IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


රේගුවේ බහලුම් සේවකයෝ වැඩ වර්ජනයක

(බිඟුන් මේනක ගමගේ) 

රේගුවේ බහලූම් ප්‍රවාහන ක්ෂෙත්‍රයේ සේවකයන් තම දෛනික රාජකාරිවලින් අද (9) සිට ඉවත්වන්නේ යැයි පෞද්ගලික බහාලුම් ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් බී.අයි ආබ්දීන් මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.

බහලූම් පරීක්ෂණය සඳහා භාවිත නව එක්ස් කිරණ යන්ත්‍රයෙන් සෞඛ්‍යමය තර්ජනයක් ඇති බව පවසමින් වර්ජනයේ යෙදෙන බව ඔහු කීය.

මෙම නව එක්ස් යන්ත්‍රයෙන් විශාල සෞඛ්‍යමය හානියක් හා ජීවිතමය හානියක් සිදුවන බව පෙනී ගිය බවත් මේ ගැන විවිධ අවස්ථාවලදී ඉහළ පරිපාලනයට දැනුම් දුන් නමුත් ඉන් පලක් නොවූ නිසා මෙම තීරණය ගත් බවත් යැයි බී.අයි ආබ්දීන් මහතා කීය.

මේ සම්බන්ධයෙන් පෞද්ගලික බහාලුම් ප්‍රවාහන සේවක සංගමය ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට හා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට ලිඛිව කරුණු දැනුම් දුන්නේ යැයි ද එයට පිළියම් සෙවීම සඳහා කඩිනමින් සාකච්ඡාවක් කැඳවන්නැයි ඉල්ලා සිටියේ යැයි ද ආබ්දීන් මහතා කීය.

මෙම කරුණ බහලූම් ප්‍රවාහනය කරන රියදුරන් හා රිය සහයකයන්ට විශාල බලපෑමක් එල්ලකරන්නේ යැයි ද එනිසා බහලූම් ප්‍රවාහන ක්ෂෙත්‍රයේ සේවකයන්ට හානියකින් තොරව රැකියාව කර ගැනීමට වටපිටාව සලසන්නැයි බලධාරින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ යැයි ද ආබ්දීන් මහතා සඳහන් කළේය. 



අදහස් (15)

රේගුවේ බහලුම් සේවකයෝ වැඩ වර්ජනයක

සෙනෙවිරත්න Monday, 09 December 2019 01:17 PM

දැන් ඔය යන්ත්‍රය නිෂ්පාදකයන් මෙහෙම කරාවිද? මේකෙ යටි අරමුණක් ඇති නිසැකවම, ලංකාවේ අය කටකතාවලට වැඩ කරන්න හරිම දක්ෂයි. ඒ තමන්ගේ වාසියට...

:       4       146

sena Monday, 09 December 2019 01:17 PM

නව රජය පත් වුණාට පස්සේ ඕක නැවැත්තුවා කිව්වා නේද? ඒක වෙන මැසිමක්ද?

:       0       29

mihira Monday, 09 December 2019 01:18 PM

මේ ඇමති එන්න කලින් අවුලක් තිබ්බේ නැහැ නේද? ඇමතිතුමාත් කැමැති නෑ ඕකට...

:       0       165

Ferna Monday, 09 December 2019 02:12 PM

ඇමති වැඩ පෙන්නන්නේ...

:       0       124

kumara Monday, 09 December 2019 02:16 PM

හොරාටම ගිය කලක්...

:       0       129

lankasri Monday, 09 December 2019 03:00 PM

ඇමතිට සහාය දක්වන්න බොරු වර්ජනයක් වගේ..., මේ යන්ත්‍ර ඉවත් කළොත්නේ වාසි වැඩි... ඕනේ දහජරාවක් ගේන්න පුළුවන් වෙන්නේ...

:       0       169

jine Monday, 09 December 2019 04:47 PM

මොකෝ සුදු වෑන් ගෙදරට එවන්නද? වැඩට එනවද කියලා..? විමල්, ගම්මන්පිලලා අහන්නේ නැද්ද?

:       2       30

anton Monday, 09 December 2019 05:12 PM

දී කිරට බළලුත් සාක්ෂියි

:       0       30

ලුම්බිණි Monday, 09 December 2019 11:28 PM

අලුත් ඇමති එනවත් එක්කම හදිසියේම නව එක්ස් කිරණ යන්ත්‍රයෙන් සෞඛ්‍යමය තර්ජනයක් ඇති වීම පුදුමයක් නොවෙයි.

:       0       28

Yackandandah Monday, 09 December 2019 11:54 PM

බඩු ස්කෑන් නොකරම පන්නන්න වගේ

:       0       13

Praba Tuesday, 10 December 2019 01:46 AM

අනේ කාලේ වනේ වාසේ. මෙහෙමත් රඟපෑම් මොකටද? ඔක්කොම පරීක්ෂන නවත්තලා කන්ටේනර් එලියට දාන්න. එතනෝල්, කුඩු, කොකේන් වලින් ස්වයංපෝශිත රටක් හදමු.

:       1       13

appuhami Tuesday, 10 December 2019 02:01 AM

ලෝකේ දියුණු රටවල් හැමතැනම ජාවාරම් අල්ලන්න ඔය උපකරණ තියෙනවා. රට ආපස්සට යනවා වගේ දැනෙනවා

:       0       18

appuhami Tuesday, 10 December 2019 02:03 AM

දොස්තරලත් ස්ට්‍රයික් කරයි ද දන්නේ නැහැ අපිටත් x Ray එපා කියලා.

:       0       14

chula ekanayake Tuesday, 10 December 2019 02:10 AM

මේ යන්ත්‍රය අවට හා යන්ත්‍රයේ විකිරණ ප්‍රමාණය සහ විකිරණ බලය පරික්ෂා කිරීමට ජාතික පරමාණු බලශක්ති අධිකාරිය ට පවරන්න පුළුවන් නේද? එවිට සේවකයන්ගේ සැකය දුරුවෙයි.

:       0       16

isurandi Tuesday, 10 December 2019 08:41 AM

අම්මෝ ඕවා නම් අහෝසි කරන්න එපා තව තවත් වැඩි දියුණු කරනවා මිසක් . එහෙම උනොත් නම් හොරුන්ගෙන් පිරි රේගුවක් දකින්න ලැබෙයි ඉදිරියේදී.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 184 0

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 147 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


ඇල්ල කරඳගොල්ලේ නාය යාමක් සක්‍රීය වෙයි
2024 අප්‍රේල් මස 24 131 0

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම යලි සක්‍රීය වීමත් සමඟ එම ස්ථානයේ අවට පදිංචි පවුල් 10 ක් අද (24)ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව ඇල්ල ප්‍රා


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 539 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ඉරාන ජනපති එයි
2024 අප්‍රේල් මස 24 499 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණියේය.


වීරසේන දිවුරුම් දෙයි
2024 අප්‍රේල් මස 24 263 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච් නන්දසේන මහතාගේ වියෝවෙන් පුරප්පාඩුවූ එම මන්ත්‍රී ධූරය සඳහා පත් කෙරුණු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1649 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site