමින් ඇමෙරිකානු තානාපතිවරයා ඒ බව සඳහන් කර ඇත.

ඇමෙරිකානු තානාපතිවරිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එලෙස සුබ පැතුම් එක් කර තිබෙන අතර එහි මෙසේ ද දැක්වේ.

“ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රජාත්ත්‍රවාදී තෝරාගැනීම වෙනුවෙන් ඔවුන්ට සුබ පැතුම් එක් කරනවා. ශක්තිමත් හා ස්වෛරී ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සහාය දීම සඳහා යහපාලනය, ආර්ථික වර්ධනය, මානව හිමිකම් සහ සංහිඳියාව දියුණු කිරීම යන කරුණු හා අංශ සම්බන්ධයෙන් තේරී පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ වැඩ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” යැයි ද එහි දැක්විණි.



අදහස් (18)

ලංකාවේ ඇමෙරිකානු තානාපතිනියගෙන් ගෝඨාට සුබපැතුම්

ප්‍රීති Sunday, 17 November 2019 06:09 PM

එතුමාගේ ජයග්‍රහණය ගැන ඔබලා මෙන්ම අපිත් සතුටින් ඉන්නේ. කරුණාකර අපට පහසුවෙන් වීසා වලින් තොරව ඇමරිකාවට යන්න පහසුකම සලසා දෙන්න. එවිට, අපට ඇමරිකාවෙන් පිනට මුදල් අවශ්‍ය නැහැ. ඇමරිකාවටත් සේවයක් කොට ඉතිරි වෙන එකක් ලංකාවට එවලා අපේ රට ගොඩ ගන්නම්. පුළුවන් නම් මුස්ලිම් විරෝධී අපිව අරාබියට නොයවා ඇමරිකාවට ගෙන්වා ගන්න.

:       266       518

කැම්පස් සිසුවෙක් Sunday, 17 November 2019 10:57 PM

යාළුවා රට ගොඩගන්න නම් අපි ඉල්ලන්න ඕනේ අපේ ජනාධිපතිදුන්ගෙන් බුද්ධි ගලනය නවත්තන්න. තහනම් කරන්න කියලා

:       58       208

senaMonday, 18 November 2019 05:09 AM

බුද්ධි ගලනය නවත්තන්න තහනම් කරලා බැහැ. අපේ රටේ බුද්ධිමතුන්ගෙන් වැඩිම හරියක් නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලබපු සමාජයේ පහළ ස්තරවල කොටස් එහෙම කෙනෙකුට මුළු ජීවිත කාලයම ලංකාවේ වැඩකළත් අඩුම තරමින් ඉන්න ගෙයක් වත් හදා ගන්න බැහැ.. ඉතින් ඒ අයගෙන් ධෛර්යවන්ත කොටසක් අන්තිම අමාරුවෙන් අපේ අල්ලපු රටේ මිනිස්සු රට යනවාටත් වඩා අඩු පඩියට රට ගිහින් දවසට පැය දහයක් දොළහක් වැඩ කරලා ලංකාවේ ගෙයක් දොරක් හදාගන්නවා. අනික ලංකාවේ විදේස රටවල ශ්‍රමිකයෝ වැඩකරන්නේ අපේ ශ්‍රමිකයන්ගේ අඩුවක් නිසා නෙවෙයි අපේ තියෙන දීන චින්තනය සහ ලොක්කන්ට කොමිස් කන්න තියෙන වුවමනාවට අපි ණය ගන්නවා. ඒ ණය සල්ලි ආපහු ඒ රටවලට ගන්න ණය දෙන කට්ටිය කියනවා අපේ සේවකයෝ එහෙ වැඩ කරන්න ඕනේ කියලා. සිද්ද විය යුත්තේ අපේ වහල් චින්තනය නැති කර ගන්න එකයි. ඔය ළමයා කැම්පස් එකෙන් එළියට ඇවිල්ලා රස්සාවක් හොයාගන්න බලන්නකෝ ඇත්ත තේරෙයි...

:       0       23

NishanSunday, 17 November 2019 11:19 PM

මේක දැක්කොත් තානාපතිනියට සිනහා පහල වෙයි. අපිට ලේසියෙන්ම වහල් සේවයට ගන්න පුළුවන් ජාතියක් ලංකාවේ ඉන්නවානේ දැයි සිතෙයි. මේකද අපේ අභිමානය? මේ අපේ රට ඔබේ වහල් දේශයක් කරගන්න කියන ආරාධනය නොවේද?

:       136       164

IndhikaMonday, 18 November 2019 01:50 AM

ඇමරිකාව වෙන රටවල් වලට වීසා දෙන එක අඩු කරලා හොදටම. ඇමරිකානු ජාතිකයින්ට දෙන්න රස්සා නැති නිසා.

:       0       24

lalithmMonday, 18 November 2019 02:51 AM

වංශ මලයා කොච්චර දිව්රුවත් , මොනවා කිව්වත් ඇමෙරිකාව ලංකාවේ ලොකුම වෙළඳ ගණුදෙනුකරු. ඒකනේ ඉතින් ජනපතිත් එහෙන් එව්වේ?

:       1       122

kuma Monday, 18 November 2019 12:32 AM

වැඩ කරන්න නෙමෙයි. MCC අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා කියන්න.. අත්සන් නොකරොත් තවම ඉවත් නොකරපු පුරවැසි භාවය ගැටළුවක් වෙනවා නේද ???

