IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


රූපවාහිනී වැඩසටහන නතර කළාට 80,000 ක් බැගින් වන්දි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් විකාශය කළ "ඉරා අඳුරු පට" නැමැති වැඩසටහන හදිසියේ අතරමග නතර කිරීම තුළින් එම ආයතනය එම වැඩසටහනේ ප්‍රේක්ෂකයින් වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු උවිදු කුරුකුලසූරිය ඇතුළු දෙදෙනෙකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්  සිදුකර ඇතැයි තීන්දු කළ  ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම්කරුවන් දෙදෙනාට රුපියල් 30, 000/- බැගින් වන්දි මුදල් ගෙවන්නැයි  රජයට  නියෝග කරන ලදී.

තවද  පෙත්සම්කරුවන් දෙදෙනාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන්  රුපියල් 50,000 බැගින් වන්දි ගෙවන්නැයි අදාළ පෙත්සම් වල දෙවැනි වගඋත්තරකරු ලෙස නම් කර සිටි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආරියරත්න ඇතුගල මහතාටද අධිකරණය නියෝගය කළේය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු යූ.එන්.එස්.පී. කුරුකුලසූරිය සහ ජේ.කේ.ඩබ්ලිව් .ජයසේකර යන මහත්වරුන් දෙදෙනා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක විභාගය අවසන් කරමින් ප්‍රියන්ත ජයවර්ධන සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන්ගේ එකඟත්වයෙන්  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අළුවිහාරේ මහතා  මෙම  තීන්දුව ලබා දෙන ලදී.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්  ලෙස ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව , එවකට එහි සභාපති ධූරයේ කටයුතු කළ ආචාර්ය ආරියරත්න ඇතුගල , එවකට සිටි ජනමාධ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා , හිටපු ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර , ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , නීතිපති ඇතුළු 7 දෙනෙකු නම් කරනු ලැබ තිබිණි.

පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් සඳහන් කර සිටින්නේ  2008 වසරේ නොවැම්බර් මස 4 වන දා විකාශය කෙරුණු "ඉරා අඳුරු පට" නැමැති වැඩසටහන අතරමග හදිසියේ නතර කර දැමීමට එවකට රූපවාහිනි බලධාරීන් පියවර ගත් බවයි.

මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට තිබෙන මූලික මිනිස් අයිතිය රූපවාහිනී බලධාරීන් විසින් උල්ලංඝනය කර තිබෙන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් පෙත්සම්කරුවන් සිය පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් පසුව ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙණිය යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා විසින් තීන්දු කළේ මෙම ක්‍රියාව තුළින් රූපවාහිනී බලධාරීන් පෙත්සම්කරුවන්ගේ  මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවයි.

ඒ අනුව පෙත්සම්කරුවන් දෙදෙනාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් අදාළ වන්දි මුදල් ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකාර පාර්ශව වලට නියම කෙරිණි.

 



අදහස් (1)

රූපවාහිනී වැඩසටහන නතර කළාට 80,000 ක් බැගින් වන්දි

Sunil Milano Thursday, 18 February 2021 08:34 AM

මේ මහත්වරුන් තවමත් ජීවතුන් අතරද?

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 232 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 207 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 61 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 269 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 222 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 841 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1626 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site