IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


රෝහල් අඩුපාඩු සකසන්න උදව් කරන්නැයි දානපතියන්ගෙන් ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ )

රෝහල්වල අඩුපාඩු සහ පහසුකම් සපුරා ගැනීමට උදව් වන්නයි තමා මෙරට දානපතියන් ගෙන් ඉල්ලීමක් කරන බව කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ  වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය .

කොවිඩ්  මරණවල වැඩි වීමක් ඉදිරියේ  සිදුවුණු ඇතැයි පුරෝකථනය කර ඇති බවත් ඊට මුහුණ දීම සඳහා රෝහල් පහසුකම් වැඩි කිරීමට රජයට සිදුවනු ඇති බවත් ඇය සඳහන් කළාය.

රෝහල්වල දැඩිසත්කාර ඒකක පහසුකම් වැඩිදියුණු කරද්දී ඒවාට අවශ්‍ය උපකරණ ලබා ගත යුතුව තිබෙන බව කී රාජ්‍ය ඇමතිවරිය මෙයට අමතරව ඔක්සිජන් ,ස්වසන පහසු උපකරණ ඇතුළුදේවල්ද  වැඩි වැඩියෙන් මිලදී ගැනීමට සිදුවන බවත් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිකීවාය .

තම තමන් ජීවත් වන ප්‍රදේශවල රෝහල් සමග සම්බන්ධ වී පුංචි හෝ ආධාරයක් කරඒවායේ පහසුකම් දියුණු කර ගැනීමට උදව් වන්නැයි ද ඇය මෙරට දානපතියන් ගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කරන්නීය. 

 



අදහස් (14)

රෝහල් අඩුපාඩු සකසන්න උදව් කරන්නැයි දානපතියන්ගෙන් ඉල්ලයි

janahitha UAE Sunday, 16 May 2021 10:44 AM

සීනි නැවෙන්වත් කීයක්හරි හම්බවුණේ නැතිද? සුදර්ශනී අක්කේ අපිට හරිම අමාරුයි.. මේ දවස්වල සහන මලුත් නැහැ, පොල් බෑයත් නැහැ, තෙලුත් නැහැ. අනේ මන්දා. නමුත් අපි කීයක් හරි අක්කාට එවනවාමයි.

:       1       6

Saman Sunday, 16 May 2021 10:55 AM

අපේ රටේ මහ පුරවැසියාගේ පරම්පරාවම ට්‍රිලියන කාරයෝ. තවත් කමිෂන් ගහනවා මිසක් රටට උදව්වක් කරන්නේ නැහැනේ.. අන්තිමට කොරෝනා රෝහල්වලට ගේන ඇඳන්වලිනුත් ගහලා වගේ..

:       1       9

සිරිබිරිස් Sunday, 16 May 2021 11:23 AM

ලැජ්ජාව කියල දෙයක් නැත්ද ? කොරෝනා අරමුදල කියලා එකක් මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලලා හැදුවා නේද? ඒ සල්ලි වලට මොකද වුනේ..?

:       1       12

jayarathna Sunday, 16 May 2021 12:24 PM

හොඳ යෝජනාවක්...

:       8       2

NishanSunday, 16 May 2021 11:35 PM

ඔව් ගිහින් රුපියල් ලක්ෂ 10 ක් විතර දන් දෙන්න. ආණ්ඩුව ගොඩාක් සතුටු වෙයි.

:       0       0

kapila Sunday, 16 May 2021 12:28 PM

බොහොම හොඳ වැඩක්... නමුත් මහජනතාව වෙනුවෙන ඔබතුමියලාගේ, තුමන්ලාගේ 225 මුලින්ම තමන්ගේ ප්‍රෙද්ශය වෙනුවෙන් යමක් කරන්න කියන්න. ඉන්පසුව රටේ ජනතාවගෙන් උදව් බලාපොරොත්තු වන්න.

:       2       3

Shalika maduranga Sunday, 16 May 2021 12:36 PM

දේශපාලඥයෝ කීදෙනෙක් උදව් කරයිද කියලා.. බලමු ඔවුන්ටනේ සල්ලි තියෙන්නේ...

:       0       7

Dharmasiri Sunday, 16 May 2021 01:40 PM

අයිතිකාරයෝ නැති නිවාස හිමි මහා දානපතියෙක් හිටියා නේද? අන්න එයාගාව.. නම් ඕනෑතරම් සල්ලි ඇති ඕකට. තව මහ බැංකුවේ වැඩකළ හාදයෙකුත් මතක් වෙනවා. අන්න එයාලා ළඟ ඕනෑතරම් සල්ලි ඇති. මේ දුප්පත් එදාවේල හිඟාකන අපට කොයින්ද දෙන්න තරම් සල්ලි.

:       0       8

Prabha Sunday, 16 May 2021 02:23 PM

ආණ්ඩුවේ අනික් කට්ටිය කයිවාරු ගැහුවට ඕක තමයි රටේ නියම තත්වය. මහජන මුදල් කොල්ල කෑමට දායක වුණු සියලු දෙනාටම සාප වේවා...

:       0       9

pakeer Sunday, 16 May 2021 02:44 PM

මැති ඇමැතිවරුන්ගෙන් ඉල්ලගන්න සල්ලි... ඒ ගොල්ලෝ ගාව තමයි සාමාන්‍ය මිනිස්සුන්ගෙන් හූරා ගත්තු සල්ලි තියෙන්නේ.

:       0       7

gamage Sunday, 16 May 2021 03:07 PM

රෝහල් පහසුකම් වැඩිදියුණු කරන්න කියලා ලෝක බැංකුවෙන් ගත්ත මිලියන 125ට මොකද වුණේ..? අර ඇමෙරිකාවට ගිය කෙනාගෙන් යන්න කළීන් සල්ලි ඉල්ලගන්න බැරි වුණාද?

:       2       8

වර්ණකුලසූරිය Sunday, 16 May 2021 03:42 PM

දේශපාලන ධනකුවේරයන්ට මේ සඳහා දායකවීමට අපි ආරාධනය කරමු. 10% කොමිස් ලැබීමේ පාපයෙන් නිදහස් වීමට ඇමතිතුමියගේ යෝජනාව ඉතා මැනවි. පළමුව පාලකයන් ආදර්ශමත් වීම මේ මොහොතේවත් සිදුවිය යුතුව ඇත. රට රැකුණොත් තම ව්‍යාපාර රැකෙන බව ධනපති ව්‍යපාරිකයන් සිතිය යුතුව ඇත. මේ නිසා රට බේරා ගැනීමේ විරුවන් වීමට ඔවුන්ට දායක විය හැකියි. මිල මුදල් වලින් නැතත් වගකීමෙන් හැසිරීම අසරණව සිටින ජනතාවට කළහැකි දානමය පරිත්‍යාගයකි.

:       1       8

ranjith Sunday, 16 May 2021 10:57 PM

මොකද යුතුකම. අරමුදලට මොකද වුනේ?

:       0       0

Nishan Sunday, 16 May 2021 11:41 PM

ඔක්කෝම දානපතියෝ ඉන්නේ ආණ්ඩුව පැත්තේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 62 0

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 347 0

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 133 0

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 231 0

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 1343 1

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 265 3

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 292 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1657 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1522 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site