IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රෝගී කාන්තාවට අතවර කළ වෛද්‍යවරයා වසර දෙකක් හිරේට

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
චීන කටු ප‍්‍රතිකාර ගැනීමට පැමිණි රෝගී කාන්තාවකට බරපතල ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරද පිළිගත් කළුබෝවිල රෝහලට අනුයක්ත චීන කටු චිකිත්සක මධ්‍යස්ථානයේ හිටපු වෛද්‍යවරයකුට වසර 02ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකර විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය එම දඬුවම වසර 25ක කාලයකට අත්හිටුවීමට නියම කළාය.


චීන කටු ප‍්‍රතිකාර ගැනීමට පැමිණ බරපතල ලිංගික අතවරයකට ලක්වු රෝගී කාන්තාවට රුපියල් ලක්‍ෂ 02ක වන්දි මුදලක් ගෙවීමට නියම කළ විනිසුරුවරිය විත්තිකරු රුපියල් 25,000/- දඩයකටද යටත් කළාය.


චෝදනාවට වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ කළුබෝවිල රෝහලට අනුයක්ත චීන කටු චිකිත්සක මධ්‍යස්ථානයේ වෛද්‍යවරයකු  ලෙස සේවය කළ ඞී.පී. විජේරත්න නමැත්තෙකුටය.


2006 මැයි මස 07 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කළුබෝවිලදී කාන්තාවකට බරපතල ලිංගික අතවර කළ බවට විත්තිකාර වෛද්‍යවරයාට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.


මෙම නඩුව විභාග වෙමින් තිබියදී විත්තිකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා අධිකරණය අමතමින් තම සේවාදායකයා මෙම චෝදනාවට වරද පිළිගන්නා බව දැනුම් දුන්නේය.


පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ශ‍්‍රමින්ද වික‍්‍රම මහතා අධිකරණය අමතමින් පීනස් රෝගයට ප‍්‍රතිකාර ගැනීම සඳහා අදාළ කාන්තාව කළුබෝවිල රෝහලට අනුයක්ත චීන කටු චිකිත්සක ආයතනයට පැමිණි අවස්ථාවෙදී මෙම විත්තිකාර වෛද්‍යවරයා ඇයට ප‍්‍රතිකාර කරන මුවාවෙන් ඇයට බරපතල ලෙස ලිංගික අතරවර කොව ඇතැයි කීය.


නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා අධිකරණය අමතමින් සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් දැඩි සේ මනස්තාප වන තම සේවාදායකයා මෙම චෝදනාවට වරද පිළිගන්නා හෙයින් ඔහුට ලිහිල් දඩුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය. ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරිය විත්තිකරුට අදාළ දඬුවම් නියම කළාය.
 



අදහස් (10)

රෝගී කාන්තාවට අතවර කළ වෛද්‍යවරයා වසර දෙකක් හිරේට

rocky Wednesday, 17 October 2018 12:54 PM

මොහු විද්‍යා සේවයෙන් නෙරපිය යුතුයි. නැත්නම් තවත් කාන්තාවන්ට අඩන්තේට්ටම් කරන්න පුළුවනි.

:       1       125

Mn Wednesday, 17 October 2018 02:06 PM

කාන්තා අපයෝජන චෝදනාවක් අවුරුදු 12ක් විභාග කරලා. ඇයි එච්චර කල් ගන්නේ? මට මතකයි මෑතකදී කුඩා දරුවෙක්ට අතවර කිරීමේ චෝදනාවකට වසර 20කට පමණ පසු තීන්දුව දුන්නා. ඒ ළමයා ලොකු වෙලා විවාහ වෙලා අලුත් ජීවිතයක් පටන් අරන් සතුටින් ඉන්න බලද්දී ඉවරයක් නැති නඩු නිසා පරණ මතකයන් නැවත නැවත අවුස්සන එක ඇත්තටම ලොකු පවක්. කෙටි කාලයක් ඇතුලත ඔය නඩු ඉවර කරන එක වින්දිතයන්ට ලොකු මානසික නිදහසක්.

:       0       970

Mn Wednesday, 17 October 2018 02:26 PM

චූදිතයාට දඬුවම අවුරුදු 2යි. වින්දිතයාගේ ජීවිතයම අඳුරේ. මරණ දඬුවම අනිවාර්යයෙන් මේ වගේ අයට දිය යුතුයි.

:       5       124

Karl Wednesday, 17 October 2018 03:41 PM

මෙයා නම් වෛද්‍ය නිලධාරියෙක් නෙමෙයි.

:       0       36

Perera Wednesday, 17 October 2018 06:57 PM

ඔය ජීඕඑම්ඒ එකේ අයගේ වැඩ, කෝ අර හැම එකටම "රෝගීන් වෙනුවෙන්" කියා කියා වර්ජන කරන අය????

:       99       34

vidya Wednesday, 17 October 2018 08:57 PM

චීන කටු ගැසීම ලොකුම බොරු වැඩක්. ශරීරය තුල ඇතිවන අස්ථි ගෙවීම් සහ ඉන්ද්‍රිය වල ඇතිවන ආබාධ වලට ඔය කටු ගැහිලි හරි යන්නේ නැහැ. ප්‍රතිපල ලැබෙන්නේ බටහිර සහ ආයුර්වේද වෙදකම් වලින් පමනයි.

:       0       0

saman Wednesday, 17 October 2018 09:19 PM

මේ බරපතල කියන්නේ? සාමාන්‍ය එව්වා මොනවද? බරපතල එව්වා මොනවද? ටිකක් පැහැදිලි මදි?

:       0       1

Chanak Los angeles Wednesday, 17 October 2018 09:25 PM

වෛද්‍යවරයෙක් වීමට කුසලතාවය තිබුනට මනස පාලනය කරගැනීමට කුසලතාවය නොමැති වීම අභාග්‍යක්.

:       1       18

Mahee Wednesday, 17 October 2018 09:51 PM

නඩුව අහන්න ගතවුණ අවුරුදු 12 ඇතුලත කල් ක්‍රියාව කොහොමද කියල එලිවුනේ නැතුව ඇති.

:       0       0

Sanju Thursday, 18 October 2018 07:59 AM

මේ වගේ අපරාදයක් වෛද්‍යවරයෙක් කරපුවාම වෛද්‍ය සභාවේ අය මොකද කරන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 364 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 371 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 110 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1254 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 329 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 377 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site