:       53       430

ranjith Monday, 18 November 2019 12:58 AM

ඇමරිකා තානාපතිනි පවසා තිබුනා ඡන්දෙන් පසුව MCC ගිවිසුම අත්සන් කරනා බව. නව ජනාධිපත් ඊට එකඟ නැතිනම් ඔබලා කුමක් කරන්නේද? එසේ වුවහොත් තවමත් ඉවත්කර නොමැති ගෝඨාභයගේ පුරවැසිබව ඔහුට ගැටළුවක් වන්නේද?

:       9       234

රවින් Monday, 18 November 2019 01:23 AM

සුබ පැතුම්වලට ස්තුතියි. ඔය කියන යහපාලනය, ආර්ථික ප්‍රගතිය, මානව අයිතිවාසිකම් හා සමාදානය යන කරුණු ඔබ රටේ කළු හම සහිත මිනිසුන්ට බලපාන්නේ කෙසේද?

:       75       184

Mahee Monday, 18 November 2019 02:04 AM

අපේ කට්ටිය හිතන්න ඇති, අර රනිල් අත්සන් කලේ නෑ නෑ නෑමයි කියපු ගිවිසුම අනුව ඇමෙරික පුරවැසියන්ට ආදුධ සහිතව ලංකාවේ ඕනෑම තැනක යන්න තියෙන අයිතිය, රේගු පරීක්ෂාවකින් තොරව ඕනෑම දෙයක් රට තුල ගෙන්වීමේ අයිතිය වගේ දේවල් දැන් ඉතින් අහෝසියි කියලා. ඒ වුනාට ශක්තිමත් ශ්‍රී ලංකාවක් සඳහා සහායදෙන්න නම් ඒ ගිවිසුම් අත්සන නොකර බැරිවෙයි. MCC ත් එහෙම තමයි. ගිවිසුම් අත්සන් නොකර අමරිකාවට තරහ යන වැඩ කරනවද අපි?

:       23       46

Kumar Monday, 18 November 2019 02:46 AM

මේ රටේ කළු සුදු වෙනස පවතින්නේ නුගත් අය ඉන්න පැතිවල පමණයි. මහන්සිවී ඉගෙන ගන්න අයට පාට කෙසේ වෙතත් දියුණුවෙන්න පුළුවනි. මේ රටේ කළු නඩුකාරයෝ පමණක් නොවේ කළු ජනාධිපති කෙනකුත් සිටියනේ. මට පේන්නේ සමහර කළු අයට දියුණු වෙන්න කිසිම උවමනාවක් නැති වගයි. ලංකාවේ වගේ රැකියා ගන්න දේශපාලුවන්ගේ ලියුම් ගෙනෙන්න ඕනෙ නැහැ. දක්ෂකමට තමා තැන තිබෙන්නේ.

:       30       149

Lakmal Monday, 18 November 2019 02:59 AM

ජනතාව පැහැදිලි තීන්දුව දීලා ඉවරයි. දැන්වත් ඔය පුරවැසි අදෝනාව නවත්තන්න.

:       268       140

sharm warn Monday, 18 November 2019 03:03 AM

" කපන්න බැරි අත ඉඹිනවා ලු " ..." මුවාට කලින් කැන පනිනවාලු "... " ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ .." ඇයි මට මේවා ම මතක් වෙන්නේ ??

:       8       15

nisha Monday, 18 November 2019 03:38 AM

ඔයා මෙතන කොට කොට ඉන්නේ.... ගිහින් රනිල්ට, සජිත්ට කියන්න ගෝඨාට නඩු දාලා ජනාධිපති ධුරයෙන් ඉවත් කරන්න කියලා...

:       15       2

sharm warnMonday, 18 November 2019 08:19 AM

නිශා ඔයා කිව්වේ මගේ සඳහනට නම් , අනේ වරදවලා හිතන්න එපා මම අදහස් කලේ තානාපතිනියගේ ක්‍රියා කලාපය ගැන ... ඇමරිකාවේ කප්පරක් ප්‍රශ්න සහ විරැකියාව අහස උසට තියෙද්දී ඒ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් තුන්වෙනි ලෝකයේ රටවල් බිලි බාගන්න ගහන ගැට ගැනයි මම කිව්වේ... මොකද මෙහි ඉහලින් තියෙන ලිපිය ඈ ගැන නේ ..

:       0       0

sudelmi Monday, 18 November 2019 05:34 AM

නිශා, ඔය කියන්නේ කොහේ තියෙන උසාවියේද? ලංකාවේ තියෙන්නේ උසාවි නෙමේ කඩ.

:       0       0

Perera Monday, 18 November 2019 05:38 AM

MCC ලංකාවට අවශ්‍ය දෙයක් නෙවේ. එකට අපි විරුද්දයි. අපිට අවශ්‍ය නැහැ අපේ රට විකුණලා සල්ලි ගන්න. අපි මහන්සි වෙලා මේ රට ගොඩ නගමු. මේගොල්ලෝ අපිට ආදරේට නෙමේ එන්නේ. මේ උවදුරෙන් අපි ගැලවිය යුතුයි.

:       0       30

Deepal Nirosh Monday, 18 November 2019 09:29 AM

සුභ පැතුමට බොහොම ස්තුතියි, හැබැයි පොරොන්දු වෙන්න ආයි යුධ අපරාධ චෝදනා ගෙන ඒන්නෙ නෑ කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 655 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 124 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 884 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 915 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1266 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1145 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site